ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එහි පාලන අධිකාරිය වෙත දැනුම් දී ඇත.
ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කමිටුව විසින් පාලන අධිකාරිය ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
Discussion about this post