නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නව රජයේ ඇමතිවරුන්ට වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලබා ගැනීමෙන් වැළකී සිටින බව ට අග්‍රමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමග ඇමති ධුර බලාපොරොත්තුව සිටි බොහෝ දෙනෙක් එම අදහස ඉල්ලා අස්කරගෙන තිබුණු බැවින් අවසන් මොහොතේදීත් අර්බුදයක් නිර්මාණය වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය.
ඇමති මණ්ඩලය තෝරා ගැනීමට මේ තරම් කලක් ගතවූයේ එක්වීමට සූදානම් බව කී මහජන නියෝජිතයන් අවසන් මොහොතේ එකඟතා වෙනස් කිරීම බව ද එම ආරංචි මාර්ග කීවේය.
ඇමතිවරුන් ලෙස පත්වීමට එකඟත්වය පල කළ බොහෝ දෙනෙක් අද දිවුරුම්දෙන ඇමති මණ්ඩලයට ඇතුළත් නොවන බව ද එම ආරංචි මාර්ග පැවසුවේය.