මින් ඉදිරියට ඉන්ධන ලබා දීමේ දී යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සඳහා උපරිමය රුපියල් දෙදහසකට (2000) යටත්වත්, කාර් වෑන් ජිප් ඇතුලු අනෙකුත් රථ වාහන සඳහා රුපියල් අට දහසකට ( 8 000) පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස ඛණිජතෙල් නීතිගත සංසථාව ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම සීමා කිරීම බස් රථ සහ අනෙකුත් වාණිජ කටයුතු සඳහා භාවිතා කෙරන ඩීසල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී අදාල නොවන බවත් එම සංස්ථාව දන්වයි.
බූලිවලට, කෑන් වලට හෝ වෙනත් භාජනවලට ඉන්ධන ලබා දීම සම්පූර්ණයෙන් නවත්වා ඇති බවත් සංස්ථාව දන්වයි.
ඉන්ධනහල්වල ඉන්ධන තොග අනිසි ලෙස රඳවා ගැනීම නීති විරෝධී බව දක්වන සංස්ථාව ඒ සම්බන්ධව ද ඉන්ධනහල් හිමියන් දැනුම්වත් කර ඇත.
මෙම රාමුවෙන් පිට කටයුතු කරන ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බව ද සංස්ථාව දන්වා සිටී. මෙම නීති කඩ කළ මාකොල දකුණ, නාල්ල, කැලණිය -පෙතියාගොඩ, සහ මීරිගම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිඩුවා ඇතැයි ද සංස්ථාව කියයි.