සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිංගික අප්‍රාණිකත්වයේ මිත්‍යාව පිළිගෙන බූස්ටර් එන්නත මගහරින කොළඹ මිනිස්සු!

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  රුවන් විජේමුණි කියන කතාව....

by editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වමින් ඇත. දෙලක්ෂ පනස් දහසකට එන්නත් දීම අපේක්ෂා කළත් ඉන් පහෙන් එකක්වත් එන්නත්කරණයට පැමිණ නැත. ඔමික්‍රෝන් පිළිබඳ බරපතල අවදානමකට රට විවෘතව තිබෙද්දී, ඊට මුහුණ දීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැදගත්කම ලෝකයම පුන පුනා කියද්දී කොළඹ මිනිස්සු තෙවන මාත්‍රාව ප්‍රතික්ෂේප කරති.  එසේ වන්නේ ඇයි?.  කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  රුවන් විජේමුණිගෙන්  ලංකසර කළ විමසුමකදී ඔහු ලබා දුන් පිලිතුරු පහත දැක්වේ. 

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි..

ප්‍රශ්නය – කොළඹ නගරයේ බුස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව දක්වන උනන්දුව කොයි වගේද?

පිළිතුර – ඇත්තෙන්ම අපි හිතුවට වඩා ජනතාවගේ උනන්දුව මන්දගාමීව තමයි සිදුවෙන්නේ. 

ප්‍රශ්නය – මන්දගාමීව කියලා ඔබ අදහස් කළේ කුමක්ද?

පිළිතුර – කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි පුරවැසියන් දෙලක්ෂ පනස් දහසකට  බූස්ටර් එන්නත ලබා  දෙන්න අපි ඉලක්ක කළා. නමුත් මේ වන විට එන්නත ලබා ගෙන තියෙන්නේ 45000ක් වැනි පිරිසක් විතරයි‍.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – බූස්ටර් එන්නත කියලා ලබා දෙන්නේ ෆයිසර් එන්නත. පසුගිය කාලයේදී කොළඹ නගරයේ වයස අවුරුදු 20 – 30 අතර තරුණ කණ්ඩායම් ෆයිසර් එන්නත ලබා දෙන්නම කියලා ඉල්ලීම් කලා. ඒත් දැන් බූස්ටර් එන්නත විදිහට ෆයිසර් එන්නත ලබා දීමේදීත් ඔවුන් එය ලබා ගැනීමට  වැඩි කැමැත්තක් නොදක්වන්නේ ඇයි?

පිළිතුර – මම හිතන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු තරුණ කණ්ඩායම් අතරට ගියා. මේ අසත්‍ය තොරතුරුවලට ඔවුන් රැවටීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ එන්නත ලබා ගත්තාම ලිංගික අප්‍රාණික බව ඇතිවෙනවා කියන අසත්‍ය ප්‍රවෘත්තිය ඔවුන්ගේ සිත් තුළ තදින්ම කාවැදෙන්න ඇති. 

ප්‍රශ්නය-  ලෝකයේ බොහෝ රටවල් වල මේ වන විට ඔමික්‍රෝන් වයිසරය පැතිර යනවා.  ලංකාවේදී ආසාදිතයනින් 4 දෙනෙකු හමුවුණා. මෙවැනි වටාපිටාවක් තුළ බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම භයානක තත්ත්වයක් වෙයිද?

පිළිතුර – අපිට හමුවුණේ ආසාදිතයින් 4 දෙනා වුණාට සමාජයේ තවත් බොහෝ පිරිසක් අනිවාර්යයෙන්ම සිටිනවා ඇති.  මේ වයිරසය ඉතාමත් සීග්‍රයෙන් පැතිර යනවා. බූස්ටර් එන්නත මගින් ආසාදිත වුණත් මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් දැකගන්න පුලුවන් වෙනවා. අපි ඒකයි කියන්නේ ජනතාවට බූස්ටර් එන්නත ලබා ගන්න කටයුතු කරන්න කියලා . 

මරණ අඩු වුණත් ආසාදිතයින් හිතාගන්නවත් බැරි ලෙස වැඩිවෙනවා කියලා එංගලන්තයේ සෞඛ්‍ය ඇමතිනිය පවා ප්‍රකාශ කරලා තියෙනවා. අනික ඉදිරියට පැමිණෙන්නේ උත්සව සමය. මේ කාලයේදී අපේ ජනතාව සාප්පු සවාරි යනවා. විවිධ උත්සව ප්‍රසංග සංවිධානය කරනවා. ඒ නිසා බූස්ටර් එන්න ලබා ගැනීම ඉතාමත් වැදගත් කියලයි මම කියන්නේ.

ප්‍රශ්නය –  ඔබ පැවසූ පරිදි සමාජයේ මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි නම් ඇයි සෞඛ්‍ය නීති රීති ලිහිල් කිරිමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කළේ?.

පිළිතුර – සෞඛ්‍ය පමණක් නොවේයි,  අපි අපේ රටේ ආර්ථික ගැනත් හිතන්න අවශ්‍යයයි. මේ වන විට රටේ ආර්ථිකය හොඳටම කඩාගෙන වැටිලා. මම හොදින්ම  දන්න කාරනයක් තමයි කොළඹ නගරයේ හෝටල් වල , පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල සේවය කළ  තරුණ තරුණියන්ට අද රැකියාව අහිමිවෙලා තියෙනවා. ඒ අය බුරුතු පිටින් විදේශ ගත වෙනවා. සංචාරකයින් අපේ රටට එනවිට ඔවුන්ට සේවය සපයන්න අපේ රටේ පුහුණු තරුණ කොටස් නැතිවෙනවා. 

අපිට විශාල ගැටලුවකට මෙහිදී මුහුණපාන්න වෙනවා.  මෙහිදී  ජනතාව දැන ගත යුතු කාරණය තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරන ගමන්ම බූස්ටර් මාත්‍රාවත් අරගෙන ආරක්ෂා වෙන්න. මෙහෙම සෑම කෙනෙක්ම ආරක්ෂා වෙනවා නම් රෝගය පැතිරෙන්න ඉඩක් නැහැ.

ප්‍රශ්නය –  එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් බූස්ටර් එන්නත ලබා ගන්න කොතරම් දිනක් බලා සිටිය යුතුද?

පිළිතුර – අනිවාර්යයෙන්ම මාස 6ක් ගත විය යුතුයි. මොකද රෝග ලක්ෂණ පෙන්වමින් රෝගය සෑදුණේ නම් එවැනි පුද්ගලයෙකුගේ සිරුරේ කොවිඩ් වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙනවා. ඒ ප්‍රතිදේහ හීන වෙන්න අවම වශයෙන් මාස 6ක කාලයක් වත් ගතවෙනවා. හීන වෙන කාලය ට අනුව බූස්ටර් එන්නත ලබා දුන්නාම නැවත සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගෙනවා.

ප්‍රශ්නය –  කොළඹ නගරයේ බූස්ටර් එන්නත ලබාදෙන දින වකවානු වෙන්කර තිබෙනවාද?

පිළිතුර – මේ මාසය අවසන් වෙන තෙක් දිපතා ස්ථාන 6ක අපි බූස්ටර් එන්නත ලබා දීමට කටයුතු කරනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිස්ත්‍රික් පහක රෝහල්වල වෛද්‍යවරු හෙට වැඩ වරති – කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානත් අක්‍රීය වේවි!

Next Post

පොදු ස්ථාන ප්‍රවේශයට ජනවාරි 01 දා සිට එන්නත් කාඩ්පත අනිවාර්යයි – සංචාරක ඇමති

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.