fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම වැඩ බලන සාමාන්‍යාධිකාරී යුගදනවි රහසිගත ලියකියවිලිවට අත්සන් කරලා ! ඉංජිනේරුවන්ගෙන් චෝදනාවක්

මාස 4ක් ago
in පුවත්
476 4
0
Share on FacebookShare on Twitter

නව සාමාන්‍යාධිකාරීවරයකු පත් කරනතෙක් පත් වූ ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා  ඊයේ   (21) කාර්යාලයට පැමිණ යුගදනවි නිව්ෆෝට්‍රස් ගනුදෙනුවට අදාළ රහසිගත  ලියකියවිලි කිහිපයකට අත්සන් කළ බවත් අලුතින් ඉංජිනේරුවන් පනස් දෙනකු මණ්ඩලයට බඳවා ගැනීමට අදාළ ලේඛනයකට අත්සන් කළ බවත් තමන්ට දැන ගන්නට ඇතැයි   ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ  පවසයි.

විදුලි බල මණ්ඩල පනතට අනුකූල නොවන අයුරින් සහ වැඩ බලන සාමන්‍යධිකාරීවරයකු පත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් උපදෙස්වලට අනුකූල නොවන අයුරින් තාවකාලිකව පත් කරන ලද මෙම සාමන්‍යාධිකාරීවරයා මේ අයුරින් සාමාන්‍යාධිකාරීවරයාගේ බලතල භාවිත කරමින් තීන්දු තීරණ ගැනීම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල බව  තහවුරු කිරීමේ උපක්‍රමයක්  බව එම සංගමය පවසයි.

ඊයේ දිනය තුළදීම මෙම සාමාන්‍යාධිකාරීවරයා මණ්ඩලයේ වාර්ෂික මාරුවීම් ලේඛනය සඳහාද සිය අත්සන යොදා ඇති බව සඳහන් වේ.  ඔවුන් පෙන්වා ‍දෙන්නේ මතභේදාත්මක යුගදනවි නිව් ෆෝට්‍රස් ගිවිසුමේ සාක්ෂිකරුවකු ලෙසින් ද ඔහු අත්සන් තබා ඇති පුද්ගලයකු වීමය.

මෙම ගිවිසුම අත්සන් කරන කාලයේ විදුලි  බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ඔහු කටයුතු කළ අතර කලක් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කොට වස අවුරුදු 60 ඉක්මවීමෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙකි.

විදුලි බල පනතට අනුව දැනට සාමාන්‍යාධිකාරී තනතුරට පත් කිරීමට වැඩිම සුදුසුකම් ලත් පුදගලයා ලෙස ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ ආචාර්ය රොහාන්ත අබේසේකරයි. ඔහු දැනට අතිරේක සාමාන්‍යාධිකාරීවරයකු ලෙසින් කටයුතු කරයි.

ඊයේ (21) සවස හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැසවීමක් කැඳවා තිබුණද මෙම රැස්වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.සී ෆර්ඩිනැන්ඩු    පැමිණ නැති අතර  පවතින තත්ත්වය සහ විදුලි ඉංජිනේරුවන් විසින් සාමාන්‍යාධිකාරිවරයා පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පවතින පසුබිමක් තුළ ඒ පිළිබඳව නොසලකා විදුලි බල සභාපතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කරන එම සංගමය මේ තත්ත්වය මත ලබන සඳුදා සිට තම අකුරට වැඩ කිරීමේ වෘත්තීය පියවර දෙවන අදියර දක්වා ව්‍යාප්ත කරන බවට ඊයේ තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සඳුදා සිට ඉහළ කළමනාකාරීත්වය සමඟ රාජකාරී මට්ටමේ කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කරති.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

විශාඛා විදුහල්පති තේරුව හැටි වැරදියි….  තනතුරුවලට සුදුසුකම් හා පළපුරුද්ද ඇති අයම පත්කරන්න…

Next Post

කැපෙන්න පුලුවන්… කැපුවොත් කපන්නෙ දන්වලා… ලංවිම  

Related Posts

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

by editor
මැයි 21, 2022
0

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist