නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් ව්‍යාපෘතියකි.
අමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක්වන මෙය නුවරඑළියේ ක්‍රියාත්මක අතර රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට ද සුවිශේෂී ආයෝජනයක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.
නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසරයේ චමත්කාරය විඳගැනීමටත් ඉහළ අහසේ සිට නැවුම් අත්දැකීමක් ලබාගැනීමටත් අවස්ථාව උදාකරදීම මෙහි මූලික අරමුණය.
ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වනවිට සකස් කර තිබේ.







