ඊසානදිග මෝසම ස්ථාපිත වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළිත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට හා මතලේ දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති වේ.
එසේ ම සවස හෝ රාත්‍රී කාලයේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
අකුණු අනතුරු, ක්ෂණික ව සීමිත ප්‍රදේශයකට බලපාන පරිදි ඇති වන තද සුළං ආදියෙන් මේ කාලයේ අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ ව විමසිලිමත් විය යුතු වේ.







