සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ තණතිලි මත එංගලන්තය අසරණ  කරමින් මතුවුන ” තරගයේ වීරයා “…

by editor
ජනවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අප රටක් ලෙස සිටියේ ජයග්‍රහණය පිලිබඳ පිපාසයකිනි.  ක්‍රිකට් ගැහිල්ල කෙසේ වෙතත් ක්‍රිකට් බැලිල්ල අප්පිරියාවන තැනට  වැඩ හැදී තිබුණු මෑත අතීතයේ අමිහිරි මතක යන්තමින් අමතක කර සිනාසෙන මිනිස්සු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් පිටවී එනු දුටුවෙමු.

එංගලන්තය සමග පැවැත්වෙත තරග තුනකින් යුතු එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 19කින් ශ්‍රී ලංකා කණ්ඩායම දිනුම්ය.  ලකුණු 271 ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 252කට සීමා වූයේය.

වීරයෙක් මතුවීම

මේ තරගයේ දුටු විශේෂ සිද්ධිය වෙල්ලාලගේ මතුවීමය. තරගයේ වීරයා ඔහුය. ඇත්තටම ඒ වීරත්වය ක්‍රිකට් ලෝලීන් ලෙස නිර්ලෝභීව අගය කළ යුතුව තිබේ.

මක් නිසාද යත් මෑතක දී  අපේ රටේ  තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස අප බොහෝ විට දැක්කේ පන්දුවට පහර දෙන්නත් බැරි පන්දු රකින්නත් බැරි,  පන්දු යවනවිට ලොරි ගුටි කන එලොවටත් මෙලොවටත් නැති හිපාටුවන්ය. තුන් ඉරියව් ක්‍රීඩකයින් කවුදැයි රවී රත්නායකලා,  සනත්ලා, රුවන් කල්පගේ ලා ක්‍රිකට් ගහන කාලයේ ක්‍රිකට් බැලූ උන් දැනගෙන සිටියත් මෑත කාලයේ පොඩි උන් හරියටම දැනගෙන හිටියේ නැත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු කවරෙක්දැයි අපේ ක්‍රිකට් බලන පොඩි උන්ට වෙල්ලාලගේ පාඩමක් ලෙස කියා දුන්නේය.  ඇත්තටම මේ පොඩි එකා සුපිරියෙකි.  අවසාන මෙහොතේ අවසාන පන්දු ඕවරයේ  හතරේ පහර තුනක් සහ හයේ පහරක් එල්ල කරමින්   පන්දු 12ක් තුළ ලකුණු 25ක් ලබාගත් වෙල්ලාලගේ ගේ ප්‍රහාරය නොවන්නට මැච් එක අපි පරාදය.

ඔහු ඉහළ පන්දු යැවීමක නිරත  විය. ඒ පන්දු යැවීම නොවන්නටත් අපි පරාදය.  පන්දු ඕවර 10 තුළ දුනිත් ලබා දුන්නේ ලකුණු 41කි. ඔහු කඩුළු 02ක් ලැබුවේය.  සෑම් කරන් දවා ගැනීමට පන්දු යවමින් ලබා ගත් උඩපන්දුව මෙන්ම පිටිය දෙවන්ත කරමින් සිටි රෙහාන් අහමඩ්,  වැනඩර්සේ යවමින් සිටි  45 වැනි ඕවරයේ 05 වැනි පන්දුවට  එල්ල කළ හයේ පහර අති විශිෂ්ට පන්දු රැකීමකින් පසු  උඩපන්දුවක් කරගත් ආකාරය අමතක නොවන ලෙස  ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ  ක්‍රිකට් ඉතිහාසය තුළ ලියැවී තිබෙන බව කිව යුතුව ඇත. ඒ පන්දු රැකීම නොවේ නම් ඒත් අපට ජයග්‍රහණ ගිලිහෙන්නට තිබිණි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු පන්දුවට පහර දීමෙන් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් තරග දිනවන ක්‍රීඩකයෙක් බව යළිත් අපට සිහි කර දුන් වෙල්ලාලගේ ක්‍රිකට් අනාගතය ගැන බලාපොරොත්තු සහිත සිහිනයක් අප ඉදිරියේ තැබුවේය.

එංගලන්තයට වෙච්චි දේ

අළු බඳුන තරගාවලියේ (Ashes) අසීරු අත්දැකීම්වලින් පසුව මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ Bazball  ක්‍රීඩා විලාසය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ කුඩු වී ගියේය. Bazball ක්‍රීඩා විලාශය යනු එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම්  පත් වූ පසු  බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වය යටතේ ඔවුන්  ටෙස්ට් තරගවලදීත්, අනතුරුව එම අත්දැකීම එක්දින තරගවලදීත් මුදාහරිමින් දියත් කළ නව ආක්‍රමණශීලී පිතිකරණ ප්‍රවේශය ය.  අවදානම ගෙන ජයග්‍රහණය සඳහා ක්‍රීඩා කිරීම  Bazball ක්‍රිකට් ලෙස හැඳින්වූයේ මැකලම්ගේ සුරතල් නාමය” Baz “ වූ බැවිනි.  එහෙත් එංගලන්තයේ Bazball ක්‍රීඩා විලාශය අද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ අයුරු ලෝකය දුටුවේය.

කාසියේ වාසිය ලබා ගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට ලබා දුන්නේ . ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයකි.  එය ලබා ගත නොහැකි  ජයග්‍රහණයක් නොවේ.  එම ඉලක්කයක් හඹාගිය එංගලන්තය අතරින් පතර දක්ෂතා ප්‍රකට කළද, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සිව්දෙනා සාමූහිකව කඩුලු 6ක් දවාගනිමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කළහ.

එංගලන්තයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන්  ජෝ රූට් සහ බෙන් ඩෙකට් බලාපොරොත්තු සහිත සම්බන්ධතාවයක් ගොඩනැගූහ. දුටුවේ ඉවසිලිවන්ත  හඹා යෑමකි.  දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සම්බන්ධයක් ගොඩනැගිනි. බෙන් ඩකට් ලකුණු 62කි. ජෝ රූට් ලකුණු 61කි.  මුල් කඩුල්ල ලකුණු 12 දී බිඳී යන්නේය. දෙවැනි කඩුල්ල ලෙස බෙන් ඩකට් දැවී යන්නේ ලකුණු 129 දී ය. එහෙත් තරගය පාලනය කළේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසිනි.

ඉලක්කය හඹායාමේදී එංගලන්තයේ ලකුණු වේගය පන්දුවාරයකට ලකුණු 5කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. කලක් ප්‍රහාරාත්මක පිතිකරණය සිය සන්නාමය කරගත් එංගලන්තය, මෙවර දකුණු ආසියානු තණතිලි මත සිය දශක ගණනාවක පැරණි දුර්වලතා යළිත් ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය:

කුසල් මෙන්ඩිස් වියළි  කෙත්තාරාම තණතිල්ල මත ශ්‍රී ලංකා ඉනිම පුරා රැඳී නොදැවී සිටියේය. ඔහු ශතකය අත්හැරියේය. නොදැවී ලකුණු 93ක් ලැබුවේය. හතරේ පහර 11ක් සමග පන්දු 117ක් තුළ ඔහු දැක්වූ පරිනත පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායම  අඛණ්ඩ ස්ථාවරත්වයක රඳවා තැබුවේය.

දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ දක්ෂ ලෙස පන්දු යැවූ නමුත්, ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පදනම වැටුණේ පිතිකරුවන්ගෙනි. නොදැවී ලකුණු 93ක් රැස් කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වූ අතර, ජනිත් ලියනගේ (46) සහ අවසාන මොහොතේ වේගවත් ලකුණු 25ක් රැස් කළ දුනිත් වෙල්ලාලගේ ඉනිමට ශක්තියක් වූහ.

තීරණාත්මක අවසානය

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 271ක එකතුව දැවැන්ත ඉලක්කයක් නොවූවත්, කෙත්තාරාම ක්‍රීඩාංගණය ලකුණු හඹායාමට අසීරු තණතිල්ලක් ලෙස ප්‍රකටය. ජේමි ඕවර්ටන් අවසාන මොහොතේ එල්ල කළ ප්‍රහාර එංගලන්තයට සුළු බලාපොරොත්තුවක් ගෙන ආවද, පන්දුවාර 40ක් අවසන් වන විට තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතු වී තිබුණි. ඒ වන විට එංගලන්තයට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 10කට වඩා අවශ්‍ය වී තිබුණි.

අවසාන පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍ය වූ මොහොතේ, ඕවර්ටන් පළමු පන්දුවට ලකුණක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර දෙවන පන්දුවේදී දැවී යාමත් සමඟ එංගලන්තය සපුරා බිඳවැටුනේය.

ඉතාම වේදනාත්මක අත්දැකීම් ලබමින් අසුබ කාලයක් පසුකරන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කිරීමේ වගකීම ඇත්තේ ද ක්‍රීඩකයින්ටය. මේ තණ තීරුවල ඉතිරි එක්දින තරග දෙක සහ ලෝක කුසලානයට පෙර පැවැත්වෙන විස්සයි 20 තරග තුළ ඔවුන් සිය දුර්ග සමය පසුකරනු ඇතැයි  ලෝකය බලාපොරොත්තු වේ.

අපේ බලාපොරොත්තුව එළඹෙන විස්සයි 20 ලෝක ශූරතාව හිමි කරගැනීමට අවශ්‍ය පදනම මේ තරග පෙළ ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අත්පත් කර ගැනීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහා දැනුමකට ප්‍රවේශ සපයමින් අපේ රටේ පළමු කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට!

Next Post

GMOA පැය 48ක  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරයි… විසඳුම් නොලැබුනොත් අඛණ්ඩ වර්ජනයකට යන බවට රජයට දන්වයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.