ශ්‍රියානි විජේසිංහ –
Culex (Lophoceraomyia) cinctellus නැමැති මදුරු විශේෂයක් මිරිගම ගම්පහ සහ කලුතර ප්‍රදේශයන්ගෙන් හමුවූ බවත් මෙම විශේෂය බරවා රෝගය බෝකරන මදුරුවාට බොහෝ දුරට සමාන බවත් . සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේකර සඳහන් කරයි..
මෙම මදුරු විශේෂය මිනිසුන්ගේ රුධිරය උරා බොන නමුත් මිනිසාට රෝග බෝකරන වාහකයෙක් ලෙස ක්‍රියාකරන බවට තවමත් තහවුරු වී නොමැති බවත් ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරමින් බවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය ..
මේ මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන .අතර මිනිසුන්ගේද රුධිරය උරා බොන බවත් ඒ සවස 6න් පසුව බවත් පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ඔහු කීවේය.
මේ මදුරු විශේෂය ඉන්දියාවේ සහ තායිලන්තයේ වාර්තා වී ඇතැයිද පැවසේ.
මෙම මදුරු විශේෂය පරිසරයෙන් සොයා ගත්තද මදුරුවා බිත්තර දමන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද බිත්තර දමන ස්ථානයන් සොයාගැනීමට තවදුරත් පර්යේෂණ පැවැත්වෙන බව ද හෙතෙම පවසා සිටියි.
මෙම මදුරු විශේෂයේ ජානමය විශ්ලේෂණයන් සඳහා දකුණු කොරියාවේ රසායනාගාරයක් වෙත යැවීමට කටයුතු කළ අතර ඒ සඳහා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තාරක රණතුංග සහ වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ළහිරු උදයංගගේ සහය හිමිවී ඇත..
කැළණි විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ ශුද්ධ හා ව්‍යහාරික විද්‍යා ව පිලිබඳ අන්තර්ජාතික සමුළුවේදී මෙම පර්යේෂණ පත්‍රිකාව එළිදැක්වූ බවද හෙතෙම පැවසීය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 4ක් පිළිබඳව පර්යේෂණාත්මකව තහවුරු කර ගැනීම් මේ දිනවල සිදුකරන නමුත් රටේ පවතින ආර්ථික වටාපිටාවත් සමග පර්යේෂණ කටයුතු ඇනහිට ඇතැයිද නජිත් සුමනසේන කීවේය.
මෙම පර්යේෂණ කටයුතු නලීන් ජයසිංහ , ප්‍රමිත රංගන සහ ගයන් ශ්‍රී කුමාරසිංහ යන කීට විද්‍යා නිලධාරීන් මෙහෙයවනු ලබයි.







