බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට ඇමරිකාවෙන් ලැබුණු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් (360 ER) නව නිරීක්ෂණ ගුවන් යානයේ විත්තිය!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදෙනු ලැබු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරික්ෂණ ගුවන් යානා සංචිතයට එක්වන නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range} වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය ඊයේ (10) කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ගුවන් හමුදාව වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබුවේය.

මේ අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිණි ජුලී චන්ග් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදා‌‌වේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් එක් විය.ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (No 3 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව මෙම නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360 ER) ගුවන් යානය ගුවන් හමුදා සම්ප්‍රදායානුකූලව ජල අචාරය (Water Salute) සිදුකරමින් පිළිගනු ලැබු ලැබිය.

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදෙනු ලැබු මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER) නිරික්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර දීමේ සහ භාර ගැනීමේ ලේඛනයන් සඳහා ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදා‌‌වේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අත්සන් තබන ලදි.ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමුද්‍රිය නිරික්ෂණ වර්ගයේ ගුවන් යානාවක් ලබා ගැනීම පිළිබද අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන් යානයක් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදිම කැමැත්ත ප්‍රකාශකරන ලදි.

බහු කාර්ය ගුවන් යානාවක් ලෙස කටයුතු සිදු කිරිමට හැකියාව ඇති බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER ගුවන් යානය පිළිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ගුවන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේදි අධ්‍යනය හා පුහුණුව ද ලබා ඇති අතර මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත එක් ගුවන් ගමනකදි නාවික සැතපුම් 1450 දුරක් ගමන් කිරිමේ හැකියාවක් ඇති නවින නිරික්ෂණ ගුවන් යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය ඇමරිකාවේ Textron Aviation ගුවන් සමාගමේ නිෂ්පාදනයක් වේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දමිතට වෙච්චි වැඩේ… නාමයෝජනා ලයිස්තුවෙන් අන්තිම මොහොතේ නම හලලා… රත්නපුරේ ගිය දමිතා හිස් අතින් එයි…

Next Post

වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 31ක් පාඩු කළ හිටපු සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව විමර්ශන නැවතිලා… විගණනය හේතු විමසයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.