බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල්ගත වෙන්න දරුවාට පහර දුන් රම්මුදුවැව විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක නෑ… දේශපාලන බලපෑමක් නිසාදැයි සැකයි… මව මානව හිමිකම් යන්න සූදානම්!

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
panishment
Share on FacebookShare on Twitter

සූරියවැව විශේෂ –

සූරියවැව රම්මුදුවැව විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්  සිදුකළ අමානුෂික දඬුවමක් හේතුවෙන් දින අටක් තිස්සේ සිය දරුවාට රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත්,මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් සිදුකළද සූරියවැව පොලිසිය විසින් මෙතෙක් එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් ඉටු නොකර පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවත්  සිසුවාගේ මව ප්‍රකාශ කරයි.

මෙලෙස පහර කෑමට ලක්ව හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ලබමින් සිටින්නේ සූරියවැව රම්මුදුවැව විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ මව වන 36 හැවිරිදි  හෙට්ටි ආරච්චිලාගේ උදේනි උපේක්ෂා කියන්නේ මෙවැන්නකි.

“පසුගිය 18 වන දින මගේ දරුවා පාසල් ඇරී නිවසට පැමිණ පසු තරමක අසනීපයෙන් සිටිනු දක්නට ලැබුණා. මම ඒත් දරුවගෙන් ඇහුවා මොකද කියල. නමුත් දරුවා මොකුත් කිව්වේ නෑ. කොහොම හරි හවස් වෙනකොට දරුවා කිව්වා අම්මේ මට කැරකැවිල්ල වගේ. නැගිටලා ඉන්න අමාරුයි කියලා. පුතාට ගොඩක් අමාරු වගේ  හින්දා මම ඒ වෙලාවෙම දරුවා ප්‍රතිකාර සඳහා තනමල්විල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියා. ඒ යන අතර වාරයේදී මම දරුවගෙන් ඇහුවා මොකද වුනේ කියලා. එහිදී දරුවා මට කිව්වා මම ඉස්කෝලේ ඩෙස්ක් එකකට අතින් තට්ටු කරමින්  සිටි බවත් පසුව වේවැලෙන් කකුල් දෙකට ගසා කන හරහා ද පහරක් ගැසූ බව කීවා.

ඒ අනුව මම දරුවා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු එහි වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර එම අවස්ථාවේදීම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යැවුනා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් මම 19 වන දින සූරියවැව පොලිසියට ගොස් පැමිණිල්ලක්ද සිදු කළා. දරුවාට මෙම සිද්ධිය වුණේ පසුගිය 18 වන දින. දරුවා දින 08ක් රෝහලේ නේවාසිකට ප්‍රතිකාර ලබලා  25 වෙනිදා තමයි ටිකට් කපලා   ගෙදර ආවේ. ඒත් දරුවා තවම කම්පනයෙන් ඉන්නේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහෙම තියෙද්දිත් මම සූරියවැව පොලීසියට සිදු කළ පැමිණිල්ලට සූරියවැව පොලිසිය මේ වෙනකම් කිසිදු සාධාරණයක් සිදු කළේ නෑ. ඇය ප්‍රකාශ කළාය.

පොලිසිය මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් නොකරන්නේ විදුහල්පතිවරයාගේ බිරිය සූරියවැව ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරියක වීම නිසා බව ද ඇය චෝදනා කළාය.

සිද්ධිය සම්බන්දයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාළ විදුහල්පතිවරයා සූරියවැව ප්‍රාදේශීය සභාවේ මීගහජදුර කොට්ටාසයේ මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා බවත් ඔහු සූරියවැව රන්මුදුවැව විද්‍යාලයේ  විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන බවත්ය. සිද්දියට අදාළව විදුහල්පතිවරයා සූරියවැව පොලීසයට කැඳවා ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන ඇතිබවද වාර්තා වීය.

මේ පිළිබඳව අප සූරියවැව පොලීසියෙන් කළ විමසීමකදී එහි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරවීර ප්‍රකාශකලේ නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත චක්‍රලේකයක් මගින් දැනුමදී ඇත්තේ ගුරුවරයෙකු විසින් සිසුවෙකුට සිදුකරන පහරදීමකදී තත්වය බරපතල නොවන්නේ නම් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන ලෙස බවය.

තමන් මේ පිළිබදව සොයා බැලීමේදී දරුවාට එවැනි හානියක් සිදු වී නොමැති බවට වාර්තා වූ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ළමාරක්ෂන අධිකාරියටද ජනාධිපති වරයාටද පැමිණිළි කිරීමට පියවර ගන්නා බව පැවසුවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ කතාව බොරුවක්… ව්‍යාජ ඊ මේල් එක එවූ පුද්ගලයා සොයා පොලිස් විමර්ශන අරඹයි!

Next Post

අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සක්‍රීය කරනවා… ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පොරොන්දුවක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.