අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහලට ගෙන යනවිටත් ෂාෆ්ටර් මිය ගිහින් … වෛද්‍ය වාර්තා තහවුරු කරයි…

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මොළය මිය ගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවල සඳහන් වූයේ  ෂාෆ්ටර්  රෝහලට ගෙන යන අතරමගදීත්  අවසන් හුස්ම හෙළමින් සිටි බවය.

වෛද්‍ය වාර්තාවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් රෝහලට රැගෙන ආ විගස ඔහුගේ හදවත පණ ගැන්වීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත් නමුත් එම උත්සාහයන් අසාර්ථක වී ඇත.  ඉන් අනතුරුව එදින රාත්‍රියේ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇති බවට තීන්දු කෙරුණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් පමණක් බවය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අධිකරණ වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුගේ නිවසේ තිබී ඔහුගේ ගෙල සිරකර ඝාතනය කිරීමට යොදාගත් වයර් වර්ගයට සමාන වයරයක් සහ ඔහුගේ දෑත් බැඳීමට යොදාගත් ආකාරයේ “සිප් ටයි“ කිහිපයක්ද සොයාගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මතය විමසා තිබූ බව වාර්තා වන්නේ මෙවැනි පසුබිමකදීය.

කෙසේ වෙතත්  එම ස්ථානයේ තිබූ අධිකරණ වෛද්‍ය සාක්‍ෂි විනාශ වී ඇති බැවින් දිනේෂ් ෂාෆ්ටර් ගෙල සිරකර මරා දැමුවේද නැතහොත් ඔහු සියදිවි නසා ගත්තේද යන්න විද්‍යාත්මකව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරීන් සඳහන් කර ඇත.

වාර්තා වන අන්දමට ෂාෆ්ටර්ගේ එක් ආයතනයක අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂ් පෙරේරා විසින් පොදු සුසාන භූමියේ සිට කොළඹ රෝහල වෙත ෂාෆ්ටර්  රැගෙන ගොස් ඇත.  එබැවින් එම ස්ථානයේ තිබූ සාක්ෂි විනාශ වී ඇති හෙයින් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කළේද, එසේත් නැතිනම් එය සියදිවි නසාගැනීමක් ද යන්න විද්‍යාත්මකව තීරණය කිරීම දුෂ්කර වී තිබේ.

මෝටර් රථයේ ඉදිරිපස අසුනට දිනේෂ් ෂාෆ්ටර් ගෙල සිර කිරීමට යොදාගත් වයරය පිටුපස අසුනේ තිබී හමුවී ඇත.

යම් පුද්ගලයකුගේ ගෙල දිගින් දිගටම එලෙස වයරකින් තද කළහොත් මොළයට රුධිර ගමනාගමනය අවහිරවන බව විශේෂඥ වෛද්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

දිනේෂ් ෂාෆ්ටර් මිය යාමට ටික වෙලාවකට පෙර බොරැල්ල මලලසේකර මාවතේ පිහිටි අවන්හලකින් කෙටි ආහාරයක් මිලදි ගෙන තිබූ බව   පොලිසිය පවසයි.  පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එම ආහාර වේලෙහි අන්තර්ගතය අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් වන්නේ එදින නිවසින් පිටව ගොස් විනාඩි 30ත් 40ත් අතර කාලයකදී දිනේෂ් ෂාෆ්ටර් මොළය මිය ගිය තත්ත්වයකට පත්ව ඇති බවයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය බොරැල්ල පොලිසියට පවසා ඇත්තේ තම සැමියා දහවල් 1.55 ට නිවසින් පිටව ගිය බවය.
එම වේලාව නිවැරදි නම් වෛද්‍ය  වාර්තාවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් ඇත්තේ පස්වරු 2.35 ය.

කෙසේ වෙතත්, හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හෙළි කළේ තමාට දිනේෂ් ෂාෆ්ටර්ගෙන් WhatsApp පණිවිඩයක් ලැබුණේ පස්වරු 2.42 ත් 2.43 ත් අතර බවය.

මෙමගින් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳව සැක මතු වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍යය  පවසා ඇත්තේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් ලෙස රහස් පරීක්ෂකයින් විසින් විමර්ශනය කරන අතර විවිධ ඉඟි ලුහුබඳින බවය.

කෙසේ වෙතත්, රහස් පරීක්ෂකයින් තවමත් සැකකරුවෙකු නම් කර නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ සහ හිටපු සභාපතිගේ ශිෂ්‍ය භාවය අත්හිටුවයි!

Next Post

කාන්තා තහනමත් සමග ඇෆග්නිස්තානයේ රාජ්‍ය නොවන සංවිධාන සිය සහන සේවා නවතා දමයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.