රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව් බී ගනේගලට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ජන මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනගේ අවශ්‍යතාවය මත ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂ තිලක් මහගමගේ එම තනතුරින් ඉවත් කිරීම සඳහා නීත්‍යානුකූල නොවන හැදිහත්වීමක් සභාපතිවරයා විසින් සිදුකර ඇති නිසා ජනාධිපති ලේකම් කාර්යාලය මෙම දැනුම් දීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.
සුදුසුකම් සහිතව සම්මුඛ පරීක්ෂණයකින් පසු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දැරූ තිලක් මහගමගේ දශක තුනකට ආසන්න කාලයක් රූපවාහිනී සංස්ථාවේ සේවය කළ ප්‍රවීණයෙකි. වාර්තාවූ ආකාරයට ඔහු එම ධූරයෙන් ඉවත් කරන්නේ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන සඳහා ප්‍රමාණවත් ඉඩක් ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති විකාශනයේ ගුවන් කාලයෙන් ලබා නොදිම නිසා බව කියැවිනි.
මේ වනවිට රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස ඩබ්ලිව් බී ගනේගලට කළ දැනුම් දිම නිසා කලබල වි සිටින අමාත්‍යවරයා එම තීන්දුව ආපසු හැරවීමට දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෑත වකවානුව තුළ ආණ්ඩුවේ ඇති වූ මතවාදී දෙදරීමත් සමග පොහොට්ටුවේ බලය ජාතික රූපවාහිනිය තුළ ස්ථාපිත කිරීම සඳහා ඉතාම ග්‍රාම්‍ය උත්සාහයක් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් දියත්ව තිබුණ බවට වෘත්තීය සංගම් චෝදනා එල්ල කර තිබිණි.







