රුසියාව විසින් ඉකුත් පෙබරවාරි 24 වැනිදා යුක්‍රේනය ආක්‍රමනය කිරීමට ගත් තිරණය රුසියාවේ සිටින චීන තානාපතිවරයා විසින් සාධාරණීකරණය කරමින් සහ ඊට සහය පළකරනු ලැබ තිබිණි.
ඒ අනුව රුසියා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට මූලික හේතුව වූයේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ක්‍රියා කාලාපය බවද තානාපතිවරයා විසින් මෙහිදී පෙන්වාදී ඇත.
තානාපතිවරයා විසින් ඉකුත් බදාදා දිනයේදී රුසියානු මාධ්‍ය වෙත විශේෂ සමුම්ඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේබව සඳහන් කර තිබිණි.
“යුක්රේන අර්බුදයේ ආරම්භකයා සහ ප්‍රධාන උසිගැන්වීම සිදු කළේ වොෂින්ටනයයි. රුසියාවට පෙර නොවූ විරූ දැඩි ආර්ථික සම්බාධක පනවමින් යුක්රේනයට අවි ආයුධ සහ මිලිටරි උපකරණ සැපයීම දිගටම කරගෙන ගියා” යනුවෙන්ද තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
“එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල අවසාන ඉලක්කය වන්නේ දිග්ගැස්සුනු යුද්ධයකින් සහ අධික සම්බාධකවලින් රුසියාව වෙහෙසට පත් කර තලා දැමීමයි.” යනුවෙන්ද ඔහු පවසා ඇත. එහිදී තානාපතිවරයා පෙන්වා දී ඇති කාරණා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරනය කිරීමට යොදා ගත් කරුණු වලට සමාන වේ.
කෙසේ වෙතත් රුසියා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට චීනය සිය සෘජු සහය පළකළ අතර රුසියානු ඉන්ධන මිලදී ගනිමින් එරට ආර්ථිකයට සහයක්ද ලබාදීම සිදුකෙරිණි.
චීනය සහ රුසියාව මේවන විට එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරන අතර රාජ්‍යන් දෙකම දැඩි ඇමරිකානු විරෝධි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටීයි.