අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

යුරෝපයට ලැබුණු කාන්තාර අත්දැකීම…. වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුම නියඟය

by editor
අගෝස්තු 24, 2022
in පරිසරය, පුවත්
Share on FacebookShare on Twitter

මේවන විට යුරෝපයෙන් තුනෙන් දෙකකට දැඩි නියං තත්ත්වයක් බලපා තිබේ.    වසර 500ක කාලය තුළ යුරොපයට බලපෑ දරුණුතම නියං තත්ත්වය මෙය බවත් නවතම වර්තාවකින් අනාවරණය  වී ඇත.

ගෝලීය වශයේ ඇතිවන නියං ගත්ත්වයන් සම්බන්ධයේ නීරීක්ෂණ සහ අධ්‍යනයන් කරනු ලබන Global Drought Observatory විසින් යුරෝපයට බලපා ඇති නියං තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ.

Drout
එංගලන්තයේ ඊසානදිග කොන්වොල් හි බොඩ්මින් මුවර් ජලාශය ජලයෙන් යට වූ දා සිට මෙම ගස් ජලයෙන් යට වී තිබිණි.

යුරෝපා මහාද්වීපයේ සියයට 47කට නියඟය

ඒ අනුව යුරෝපා මහාද්වීපයේ සියයට 47ක් යම් කිසි හෝ නියං අනතුරු තත්ත්වයක පවතින බවය. එමෙන්ම යුරෝපා කලාපයේ  පස ඉතා දරුණු ලෙස වියලී ගොස් පසෙහි රැඳී  ඇති ජලය ඉතා විශාල වශයෙන් පහළ බැසි ඇති බවද අදාල වර්තාවෙන් පෙන්වා දෙයි. මේ අතර යුරොපා කලාපයේ තවත් සියය 17ක් අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බවද වගාවන් සහ වෘක්ෂලතාදියට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එම ආයතනය සඳහන් කරයි.

පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය බෝග අස්වැන්නට බලපානු ඇති බවටත්, ලැව්ගිනි ඇති කිරීමට විශාල වශයෙන් ඉඩපවතින බවටත් එම වාර්තවෙන් පෙන්වා දෙයි. ඇතිවිය හැකි ලැව්ගිනි වැනි තත්ත්වයන්හි අවදානම  යුරෝපයේ ඇතැම් දකුණු ප්‍රදේශවල තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවටත් එම වාර්තාව අනතුරු අඟවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ඉකුත් වසර පහක කාලය සමඟ සසඳන විට, යුරෝපා සංගමය විසින් අස්වැන්නේ  ධාන්‍ය බඩ ඉරිඟු සඳහා සියයට 16ක්ද, සෝයා බෝංචි සඳහා සියයට 15ක සහ සූරියකාන්ත සඳහා සියට 12ක  පහත වැටීමක් අපේ්ක්ෂා කරයි.

 Drout
නෙදර්ලන්තයේ Nijmegen හි Waal ගං පත්ලේ ඇවිද යන මිනිස්සු…

මෙවැනි නියඟයක් ආවේ  අවුරුදු 500කට පස්සේ

ලෝකයේ නියඟ   සම්බන්ධයෙන් සමීක්ෂණ කරනු ලබන ආයතනය යුරෝපා කොමිසමේ පර්යේෂණ අංශයේ කොටසකි. ඒ අනුව මෙම වර්තාවට ප්‍රතිචාර දක්වමින් කොමිසම අනතුරු අඟවමින් පවසා සිටියේ මූලික දත්ත වලට අනුව වර්තමාන නියඟය තවමත් අවම වශයෙන් වසර 500 කට පසුව ඇති දරුණුතම නියඟය බවයි.

පවතින අධික උණුසුම සහ ජල හිඟය මුළු යුරෝපා සංගමයේම රටවල ජල මට්ටම් කෙරෙහි පෙර නොවූ විරූ බලපෑමක් ඇති කර තිබෙන බව පර්යේෂණ කොමසාරිස්වරියක් වන මාරියා ගේබ්‍රියෙල් වර්ථාමන තත්ත්වය සම්බන්ධයෙන් පවසා ඇත.

“අපි දැනට සාමාන්‍යය තත්ත්වයට වඩා වැඩි ලැව්ගිනි ඇතිවීම් දකිමින් සිටිනවා. මේ තත්ත්වය  බෝග නිෂ්පාදනයට විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ වගේම දේශගුණික විපර්යාස සෑම වසරකම වඩාත් කැපී පෙනෙන අයුරින් ඉහළ යමින් තිබෙන බවද හොදින්ම පෙනී යනවා ,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

 Drout
නාසීන් සෝවියට් හමුදා ඉදිරියේ පලා යන විට ගිල්වා ගිය ජර්මානු නැව් කිහිපයක් සර්බියාවේ ප්‍රහවෝ හි මතු වී ඇති අන්දම

ගංගා සිඳිලා…

මේ අතර අද වන විට යුරෝපයේ ගංගා සියල්ලම පාහේ යම් ප්‍රමාණයකට සිඳී ගොස් ඇති බවට වාර්තාව අනතුරු ඇඟවයි.

මෙම තත්ත්වය මේවන විට දැනටමත් යුක්‍රේන යුද්ධය හේතුවෙන් අර්බුදයකට ලක්ව ඇති බලශක්ති අංශයට දරුණු බලපෑමක් ඇති කර තිබේ. වාර්තාවන්ට අනුව නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලය සැලකිය යුතු මට්ටමක් වන සියය 20 කින් පහත වැටී ඇත.

අදාල වර්තාවට මගින් ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, රුමේනියාව, හංගේරියාව, උතුරු සර්බියාව, යුක්රේනය, මෝල්ඩෝවා, අයර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල නියං තත්ත්වය තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතින බව අනතුරු අඟවා තිබේ.

මේ අතර, කලාප කිහිපයක නිල වශයෙන් නියඟයක් ප්‍රකාශයට පත් කළ එක්සත් රාජධානියේ ඇතැම් ගස් සරත් සෘතුවේ පවතින තත්ත්වය පත්ව ඇති බවද වාර්තාවේ.

ජලයෙන් යටවී තිබී මතුවුන ස්පාඤ්ඤයේ Galicia ප්‍රදේශයේ Aceredo ගම්මානය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම චීනය සාධාරණීකරණය කරයි

Next Post

කන්න දෙන්නෙ නෑ… අමානුෂිකව වද දෙනවා… සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් උද්ඝෝෂණයක..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.