රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ගෝලීය දේශපාලනය වෙනත් මානයකට යොමු කළ අතර එහිදී ගෝලීය ආර්ථිකයේදී යම් වෙනස්කම් කිහිපයක් දක්නට ලැබිණි.
දිගින් දිගටම ආර්ථික සම්බාධක වැටෙන පසුබිමක වුවද රුසියාව සිය යුක්රේන ආක්‍රමණය ගෙන ගිය අතර එහිදී සිය ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය වූ බොරතෙල් සහ ස්භාවික ගෑස් නිෂ්පාදනයට භාදා රැසක් මතුවිය. සිය පොසිල ඉන්ධන නිෂ්පාදන සඳහා විශාලතම වෙළෙඳපොළ වූ යුරෝපයේ දොරටු වැසෙන විට රුසියාව විසින් වෙනත් වෙළෙඳ පොලවල් දෙස අවාදනය යොමු කළේය.
ඒ අතර තුරේදී රුසියානු ආක්‍රමණයට ලොව පුරා විවෙච්න එල්ලවන විට ඊට චීනය සහ ඉන්දියාව ප්‍රතිචාර නොදැක්වූ අතරම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී ඉන්දියාව සිය ඡන්දය භාවිතා කිරීමමෙන්ද වැලකී සිටියේය.
ඉන් නොනවතුණු ඉන්දියාව තම නිෂ්පාදන වලට වෙළෙඳපොලක් සොයමින් සිටි රුසියාවේ ඉන්ධන විශාල වට්ටම්කට ඉන්දියාව ඉදිරිපත් විය. එහිදී ඉන්දියාව 2022 වර්ෂයේදී මුල් මාස කීපයේදී 2021 වර්ෂයේදීම රුසියාවෙල් මිලදීගත් ඉන්ධනව තොග වලට සමාන ප්‍රමාණයක් මිලදී ගැනීම ඉන්දියාව පියවරගෙන තිබිණි.
කෙසේ වෙතත් ඉන්දියාවේ මෙම තීරණය සම්බන්ධයනේ ඇමරිකා එක්සත් ජනපදය දැඩි ලෙස විවේචය කළ අතර වරකදී ධවල මන්දිර ප්‍රකාශිකාව ඉන්දියාව ඉතිහාසය පොත්වල වැරදි පැත්තේ සිටගත්තා යැයිද සටහන් වනු ඇති බවටද ප්‍රකාශ කළාය.
එහෙත් එක්වරම බටහිර ඉන්දියාව දෙස බැලූ කෝණය වෙනස් වූ ආකාරයක් දක්නට ලැබේ. එහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා ඇමරිකානු ජනාධිපතිවරයාද හමුවූ අතර එහිදී සුපුරුදු ද්වීපාර්ශවීය සම්බන්ධතා පිළිබඳ අවදානය යොමුවිය. එහිදී දෙරටේ දිර්ඝකාලීන සම්බන්ධතා සහ දෙරටේ ජනතාව බේදාගන්නා වටිනකම් පිළිබඳවද ප්‍රකාශයට පත්කෙරණි.
මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් විසින් නව දිල්ලියට පැමිණ අතර එහිදී දෙරට අතර වෙළෙඳ කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ සාම්ප්‍රදායික සහයෝගීතාව පෙන්නුම්කරන ඡායාරූපයකටද පෙනි සිටියේය.
ජාත්‍යන්තර දේශාපාලන විශ්ලේෂඛයින් පේන්වාදෙන්නේ ඉන්දියාව ඉතා දක්ෂ ලෙස සිය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යාමට සමත්ව ඇති බවයි. එහිදී බටහිරටද ඉතා වටිනා පාඩමක් කියා දීමට සමත්වඇති බවද ඔවුන් පෙන්වා දෙයිත
එහිදී එක්සත් ජනපදයට ඉන්දියාව ඉතා අත්‍යාවශ්‍ය පාර්ශවකරුවකු බවට පත්ව තිබේ. ඊට හේතුව වී තිබෙන්නේ මේවන විට නැගී සිටින චීන බලයට එරෙහිව නැගී සිටීමට ඉන්දියාව අත්‍යාවශ්‍ය සාධකයක් වීමයි. මෙහිදී අදවන විට බටහිරට රුසියාවට වඩා වැඩි බලපෑමක් එල්ල කළ හැකි රාජ්‍ය බවට පත්ව තිබෙන්නේ චීනයයි.
වීශේෂයෙන්ම පසුගිය වසරේ පැවති ජී හත රාජ්‍ය නායකින්ගේ සමුළුවේදීද චීනයෙන් නැගෙන බලපෑම පිළිබඳ වැඩි අවාදානයක් යෙමුව තිබූ අයුරු දැකගැනීමට හැකියාව ලැබිණි.
මෙහිදී ලන්ඩනයේ කින්ස්න් කොලේජ් හී ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද මහාචාර්වරයකු ලෙස කටයුත කළ හර්ෂ වී පාන්ට් පේනා දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය නව පාර්ශවකරු ලෙස ඉන්දියාව හඳුනාගෙන ඇති බවයි.
ඇයි එක්සත් ජනපදයට ඉන්දියාව වැදගත් වන්නේ ?
මේවන විට නව දිල්ලිය සහ වොෂිටනය චීනයේ නැගීසිටීමෙන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ. චීන සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින අතරම අවට දේශසීමා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටියි.
ඊට අමතරව කලාපයේ කුඩා ආර්ථික වලටද විශාල බලපෑමක් එල්ල කර අතර එයි දිනෙන් දින වර්ධනය වන අයුරුද දැක ගැනීමට හැකියාව පවතී.
ෂී ජින් පින් පාලනය යටතේ චීන යුධ ශක්තිය විශාල වශයෙන් වර්ධනය වූ අතර අදවන විට ලොව විශාලත නාවික හමුදාව චීන සතුවේත එසේම ලොව පස්වන පරම්පරාවේ ප්‍රහාරක ගුවන්යානා වලින්ද චීනය සන්ද්ධය. එය අදවන විට රුසියානු ගුවන්යානා තාක්ෂණයද අභිබවායාමක් වන අතර එම ගුවන්යානා වලට රෝඩාර් පද්ධති මඟහැර ගමන් කරමින් සතුරු ඉලක්ක වෙත ලඟවීමේ හැකියාව පවතී.
මේ අතර චීනය දිනෙන් දින සිය න්‍යෂ්ටික ශක්තිය වර්ධණය කරගනිමින් සිටින අතර මේවන විට ලොව විශාලත න්‍යෂ්ටික අවි සතු රාජ්‍යන් අතරට පැමිණිමටද ඔවුන් සමත්ව තිබේ.
එසේම මේවන විට වොෂින්ටන් පාලනය විසින් සිය සෙසු මිත්‍ර රටවල් සමඟ නැගී එන චීන බලයට එරෙහිව සූදානම් වීමට ඉන්දියාවද ඇතුලත් කරගැනීමට බලාපොරෙත්තුවන බවද මහාචාර්ය පාන්ට් පේනවා දෙයි.
කෙසේ වෙතත් ඉන්දියාවට චීන සමඟ වෙනත් අර්බුදයක්ද පවතී. එහිදී දෙරමේ ආරක්ෂක අංශ දේශසීමා තුල සීරිවෙන් සිටියි. එහිදී විශේෂයෙන්ම හිමාල කඳුපන්තිය ආශිතව චීන ඉන්දීය දේශ සීමා අතර ඇති වූ යම්යම් ගැටුම් වලින් ජීවිත අහිමි වීම් කිහිපයක්ම වාර්තාවිය.
එහිදී ඉන්දියාව චීනයෙන් ඕනෑම මොහොතක එල්ලවිය හැකි යුද ප්‍රහාරයකට සූදානම් විය යුතුය. එහෙත් එහිදී ඔවුන්ට අවශ්‍ය යුධ සහය සහ අවි සැපයීම රුසියාව මගින් සිදුකරයි.
චීනයට එරෙහිව හඬ නැගීම සහ ඉන්දීයව කෙරෙහි නැහැඬියාව
වොෂිංටයන විසින් චීනය රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටීම සම්බන්ධයෙන් විවේචනය කරන අතරදී ඉන්දියාව අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය සම්බන්ධනේ කිසිවක් නොකීම වගබලාගෙන ඇත.
විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය යුක්රේනය සම්බන්ධයෙන් එකහා සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එහිදී දෙරටටම රුසියානු සම්බන්ධතා වැදගත්වන අතර එහිදී රාජ්‍යන් දෙකම යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එහිදී චීන ජනාධිපති ප්‍රකාශ කර සිටියේ සිය රුසියාන මිත්‍රත්තවයට සීමාවක් නොමැති බවයි. මේ අතර ඉන්දියාවට රුසියාව වඩා වැදගත්වන අතර එහිදී එරටට අවශ්‍ය අවි වලින් සියයට පනහක් පමණ රුසියාවෙන් සපයා ගැනීම සිදුකරයි.
මෙහිදී ඉන්දියාව භාවිතා කරන බොහොමයක් ප්‍රහාකර ගුවන්යානා රුසියාන යානා වන අතර ඉන් ඇතමක් රුසියාන අවසරය මත ඉන්දියාව තුලම නිෂ්පාදන කරයි. මේ අතර දෙරට එක්ව මිසයිල වැසටසහනක්ද ක්‍රියත්මක කරන අතර එහි නවමත මිසයිල පසුගිය කාලයදේදී අත්හදා බැලීමද සිදුකළ ආකාරය දැකගැනීමට හැකිවිය.
කෙසේ වෙතත් ඉන්දියාවේ තක්ෂිලා අධ්‍යනය ආයනයේ චීනය පිළිබඳ විශේසඥයකු වන මනෝජ් කේවල්රාමනී පෙන්වාදෙනු ලබන්නේ චීනය සහ ඉන්දියාව යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස්වූ ක්‍රමවේද දෙකක් අනුගමනය කරනු ලබන බවයි.
එහිදී චීන දිගින් දිගටම බටහිර රාජ්‍යන්ට චෝදනා එල්ල කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝව පැනවූ සම්බාධක පිළිබඳ විශාල වශයෙන් විවේචනය කළ බවත් චීන රාජ්‍ය මාධ්‍ය රුසියාවට වාසි සහගත වන අයුරින් ව්‍යාජ පුවත් පැතිරවීම කළ බවද කේවල්රාමනී පෙන්වා දෙයි.
එහෙත් ඉන්දියාව කිසිම අයුරිකන් නේටෝ සංවිධානය විවේචනය කිරීමක් සිදු නොකළ අතර ඇමරිකාව විවේචනය කිරීමෙන්ද වැලකී සිටි බවද ඔහු පෙන්වාදෙයි. මේ අතර ඉන්දිය අග්‍රමාත්‍ය මෝදි විසින් යුක්‍රෝන ජනාධිපති සෙලෙන්ස්කි සමඟද සාකච්ඡා කළද චීනය එවැන්නකට යොමු නොවීය.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපතිවරයා විසින් යුක්රේනයේ බුචා හී සිවිල් වැසියන් ඝාතනය වීම හොළා දකිමින් ප්‍රකාශයක් කළ අතර වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවදට ප්‍රකාශ කරෙිණි.
එහෙත් චීන තානාපතිවරයා විසින් මෙම මරණ කණගාටුදායක සිදුවීමක් පමණක් බව පවසමින් සිය කතාව අවසන් කළේය.
ඒ අනුව චීනය සහ ඉන්දියාව එකිනෙකාට වෙනස් වූ සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අනුගමය කරනු බලන බවට හොදින්ම පෙනීයයි.
ඉන්දියාවේ සමබර බව
එහිදී ඉන්දියාව ඉතා දක්ෂ ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යාමට සමත්ව ඇත. ඒ අනුව ඉන්දියාව තවදුරටත් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සිදුකරන අතරම බටහිර රාජ්‍යන් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට කටයුතු කරයි.
මෙහිදී ඉන්දියාවට විදේශ වෙළෙඳාම පිළිබඳ සලකා බැලීමේදී බටහිර රාජ්‍යන් ඉතා වැදගත්වේ. වාර්ෂිකව ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇමරිකානු ඩොලර් බිලියන 110ක වෙළෙදාමක් සිදුවන අතර ඉන්දියාව සහ රුසියාව අතර සිදුවන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 8ක වෙළෙඳාමකි.
මේ අතර මෑත කාලයේදී ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු අවි මිලදී ගැනීමට පෙළඹී ඇත. ඒ අනුව මේවන විට ඉන්දිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා බටහිර රාජ්‍යන් හටද කදිම පාඩමක් කියා දීමට සමතත්ව ඇත.







