සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් බිලියන 500 ගල් අඟුරු ටෙන්ඩරය සැපයුම් ලියාපදිංචියක් නැති දින 35ක් වයස සමාගමකට – විගණනය හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 6, 2022
in පුවත්
නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • සමාගම පිහිටුවන්නේ 2022 ජුනි මස 01 දා  එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ දි… පිහිටුවා දින 35කට පසු  ලංකාගල් අඟුරු සමාගම  ගල් අඟුරු  මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීම සඳහා එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා…

  • සමාගමට ගල් අඟුරු සැපයීමට ලියාපදිංචියක් නෑ… විගණනය විමසූ විට විදුලිබල අමාත්‍යාංශ ලේකම් කී බොරුව විගණනයට  හසුවෙලා..

  • ටෙන්ඩරය ලබා දී  ඇත්තේ  තරගකාරී ලංසු කැඳවීම් වළක්වලා…  හැම අතින්ම ප්‍රශ්න එද්දි සැප්තැම්බර්   22 දා  අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රසම්පාදනය  අවලංගු කරලා…

රුපියල් බිලියන  500ක් පමණ ඉහළ වටිනාකමකින් යුතු නොරොච්චෝලේ ලක්විජය  ගල් අගුරුබලාගාරය සඳහා  (2020 – 2025) ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  සිදුකිරීමේ දි  ප්‍රසම්පාදන කමිටුව හා  තාක්ෂණික ඇගයිම් කමිටුව පලදායි හා කාර්යක්ෂම ලෙස එම කාර්යය සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ගල් අඟුරු සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි නොවු සමාගමක් වන black sand commodities සමාගම වෙත  ගල් අගුරු සැපයිමේ ටෙන්ඩරය  ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භකොට දින දින 35 වැනි කෙටිකාලයක් තුළ  පිරිනමා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ලංකාගල් අඟුරු සමාගම විසින්  ගල් අඟුරු  මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීම සඳහා මෙම ප්‍රසම්පාදනය සිදුකොට තිබුණි.  මෙකී සැපයුම්කාර සමාගමෙන් ගල් අඟුරු සැපයිම සඳහා වන  කිසිදු සුදුසුකමක් පරික්ෂාවට ලක්වි නොකිබුණි. 

ගල් අඟුරු සැපයිමේ ලියාපදිංචි සමාගමක් වන  SUEK AG  සමාගම තුළ black sand commodities  සමාගම  පවතින  බැවින් මෙම ප්‍රසම්පාදනයේ දි  වෙනම ලියාපදිංචිකිරීමේ අවශ්‍යතාවයක් නොවන බව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විගණනයට  දක්වා තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් black sand commodities  සමාගම  ගල්අඟුරු සැපයිමේ  ලියාපදිංචි සැපයුම්කරුවකු වන suek AG  සමාගම යටතේ ලියාපදිංචි කළ සමාගමක්  නොවන බවත්  මෙකී සමාගම් දෙක අතර සෘජු සම්බන්දතාවයක් නොවන බවත් විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මෙම සමාගම පිහිටුවා ඇතතේ      2022 මැයි මස 31 වැනිදින LC suek ltd LLC  (Russia)  සමාගම විසින් යෝජනාවක් සම්මත කිරීමෙන් අනතුරුව  2022 ජුනි මස 01 වැනිදින එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සංස්ථාපිත සමාගක් ලෙස  බව ද විගණනය හෙළි කරගෙන තිබේ. 

මේ නුසුදුසුකම්  නොසලකා  black sand commodities  සමාගම  විසින් ඉදිරිපත් කළ ලංසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින්  පිළිගෙන තිබු බව ද විගණනය මගින් පෙන්වා දී  ඇත.

එමෙන්ම ලියාපදිංචි නොවු සැපයුම්කරුවන්ගෙන්  ලැබෙන ලංසු සුදුසුකම  සුදුසුකම් නොලත් ලංසුවක් ලෙස සැලකිය හැකිව තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

ගල් අගුරු ප්‍රසම්පාදනයට අදාලව  2022 අගෝස්තු මස 03 වැනිදින ලංසු ලේඛනවලට  ප්‍රබල හා  සංවේදි  සංශෝධනයක් කර  ලංසු විවෘත කිරීමට දින 06කට පමණ පෙර  අගෝස්තු මස 05 වැනිදින සැපයුම්කරුවන්ට දැනුම් දී තිබුණි. 

ලංසුකරුවන්ට  අවශ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබු බැවින් මෙකී ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇති කිරීමට හැකිව තිබු   තරඟකාරිත්වය  ඇතිවී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

කෙසේවුවද සැපයුම්කරු විසින්  කාර්ය සාධන සුරක්ෂණය  ඉදිරිපත්කර නොතිබු බැවින් මෙකී ප්‍රසම්පාදනය  2022 සැප්තැම්බර් මස  22 දින  අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කර තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතටම අල්ලා දුන් හරක් කටා අතහැරිය නිලධාරී කට්ටා කවුද?….

Next Post

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනාව ජිනීවාහි දී සම්මත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.