සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් බිලියනකයට අධික වටිනාකමකින් යුතු සහල් තොගයක් අතුරුදහන් කළබවට දිස්ත්‍රික් ලේකම්වරු 03කට සහල් නිශ්පාදකයින්ගෙන් චෝදනාවක්…

by editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මීට වසර දෙකකට ඉහතදී රජයේ අරමුදලින් පොලොන්නරුව, ත්‍රිකුණාමලය, පුත්තලම, යන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ලබාගත් වී සහල් බවට පත්කිරීමෙන් පසු, ඉන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 58ක් අතුරුදහන් වී ඇති බව එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගම‍යේ සභාපති මුදිත් පෙ‍රේරා අද (25) පෙරවරුවේ පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කළේය.

මුදිත් පෙරේරා

සංගමයක් ලෙස මේ පිළිබඳ ජනාධිපතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවට මෙන්ම පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් යටතේ මානව හිමිකම් කොමිසන් සභාවටත් එම දිසාපතිවරුන් තිදෙනාට එරෙහිව පැමිණිලි කරන බවද මුදිත් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම 2020, 2021 වර්ෂවල අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ලබාගත් වී තොග පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

රට තුළ සහල් හිඟයක් පැවති මොහොතක සහල් පිටරටින් ආනයනය කිරීමට සූදානම් වු මොහොතේ රුපියල් 44 සහ 50 ට ලබාගත් වී තොග සහල් බවට පත්කර කිලෝ එකක් රුපියල් 250කට මිල ඉහළ ගිය අවස්ථාවේදී වසර දෙකක් යනතෙක් සහල් කිලෝ ලක්ෂ 58ක් සගවාගෙන හෝ අතුරුදහන් කිරීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට තමා සියලු සහල් පාරිභෝගික ජනතාව වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය සහ සාකච්ඡාවේදී කරුණු අනාවරණය කරමින් මුදිත් පෙරේරා සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් සහල් හිමියන්ගේ සභාපති මුදිත පෙරේරා මෙසේද කීවේය,

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අපේ රට මේ තත්ත්වයට පත් කිරිම පිළිබඳ ඉහළ දේශපාලඥයින් පමණක් නොව රටේ ඉහළ නිලධාරීන්ද වගකිව යුතු වෙනවා.

අවසන් වරට දිස්ත්‍රික් ලේකම්වරු වී මිලදී ගෙන තිබෙන්නේ 2021 සැප්තැම්බර් මාසයේ. ඒ දිස්ත්‍රික් ලේකම්වරු ගිය සතියේ මහා භාණ්ඩ භාණ්ඩාගාරයට මුදල් යොමු කරනවා හාල් කිලෝ එකක් රුපියල් අනූහයට නිකුත් කරා කියලා.

අපි අහනව මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගෙනුත්, රුපියල් අනූහය බැගින්, භාණ්ඩාගාරයට මුදල් පියවු ඔය දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙනුත් අපි අහනව හාල් කිලෝ එකක් රුපියල් අනූහයට ගන්න තිබ්බේ මොන කඩේද කියලා.

මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුමුදල් වලින් ලබාගත් වී සහල් බවට පත් කරලා වසර දෙකක් තියාගත්තු එක පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු වගකියන්න ඕන. ඒ නිසා අපි වහාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, දිසාපතිවරුන් තිදෙනා මේ සහල්වලට කරපු දේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරලා නීතීමය ක්‍රියාමාර්ග ගන්න කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ යන්ත්‍රය සති 06ක් තිස්සේ අක්‍රීයයි… රෝගීන් අන්ත අසරණ වෙලා….

Next Post

වැටුප් ප්‍රමාදය නෑ… විධායක විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප අද!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.