සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරු නිසා අවුරුද්දකට සිදුවන ආර්ථික හායනය ඩොලර් බිලියන 2.3ක්…  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත්  කමිටුව හෙළි කරයි!

by editor
අප්‍රේල් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වාර්ෂික රිය අනතුරු හේතුවෙන් සිදුවන සමස්ථ  ආර්ථික හායනය රටේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට  3 සිට 5 දක්වා ප්‍රමාණයක් බවත් එය දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුවේ සම ලේකම් සහ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පවසයි.

සජීවී රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති දත්තවල අවමයට ගොස් සිදුකරනු ලබන ගණනය කිරීමට අනුව සිදුවන මේ ආර්ථික හායනය සෞඛ්‍ය පද්ධතියට සිදුවන වියදමට එපිටට ගොස් සමස්ත සමාජ ආර්ථික ව්‍යසනයම රූපණය කරන දත්තයක් ලෙස ප්‍රකාශ වන බවය.

Ruwan-Thushara
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුවේ සම ලේකම් සහ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ..

“ පසුගිය අවුරුද්දේ රිය අනතුරු නිසා මිය ගිය ගනන 2280ක් .  බරපතල තුවාල ලැබූ අය, ජීවිත කාලයම ආබාධිතවන අය, මේ වගේ සිව් ගුණයකට වැඩියි.  දැඩි සත්කාර ඒකකවල වැඩි ප්‍රමාණයක් උත්සව කාලයෙදි පිරී යන්නේ රිය අනතුරු වින්දිතයන්ගෙන්.”

“මෙය සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බෑ.  මේ අවුරුද්දේ අප්‍රේල් 2 දක්වා  පමණක් 566ක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වෙලා තියනවා. අඩුම තරමින් 2000ට වැඩි පිරිසක් බරපතල තුවාල ලබලා තියනවා. බොහෝ විට මේ අනතුරු වලක්වාගත හැකි අනතුරුයි. ඛේදවාචකය වන්නේ එයයි. “

මේ සඳහා අති විශාල මුදලක් රටක් වශයෙන් අප වියදම් කරනවා.   අපට ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ලංකාවෙ  දළ ජාතික නිශ්පාදනයෙන් සියයට තුනක් පහක් අතර ප්‍රමාණයක ආර්ථික හායනයක් රිය අනතුරු නිසා සිදුවනවා කියලා.   තේරුම් ගත යුත්තේ මේ ආර්ථික ව්‍යසනය  සිද්ධ වෙන්නේ සෞඛ්‍යය අංශයට විතරක්  නොව බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව රිය අනතුරු නිසා අපට වාර්ෂිකව හානිවන ප්‍රමාණය  ඩොලර් වලින් බැලුවොත් ඩොලර් බිලියන 2.3ක් පමණ ප්‍රමාණයක්.  රුපියල් බිලියන 730ක්.

මේ වර්ෂයේ වාර්ෂිකව සෞඛ්‍යයට වෙන් කරලා තියන ප්‍රමාණය රුපියල් බිලියන 410ක්.  ඉන් වැඩිම කොටසක් එක්ක  රුපියල් බිලියන 730ක් අපි රිය අනතුරු නිසා ආර්ථිකව හායනය කරගන්නවා. “

ඒ මිල ගණනය වන්නේ වින්දිතයන් සඳහා ප්‍රතිකාර වියදම,  මිය ගිය අය නිසා සිදුවන කුටුම්භය මුල් කරගත් සමාජ ආර්ථික හායනය,  රිය අනතුරු නිසා වාහනවලට සිදුවන හානි පූරණ, සදාකාලික ආබාධිත වීම් නිසා සමාජයට දරන්න වන දීර්ඝ කාලීන ආර්ථික පිරිවැය ඇතුළු සමස්ථ අගයක් ලෙස බව ද වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ  මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුව අවධාරණය කරන්නේ මේ දැවැන්ත සමාජ ආර්ථික ව්‍යසනය වළක්වා ගැනීම සඳහා රිය අනතුරු වළක්වා ගැනීමේ කටයුත්ත පොලිසියට හෝ සෞඛ්‍ය අංශවලට පමණක් හුදකලාව සිදුකළ හැක්කක් නොවන බවය.

මිනිසා විසින් සිදුකරන දැවැන්තම සමාජ ආර්ථික ව්‍යසනයවන රිය අනතුරු  වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක පරිමාණයේ බලයක් සහිතව,    වගකිව යුතු සියලු පාර්ශවයන් එක්ව කරන සාමුහික ක්‍රියාවලියකින් ගොඩනැගෙන ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක් ජාතියට අවශ්‍ය බව මේ සම්බන්ධව අදහස් දක්වන  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ  මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටු කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පවසන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සද්දෙට ආස මිනිස්සු… රතිඤ්ඤා අලෙවිය හොඳටම වැඩි වෙලා!

Next Post

හොරණ ද්විත්ව ඝාතනයේ ඝාතකයා ලෙස හැඳින්වීමෙන් පසු ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයා සැබෑ අපරාධකරු ද?… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.