හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රාත්‍රි කාලයේ රිය ධාවනය කරන රියදුරන්ට විශේෂ තේ පැන් සංග්‍රහයක් පවත්වා ඔවුන්ගේ විඩා නිවා ගැනීමට ඉඩ දී කල් වේලා ඇති රියදුරන් වෙනුවෙන් කාර්ටුන් චිත්‍රපට නැරඹීමට අවස්ථාව සැලසූ විශේෂ වැඩසටහනක් පෙරේදා (15) වටවල පොලිස් ස්ථානයේ පවත්වා තිබේ.
දහවල් කාලයේ නිසි විවේකයක් නොගෙන රාත්‍රියේ රිය පැදවීම රාත්‍රී කාලයේ සිදුවන රිය අනතුරු රැසකට හේතු වී ඇති බවත්, රාත්‍රී කාලයේ රිය ධාවනයේදී මෙලෙස වරක් හෝ විවේක ලබාගත යුුතු බව සිහිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම වැඩසටහන පවත්වා ඇත්තේ ඒ සම්බන්ධව රියදුරන්ගේ අවධානය වෙනස් ආකාරයකට යොමු කිරීමට බව හැටන් පොලිසිය පවසයි.
හැටන් පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහකාර පොලිස් අධිකාරී 1 නිශ්ශංක ගොඩමුන්න සහ වටවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්නගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන වටවල පොලිස් ස්ථානය ඉදිරිපිට පවත්වා ඇත.







