බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාමසාන් උත්සවය පැවැත්වෙන දිනය තීරණය කරන්නේ කොහොමද?

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය ඊද් අල්-ෆීටර් ලෙස හැඳින්වෙන වැදගත් ආගමික නිවාඩු දිනයක් මගින් සමරනු ලැබේ, එහිදී, මුස්ලිම්වරුන්ගේ පවුල් එකට එකතු වී ඔවුන් සතු හොඳ ම ඇඳුම් ඇඳ උත්සව පවත්වති. එහෙත්, අහ්මන් ඛවාජා පැහැදිලි කරන පරිදි, එවැනි ප්‍රධාන ගෝලීය උත්සවයක් පවත්වන්නේ කවදා දැයි තීරණය කිරීම පුදුමසහගත ලෙස සංකීර්ණ කර්තව්‍යයකි.

චන්ද්‍රයා සතු බලය

රාමසාන් මාසයේ අවසානය පැමිණෙන විට, ලෝකයේ බිලියන 1.9ක් වන මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනෙක් සාදය ආරම්භ කිරීමට කාලය පැමිණ ඇති බව පවසන ලකුණක් හඳුනා ගැනීම සඳහා පැහැදිලි අහසක් අපේක්ෂාවෙන් බලා සිටිති.

රාමසාන් ලෙසින් ම, එය ද ඇරඹෙන්නේ නව සඳ මුලින් ම දිස්වීමත් සමග ය.

ඉස්ලාම් ධර්මය සඳෙහි කලාවන් (කොටස්) පදනම් කරගෙන චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරයි. රාමසාන් මාසය ඇරඹෙන්නේ, එම දින දර්ශනයේ 9 වන මාසයේ ය.

සෑම වසරක ම, චන්ද්‍ර දින දර්ශනයේ සෑම මාසයක් ම එය පෙර සූර්ය වර්ෂයේ ඇරඹුණු දිනට දින 11කට පෙර ආරම්භ වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් වන අතර, එය ජනතාව රාමසාන් අත්විඳින ආකාරය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.

මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය ඊද් අල්-ෆීටර් ලෙස හැඳින්වෙන වැදගත් ආගමික නිවාඩු දිනයක් මගින් සමරනු ලැබේ, එහිදී, මුස්ලිම්වරුන්ගේ පවුල් එකට එකතු වී ඔවුන් සතු හොඳ ම ඇඳුම් ඇඳ උත්සව පවත්වති.

මුස්ලිම්වරු රාමසාන් සමයේදී නිරාහාරව සිටින අතර, උදෑසන සිට හිරු බැස යන තෙක් ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාමීය මාස, ඍතු නියම කර ඇති සූර්ය දින දර්ශනය මත පදනම් වූයේ නම්, ලෝකයේ ඇතැම් ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ට දිගු දිවා කාලයක් සහිත ගිම්හානයේදී රාමසාන් උදා වනු ඇති අතර අනෙක් ප්‍රදේශවල එය කෙටි දින සහිත ශීත ඍතුවේදී උදාවනු ඇත.

චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කිරීමෙන්, සෑම මුස්ලිම්වරයෙක් ම ඔවුන්ගේ ජීවිතයේ අවුරුදු 33ක පමණ කාලයක් විවිධ කාලවලදී නිරාහාරව සිටීම අත්විඳිති. (එසේ ම දිගු හෝ කෙටි දෛනික නිරාහාර කාල පරිච්ඡේදයක් ඇත)

ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 09 වන දා නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද අප්‍රේල් 10 (බදාදා) රාමසාන් උත්සවය සමරති…

ව්‍යාකූලත්වයක්

ඊද් අල්-ෆීටර් උත්සවය ෂව්වාල් දස වන මාසයේ පළමු දිනට යෙදී ඇත, නමුත් ඉස්ලාම් ධර්මය තුළ එය සැබවින් ම කවදා ද යන්න පිළිබඳව විවාදයක් පවතී.

ඇතැමෙකු චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරන අතර, තවත් අය නව සඳක් පැමිණීම ප්‍රකාශ කිරීමට තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ භාවිත කරන අතර, මුස්ලිම්වරුන් බහුතරයක් අලුත් මාසයක් සනිටුහන් කරන්නේ සැබවින් ම අඩ සඳක් අහසේ දැකීමෙන් පසුව ය.

මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබනුයේ, අහස නිරීක්ෂණය කරන පුද්ගලයන්ට වඩා ඉස්ලාමීය බලධාරීන් විසිනි.

මේ වසරේ ඊද් උත්සවය පැවැත්වෙන්නේ කවදා ද?

සඳ බැලීමෙන් ඊද් දිනය තීරණය කරන්නන් සඳහා, ඔබ ලෝකයේ සිටින ස්ථානය අනුව එය අප්‍රේල් 9 අඟහරුවාදා හෝ අප්‍රේල් 10 බදාදා ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 09 වන දා නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද අප්‍රේල් 10 (බදාදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අප්‍රේල් 9 (ඊයේ) රාත්‍රියේ නිවේදනය කළේ ය.

රාත්‍රී අහසේ සඳෙහි පළමු අඩ සැබවින් ම දැකිය හැක්කේ කවදා ද යන්න මත පදනම්ව චන්ද්‍ර මාසය දින 29ක් හෝ 30ක් දිගු විය හැකි බැවින් මෙය සත්‍යාපනය කිරීමට මුස්ලිම්වරුන්ට තවමත් ඊද් දිනයට පෙර රාත්‍රිය දක්වා රැඳී සිටීමට අවශ්‍ය වී තිබේ.

දේශීය සඳ නිරීක්ෂණය කරන්නෝ හිරු බැස ගිය පසු අහස පීරීමට පටන් ගනිති. ඔවුන් ලෝකයේ කොතැනක සිටියත් රාමසාන් මාසයේ 29 වන දින අඩ සඳ සොයනු ඇත.

ඔවුන් නව සඳ දැකීමෙන් පසු, ඊට පසුව දා ඊද් සැමරුම් පැවැත්වේ.

එසේ නොවුවහොත්, දින 30ක් සම්පූර්ණ කිරීම සඳහා තවත් එක් දිනක් උපවාසයේ නිරත වනු ඇත.

එක්සත් රාජධානියේ නාවික ලිත් කාර්යාලයට අනුව, නව සඳ අප්‍රේල් 9 අඟහරුවාදා සිට ‘පහසුවෙන් දැකගත හැකි’ වනු ඇත, එනම් ඊද් පළමු දිනය ඊට පසුදා එනම් අප්‍රේල් 10 බදාදාට යෙදෙනු ඇත.

සාමාන්‍යයෙන් දිනයක් හෝ දෙකක් ඇතුළත සිදුවුව ද, ලොව පුරා ඊද් දිනයන් කිසිවිටෙක සමාන නොවේ.

උදාහරණයක් වශයෙන්, සෞදි අරාබියේ බලධාරීහු – ඉස්ලාම් ධර්මය උපන් ස්ථානය වූ සුන්නි මුස්ලිම්වරුන් ආධිපත්‍යය දරන රටක් – පියවි ඇසින් සඳ නිරීක්ෂණය කරන ජනතාවගේ සාක්ෂි මත පදනම්ව රාමසාන් උත්සවයේ ආරම්භය සහ අවසානය නිවේදනය කරති.

තවත් රටවල් රැසක වෙසෙන මුස්ලිම්වරු පසුව එය අනුගමනය කරති.

එහෙත්, ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ඉරානය, ඇසින් චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම මත රඳා පවතින රජයේ නිවේදනයකට අවනතව කටයුතු කරයි.

ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් සහ සුන්නි සුළුතරයක් සහිත ඉරාකය, මේ ක්‍රම දෙකෙහි මිශ්‍රණයක් භාවිත කරයි.

බලගතු පූජකවරයෙකු වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල්-සිස්තානිගේ නිවේදනය ෂියා මුස්ලිම්වරුන් අනුගමනය කරන අතර, සුන්නි සුළුතරය තමන්ගේ ම පූජකයන් අනුගමනය කරයි.

මේ අතර, නිල වශයෙන් ආගමික හෝ ආත්මික සංකල්ප සමග සම්බන්ධයක් නොමැති රටක් වන තුර්කිය, රාමසාන් ආරම්භය සහ අවසානය තීරණය කිරීම සඳහා තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් භාවිත කරයි.

වෙනත් මුස්ලිම් රටවල චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම මත පදනම් වුව ද, යුරෝපයේ, බොහෝ මුස්ලිම්වරු ඔවුන්ගේ ම ප්‍රජා නායකයින්ගේ නිවේදන ලැබෙන තුරු බලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන කටයුතු ප්‍රමුඛ විය යුතුයි… ආණ්ඩු මන්ත්‍රීවරුන්ගේ රට ගමන් සීමා කරන්න ජනපතිගෙන් උපදෙස්…

Next Post

සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේ ජාතික ජන බලවේග රැස්වීමට ආවේ දේශපාලන පක්ෂවලට කළ පොදු ආරාධනය පිළිගෙනයි… ජාතික ජන බලවේගය පවසයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.