අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජිතගේ ඇට නැති දිව කතා කරයි…  කතා සම්පූර්ණයෙන් මාධ්‍යයෙන් විකෘති කරලලු… කවදාවත් සජබ දාලා යන්නෙ නෑලු….

සෞඛ්‍ය ඇමතිකම ගන්නවා කිව්වේ පොහොට්ටු ආණ්ඩුවක නොව සජබ ආණ්ඩුවක බවත් රාජිත කියයි!

by editor
අප්‍රේල් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම ප්‍රශ්න ඇති වූයේ මාධ්‍ය විසින් සිදුකරන ලද වැරදි වාර්තාකරණය නිසා බවත් තමන් දිවි හිමියෙන් සමගි ජන බලවේගය සමග රැඳී සිටින අතර පක්ෂය අත් නොහරින බවත් රාජිත සේනාරත්න සමගි ජන බලවේගයේ විනය කමිටුවක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම අවස්ථාවක පොහොට්ටුවේ සෞඛ්‍ය ඇමතිකම භාර ගන්නේ යැයි කියා    නැති බවය.

“අපේ ආණ්ඩුවක්” තුළ සෞඛ්‍ය ඇමතිකම දරන බවට තමන් කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදියට වාර්තා කර ඇතැයි ද රාජිත සේනාරත්න කමිටුව හමුවේ පවසා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රාජිත සේනාරත්න සම්බන්ධව පැන නැගී ඇති තත්ත්වය ගැන විමර්ශනය සඳහා පත් කරන ලද  තිස්ස අත්තනායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් යන ජ්‍යෙෂ්ඨයින් වෙත  ඔහු වැඩිදුරත් දන්වා ඇත්තේ  තමන් සම්බන්ධව පළවූ සියලු දේ වැරදි බවය., තමන් කිසිසේත්ම සමගි ජන බලවේගය අත්හැර නොයන බවය. ඒ ගැන ලිඛිතව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් බවත්ය.

මේ සම්බන්ධව ලංකාසර කළ විමසීමකදී පක්ෂ ජාතික සංවිධායක  තිස්ස අත්තනායක මෙසේ කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ නායකතුමාට  දිගින් දිගටම පක්ෂය අභ්‍යන්තරයෙන් හා බාහිරින් රාජිත සේනාරත්නගේ මේ විවිධ ප්‍රකාශ සම්බන්ධව පැමිණිලි ලැබෙන්න ගත්තට පස්සේ  මා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා මේ සම්බන්ධව රාජිත හම්බවෙලා ඔහුගෙන් විමසීමක් කරන්න.”

“මා සමග  රන්ජිත් මද්දුමබණ්ඩාර,   ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් එම කමිටුවෙ හිටියා. “

“රාජිතව අපි මුණගැසුනා. අපි රාජිත එක්ක කතා කරළා ඇහුවා මොකද උනේ කියලා. රාජිත මුලින්ම කිව්වේ  මීඩියාවල  පලවන ගොඩාක් කතා සම්පූර්ණ කතා නෙමෙයි කියලා. “

“ අප රාජිතගෙන් ඇහුවා මොකක් ද ඔබ කිව්වෙ කියලා. පක්ෂයෙන් යන කතාව ගැන විමසුවා. එතකොට රාජිත කිව්වා ඇත්තටම මෙහෙම දෙයක් නෙමෙයි කිව්වෙ. මම කිව්ව කතාව මාධ්‍ය වාර්තා කළේ කෑලි අඩුවෙන්.  අපි පක්ෂයක් හැටියට එකතුවෙලා යනවා නම් මම එතන ඉන්නවා.  නැතිව මම තනියම කීයටවත් ආණ්ඩුවට එකතු වෙනවා කියලා නෑ. තනියම කොහෙවත් යන්නෙ නෑ. දිගටම සජබ එක්ක වැඩ කරනවා කියලා.”

“ ඔහු කිව්වෙ මෙහෙම – සෞඛ්‍ය ඇමතිකම භාර ගන්නවාද කියලා ඇහුවම මම කිව්වේ පොහොට්ටුවෙ සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවා කියලා නෙමෙයි. අපේ ආණ්ඩුවක සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවා කියලා – “

“අපි කිව්වා එහෙමනම්  සමගි ජන බලවේගයෙන් යන්නෙ නෑ , මාධ්‍ය වාර්තා කිරීම් හරහා විකෘතියක් වෙලා කියලා ඔබ කි කතාව ලිඛිත නිවේදනයක්  ඔස්සේ දන්වන ලෙස.”

“රාජිත එකඟවුනා සිලු කථා ප්‍රතික්ෂේප කරලා සමගි ජන බලවේගයෙන් කිසි විටෙක ඉවත් නොවන බව දන්වා ලිඛිත නිවේදනයක් නිකුත් කරන්න. “

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැහැදිලි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔය ගෙනන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මමත් එකඟ නෑ… ජනාධිපති නීතිඥ විදේශ ඇමති අලි සබ්රි කියයි!

Next Post

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ කතා හෙට ජපානයේදී ! ජනපති නුවරඑළියේ සිට සම්බන්ධ වෙයි !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.