fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රාජ්‍ය මාධ්‍ය ආයතනවල පාඩුව තවදුරටත් දරාගන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

මාස 10ක් ago
in පුවත්
435 4
0
Share on FacebookShare on Twitter

රාජ්‍ය මාධ්‍ය පාඩු ලබමින් පවත්වාගෙන යාම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය සමහර ආයතන සඳහා මිලියන 45ක් පමණ වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එයට අමතරව රූපවාහිනී නාලිකාවන් තුළ ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය තුළ ඉතා වැදගත් කරුණු මගහැරෙන බවත් එනිසා පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් 85%ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම සහ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ටද අධ්‍යාපනය ලබා දෙන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිල ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බවයි.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට දමිල සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අමාත්‍යාංශයට අදාළ කිසිදු නව ඉදි කිරිමක් සඳහා රජයෙන් මුදල් වෙන් නොකෙරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, උද්දික ප්‍රේමරත්න, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, චාල්ස් නිර්මලනාදන්,සම්පත් අතුකෝරළ, මේජර් සුදර්ශන දෙනිපිටිය, එස්. කජේන්ද්‍රන්, ගුණතිලක රණවක, උපුල් ගලප්පත්ති, ඩයනා ගමගේ යන මහත්ම මහත්මීහු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, තැපැල් දෙපාර්තමේන්තුව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීම් පිළිබඳ කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීහුද සහභාගී වූහ.

Join @lankasara on Telegram Channel
Previous Post

දුවේ පුතේ… පහසු ඇඳුමකින් පාසල් එන්න.. අධ්‍යාපන අමාත්‍යාංශය කියයි!

Next Post

අවුරුද්දකට අක්කර 10000ක් වස විස නැති ගොවිතැන කළේ අපේම ක්‍රමයකට…

Related Posts

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

අගෝස්තු 10, 2022

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

අගෝස්තු 10, 2022
Kashmir

කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි

අගෝස්තු 10, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…
  • කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි
  • ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි
  • තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ජනප්‍රිය පුවත්

  • ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

    241 shares
    Share 96 Tweet 60
  • සර්ව පාක්ෂික ඇමති මණ්ඩලය පත්කර ගැනීම අවුලෙන් අවුලට.. ඇමති ධුර 30ට 50ක් ඉදිරිපත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

    224 shares
    Share 90 Tweet 56
  • පොහොට්ටුවෙන් වෙන් වූ වසන්ත යාපාට සහ තිලක් රාජපක්ෂට මරණීය තර්ජන! කතා නායක නියමයෙන් පරීක්ෂණයක්….

    173 shares
    Share 69 Tweet 43
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    208 shares
    Share 83 Tweet 52
  • ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

    208 shares
    Share 83 Tweet 52

Highlights

ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට අර්ජුණ රණතුංග පත්වේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

by editor
අගෝස්තු 10, 2022
0

කොටහේන කෝටිපති උන්ඩියල් ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල...

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

by editor
අගෝස්තු 10, 2022
0

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist