බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රාජ්‍ය මාධ්‍ය ආයතනවල පාඩුව තවදුරටත් දරාගන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

by Lanka Sara Editor
ඔක්තෝබර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මාධ්‍ය පාඩු ලබමින් පවත්වාගෙන යාම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය සමහර ආයතන සඳහා මිලියන 45ක් පමණ වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එයට අමතරව රූපවාහිනී නාලිකාවන් තුළ ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය තුළ ඉතා වැදගත් කරුණු මගහැරෙන බවත් එනිසා පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් 85%ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම සහ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ටද අධ්‍යාපනය ලබා දෙන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිල ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බවයි.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට දමිල සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අමාත්‍යාංශයට අදාළ කිසිදු නව ඉදි කිරිමක් සඳහා රජයෙන් මුදල් වෙන් නොකෙරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, උද්දික ප්‍රේමරත්න, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, චාල්ස් නිර්මලනාදන්,සම්පත් අතුකෝරළ, මේජර් සුදර්ශන දෙනිපිටිය, එස්. කජේන්ද්‍රන්, ගුණතිලක රණවක, උපුල් ගලප්පත්ති, ඩයනා ගමගේ යන මහත්ම මහත්මීහු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, තැපැල් දෙපාර්තමේන්තුව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීම් පිළිබඳ කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීහුද සහභාගී වූහ.

Share69Tweet43
Previous Post

දුවේ පුතේ… පහසු ඇඳුමකින් පාසල් එන්න.. අධ්‍යාපන අමාත්‍යාංශය කියයි!

Next Post

අවුරුද්දකට අක්කර 10000ක් වස විස නැති ගොවිතැන කළේ අපේම ක්‍රමයකට…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.