බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අවුරුද්දකට අක්කර 10000ක් වස විස නැති ගොවිතැන කළේ අපේම ක්‍රමයකට…

වැලිසර ළය රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම

by editor
ඔක්තෝබර් 24, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම වැලිසර ළය රෝහලේ වෛද්‍යවරයෙකි. බෝ නොවන රෝගවලින් පීඩිත බහුතර පුරවැසියන් සුවපත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික මැදිහත්වීමක් කරමින් සිටින විද්වතෙකි. ඔහු ඇතුළු සංවිධානගත විද්වත් පර්ශදයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දේශීය බීජ ප්‍රභේද සමග බද්ධ වූ දේශීය ගොවිකම් තාක්ෂණය අධ්‍යයනය කරමින් වස විසින් තොර ගොවිතැනක් පුරා දශකයක් තිස්සේ රට පුරා තෝරාගත් ගොවිබිම්වල ප්‍රායෝගික කරමින් සිටිති.  ඒ සඳහා ගොවීහු දැනුම්වත් කරති. ඔවුන්ට පහසුකම් සලසති. කාබනික ගොවිතැනේ ඵලයක් වූ දේශීය සහල් වර්ග අඩු මිලට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමේ යාන්ත්‍රණයක් සක්‍රීය කරති.
කාබනික වගාවේ සිය ප්‍රායෝගික අත්දැකීම   වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම ලංකාසර වෙබ් අඩවිය හා  මෙසේ  බෙදා ගත්තේය.

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
  • ඔබ කතා කරන කාබනික ගොවිතැන සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මේ මොහොතේ මේ රටේ  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රධානම අපේක්ෂාව යහපත් වස විස නැති ගොවිතැනක්.  අප මේ කතා කරන්නෙ මේ පොළොවේ ඔප්පු කර පෙන්නූ ප්‍රායෝගික අත්දැකීම් එක්ක.  වස විස නැති ගොවිතැන කියන්නෙ පාරම්පරික දැනුම අත්දැකීම් එක්ක ගොඩ නැගී ගලාගෙන එන තාක්ෂණික ක්‍රියාවලියක්. ඒ තාක්ෂණය පෙළ ගැසෙන්නෙ  ජීව විද්‍යාත්මක මෙන්ම අධ්‍යාත්මික නැඹුරුවක් සහිතව පරිසරය එක්ක එකඟතාවයකින් කරන  ගනුදෙණුවක් විදිහට.

අප අවුරුදු 10ක් තිස්සෙ වස විස නැති වී ගොවිතැන කරනවා.  අවුරුද්දකට කන්න දෙකේ දී අක්කර දස දහසකට වැඩි ප්‍රමාණයක් අස්වද්දනවා.  ඒ අස්වැන්න වෙළෙඳපලේ තියන සහනදායීම මිලට ජනතාවට ලබා දෙනවා. අප මේ ක්‍රියාවලිය තුළ ප්‍රායෝගික මිනිස්සු.

  • මේ ගොවිතැන ප්‍රායෝගික ද?

පැහැදිලිවම ඔව්. කෘෂිකර්මාන්තයේ දී මූලිකම අංග හතරක් සම්පූර්ණ වෙන්න අවශ්‍යයයි.  එකක් ඉහළ අස්වැන්නක් ලබා දීම, කෘමි උවදුරු ඇතුළු පළිබෝධ පාලනය, වල් පැලෑටි මර්ධනය සහ අඩු වියදම. මේ ගොවිතැන් ක්‍රමයෙ දි ඒ සියල්ලම සාර්ථක වෙනවා. ඒ වගේම පසේ විෂ හරණයක් වෙලා පස සජීවී වෙනවා.

  • ඒ සඳහා ඔබේ යෙදවුම් මොනව ද?. ඔබ පොහොර ලෙස පාවිච්චි කරන්නෙ කාබනික ද්‍රව්‍යය ද?

අප මෙච්චර කාලයක් ගොවිබිම්වල ප්‍රායෝගික කළ දේ  වෙනස්ම ක්‍රමවේදයක් තුළයි ගොඩනැගුනෙ.  අපි වගා කළේ මේ රටේ දේශීය වී වර්ග.  ඒ සඳහා අප කළ අධ්‍යයනයන්වලින් අවබෝධ වුන යථාර්ථයක් තිබුණා. ස්වභාවික පස තුළ ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ චක්‍රාකාර ක්ෂුද්‍රජීවී ක්‍රියාවලි කෘත්‍රිම යෙදවුම් එක්ක අඩපණ වෙලා පස අජීවී වෙලා තිබුණේ. මේ අජීවී පස විෂ හරණයකින් සජීවී කළ හැකි නම් එම ක්ෂුද්‍රජීවී ක්‍රියාවලින් හරහා පරිසරයට ආගන්තුක නොවන පැලෑටි පෝෂණයට අවශ්‍ය පෝෂක නිර්මාණය කරනවා.  උදාහරණයක් ලෙස ඔබ ඔබේ ගෙවත්තෙ වැවෙන තෘණ වර්ග බලන්න. ඒ තෘණවර්ග සඳහා ඔබ පොහොර යෙදවුම් කරන්නෙ නෑ. හේතුව ඒ තෘණ මේ පරිසරයේම ආවේනික කොටසක්.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දේශීය වී වර්ග කියන්නෙ රටේ ඒ ඒ දේශගුණික තත්වය යටතේ වැවෙන ඒ පරිසරවලට ආවේනික පැලෑටි. ඒ නිසා එම වී වර්ගවලට පරිසරයේ වෙනස් සාධක එක්ක අමුතුවෙන් තරග කරන්න දෙයක් නෑ. සිදුවෙන්න අවශ්‍ය පස සජීවී කර එහි ක්‍රියාත්මක ස්වභාවික චක්‍ර ටික බලගැන්වීමයි. එවිට ඒ ගොයම සාර්ථකව වැවෙනවා.

  • එසේ පස සජීවීකරණයට ඔබ යෝජනා කරන යෙදවුම් මොනව ද?

ඒ සඳහා අපි පාරම්පරික දැනුම හා ඥානය බලගන්වලා ඖෂධීය ද්‍රාවණ වර්ග පහක් හැදුවා. පොහොරක් නෙමෙයි මෙය. එය ඖෂධයක් ලෙස හඳුන්වන්න අපි කැමතියි. මොකද මේ ද්‍රාවණය නිසි උපදෙස් පිට යෙදූ විට පසේ විෂ හරණය වෙනවා වගේම ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය ආරම්භ වෙනවා.

  • මේ  ඖෂධීය ද්‍රාවණය හැදෙන්නෙ කොහොම ද?.

ස්වාභාවික ද්‍රව්‍යමය යොදාගෙන. ස්වභාවික ශාක පත්‍ර ශාඛ කොටස් මෙන්ම සතුන්ගේ මළ ද්‍රව්‍ය යම් ආකාරයක පැසීමකට ලක් කරනවා. උදාහරණ වශයෙන් ගොම, මී බෙටි අලිබෙටි වගේ දෙවල් කොහොඹ කොල කොහොඹ ඇට, වැටමාර නිදිකුම්බා, ඉරිවේරිය  වැනි ඖෂධීය ශාඛ ශාක පත්‍ර එකතුකර    පැසීමකට ලක් කරනවා. එම නිමැවුම තමයි ද්‍රාවණ වර්ග පහක සැකැස්මක් විදිහට එන්නේ.

ඖෂධීය ද්‍රාවන
  • මොකක් ද මේ ද්‍රාවණ සම්බන්ධව තියන විද්‍යාත්මක තහවුරුව?

මේ ද්‍රාවණයේ කිසිම ටොක්සීන වර්ගයක් නෑ කියලා, වසක් විසක් නෑ කියලා ITI ආයතනයේ  පරීක්ෂණවලින් තහවුරු කරලා තියනවා.

මේ යෙදවුම් සහිතව කරන ගොවිතැනේ දි පසේ විෂ හරණය වන බව රුහුණු විශ්විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කළ පරීක්ෂණයකින් තහවුරු කරලා තියනවා.

ඊලඟ විද්‍යාත්මක තහවුරුව තමයි ප්‍රායෝගිකව අවුරුදු පතා අක්කර දස දහසකට වඩා වැඩි ගොවි බිම් ප්‍රමාණයක් තුළ අප කළ වගාව.  මේ කිසිම වගාවක් අසාර්ථක වෙලා නෑ. මේ වගාවල අස්වැන්න අඩු වෙලා නෑ. මේ වගා සඳහා   මේ ඖෂධ විශේෂය හැර කිසිම බාහිර යෙදවුමක් යොදවා නෑ.

වැදගත්ම දේ මෙච්චරයි. මේ වගාව සඳහා කරන නිසි මගපෙන්වීම ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. අක්කරයක් සඳහා වැය වන්නෙ මේ ද්‍රවණයට වැය කරන රුපියල් 3800ක මිලක් පමණයි. ඒ මුදල මේ සඳහා අප දරන පිරිවැය විතරයි.

  • ඔබේ වගාවෙ අස්වැන්න දල වශයෙන් කොපමණ ද?

අපි වවන්නෙ කහවනු කහමාල, මඩතවාලු, කරුලුතුඩ ඇතුළු දේශීය වී වර්ග. වියලි කලාපයේ දී අප අක්කරයකට බුසල් 90 -120 අතර ලැබෙනවා. තෙත් කලාපයේ අක්කරයකට බුසල් 70-80 ප්‍රමාණයෙන් අස්වැන්න ලැබිලා තියනවා. මේ වගාවෙ අස්වැන්න අඩුයි කියන එක අපි පිළිගන්නෙ නෑ.

  • කෘමි පලිබෝධ වල්පැලෑටි මර්ධනය කරන්නෙ කොහොම ද?

ස්වභාවික කෘමි විකර්ශකයක් ලෙස මෙම ද්‍රාවණය යෙදවෙනවා. වල් මර්ධනය කියන දේ සම්බන්ධව අප කතා කරන්න ඕන මේ පාරම්පරික ගොවිතැන් ක්‍රමයත් එක්ක.

මේ ගොයම් ගස මුලින්ම කීවා වගේ මේ පරිසරයට ආවේනික පැලෑටියක්. එය අඩි හතරක් විතර උසට වැවෙනවා පඳුරු දමමින්. ඒ කියන්නෙම පරිසරයේ වැවෙන අනෙක් පැලෑටි එක්ක තරග කරලා මේ ගොයම වැවෙන අවස්ථාවෙදිම ස්වභාවිකව වල් මර්ධනයක් වෙනවා.

අනෙක සම්ප්‍රදායික ගොවිතැනේ දි වල්පැලෑටි යම් ප්‍රමාණයක් තිබීම වගාවේ ලක්ෂණයක්. එහෙත් මේ ගොයමට ලැබෙන පෝෂණයත් එක්ක එය වර්ධනය වන ආකාරයෙන් එම වල්පැලෑටි ප්‍රමාණයත් මර්ධනය වෙනවා.

  • පොහොර යෙදවුම් නිශ්චිත ප්‍රමාණයට නැතිව මේ ශාඛය වර්ධනය කරගන්නෙ කොහොම ද?

මෙය මා ඔබට මුලිනුත් යම් ප්‍රමාණයකට පැහැදිලි කළා. ස්වභාවික පසේ වැවෙන ස්වභාවික පැලෑටියකට අවශ්‍ය පෝෂක පාංශු ක්ෂුද්‍රජීවී ක්‍රියාවලි හරහා නිර්මාණය වෙනවා. පසුගිය අවුරුදු 60 ඇතුළෙ පසේ මෙම ස්වභාවික චක්‍ර නැතිවුණා. පස අජීවී වුණා.  ඒ තත්වය පුනරුත්ථාපනය වුනාම අප විශ්වාස කරන්න බැරි පාරිසරික ආශ්චර්යයක් සිද්ධ වෙනවා.

මා නැවත ඔබට අපි අත්විඳපු දෙයක් කියන්නම්.    අපේ හැම හැම කුඹරකම මාලුවො ඇතිවනවා. මාලු පැටවු ඇති වෙනවා. ගැඩවිල් පස් ඇති වෙනවා. පසේ ස්වභාවික චක්‍ර සියල්ලම ක්‍රියාත්මක වෙනවා. පස ස්වභාවිකත්වයකට පත් වෙනවා. මේක අපි අත්දැකපු යථාර්ථයක්.

අත්හදා බැලීමක් ලෙස අපි මේ යෙදවුම    දෙමුහුම් භෝගවලටත් භාවිත කළා.   තේ වගාවට යෙදුවා.  සාර්ථකත්වයක් ලඟා කරගත හැකි ප්‍රතිඵල අප අත්දුටුවා.

  • ඔබ පාරම්පරික වී වගාවේ පාරිසරක තත්ව ගැන කිව්වා. ඒ හැර වෙනත් විශේෂ හේතුවක් තිබුණ ද පාරම්පරික වී වගාව තෝරා ගන්න.

පැහැදිලිවම ඔව්.  ආහාර සුරක්ෂිතතාවය කියන එක ඇතුළෙ වැදගත්ම කාරණාවක් තමයි බීජ අයිතිය. දෙමුහුම් වී වර්ගවලින් බීජ වී හදාගන්න බෑ. ඔවුන් බීජ සඳහා කිසිවෙක් මත හෝ යැපෙන්න ඕන.  පාරම්පරික වී හින්දා තමයි අඛන්ඩ බීජ පරම්පරාවක් ලැබෙන්නෙ. ඔබ පරම්පරා දෙකක් එපිටට කල්පනා කරන්න.  බීජ සඳහා ඉස්සර ගොවියා කඩේ ගියේ නෑ. තමන්ගේ අටුවෙ තමනගේ වී ටික තිබුණා.  නමුත් දෙමුහුන් බීජ ආවට පස්සේ ගොවියට තමන්ගෙ බීජ අයිතිය නැතිව ගියා.  ඒ නිසා තමයි අපි කියන්නෙ තමන්ට බීජ සංරක්ෂණයක් කරන්න අවශ්‍ය නම් බීජ සංචිතයක් අවශ්‍යනම් පාරම්පරික බීජ ටිකක් වගා කළ යුතුමයි.

ඒ වගේම මේ සහලේ තිබෙන ගුණාත්මක භාවය.    පාරම්පරික ධාන්‍යවර්ගවල දේශීය කුළුබඩුවල   ලෝකෙ කොහෙවත් නැති ප්‍රතිඔක්සිකාරක ගුණ තියනවා. ඒ කියන්නෙ පිළිකා මර්ධන ගුණ, දියවැඩියා මර්ධන ගුණ මේ භෝගවල තියනවා. පාරම්පරික හාල් කන අයට දියවැඩියාව පිළිකා හැදෙන්නෙ නෑ. ෆැටි ලිවර් නෑ. හන්දිපත් අමාරුව නෑ.

පාරම්පරික ධාන්‍යවල තියන තන්තු ප්‍රමාණය වැඩියි. ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණය වැඩියි. කැල්සියම් මැග්නීසියම් යකඩ ප්‍රමාණය වැඩියි. සුලු ප්‍රමාණයකින් හරි   මේ ගොවිතැන එක්ක යන්න කියන එක අපි සෑහෙන කාලයක සිට රටට යෝජනා කළේ ඒ නිසා.

නීරෝගී මිනිසුන් හදන පාරම්පරික ආහාර ටික අපට තියනවා. ඒ ක්‍රියාවලිය බලගැන්වීම අපේ මේ වගාවෙ මූලික අර්ථය වුණා. වෛද්‍යවරයෙක් ලෙස මා මේ අධ්‍යයනයන් සඳහා ප්‍රවේශ වන්නේ මේ රෝගී සමාජයේ රෝග මූලයන් දැක අත්විඳ හඳුනාගත් කෙනෙක් ලෙසයි.

  • ගොඩ ගොවිතැන සඳහා මේ යෙදවුම් භාවිත කළ හැකි ද?

සම්ප්‍රදායික එළවළු වර්ග වගාව සඳහා භාවිතා කළා.  ඒ සඳහා නිශ්චිත මගපෙන්වීමක් අප කරනවා.

  • දැනට ඔබේ නිශ්පාදන සිද්ධ වෙන්නෙ කොහෙ ද?

වැලිවේරියෙ.

  • පේටන්ට්  අයිතිය මේ සඳහා ඔබ ගත්තෙ නැත්තෙ ඇයි?

එය  අවශ්‍ය නෑ. එහෙම අවශ්‍ය වෙන්න ඒ සඳහා ප්‍රධාන ව්‍යාපාර අරමුණක් තිබිය යුතුයි.  මූලික දේ මේ තාක්ෂණය මේ රටට ලබා දීම සිද්ධ වෙන්න ඕන. අප එය කරලා තියනවා.

  • ව්‍යාපාරික අරමුණක් ඇත්තෙම නැද්ද?

කිසිසේත්ම නෑ. අපි මේ ඖෂධ නිකුත් කරන්නේ ඒ සඳහා කරන වියදම ආවරණය කරගෙන පමණයි.   හෙළ සුවය දේශීය සහල් ගැන බලන්න. වෙළෙඳපලේ තියන අඩුම මිල දේශීය සහල් හෙළ සුවය සහල් වෙන්නෙ ඒ නිශ්පාදන වියදම සහ ප්‍රවාහන වියදම පමණක් අප විසින් ආවරණය කරගන්න නිසා.

මේ අරමුණු හා සංකල්ප තියෙන්නෙ ඔබ හිතනවාට වඩා බොහොම වෙනස් තැනක.

  • ඔබේ මේ ක්‍රියාවලිය කෘෂිකර්ම බලධාරීන් දැක්කෙ නැද්ද?

දැක්කා. පොහොර තහනම ආපු වෙලාවෙම අප ඔවුන්ට මේ වගා තාක්ෂණය ගැන කිව්වා. ඔවුන් ක්ෂේත්‍රයට ඇවිත් ප්‍රායෝගිකව මේ වගාව නිරීක්ෂණය කළා. අපේ ප්‍රධාන වගාවන් සිද්ධ වෙන්නෙ ගම්පහ, අනුරාධපුර, අම්පාර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල.  මේ සෑම දිස්ත්‍රික්කයකම කෘෂිකර්ම බලධාරීන් මේ වගා තාක්ෂණය සියැසින් දැක ගත්තා.

ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා මේක දැක්කා. ඔහු අප සමග ගතකරමින් දීර්ඝ සංවාදයක යෙදුනා.   මේ ගොවිතැන් ක්‍රමයේ ස්වරූපය සහ එහි භාවිතය සුදුසුයි කියලා ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට  දැනුම් දුන් බව මා දන්නවා.

  • එතැනින් ඉදිරියට මේ සංවාදය යන්නෙ නැත්තෙ ඇයි?

අපට තියන ප්‍රශ්නයත් ඒකයි. මේ වගාව යම් පරිමාණයකින් කරනවා නම් ඒ සඳහා අප යෝජනාවලියක් දීලා තියෙන්නේ. තාක්ෂණය දීලා තියෙන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

  • දැන් ඔබට මේ තාක්ෂණයෙන් වගා කරන වගා බිම් පෙන්වන්න පුලුවන් ද?

මේ අතරමැදි කන්නයක්. මේ කන්නයේ මේ මොහොතේ   ඔබට පෙන්විය හැකි කුඹුරු අක්කර 500කට වඩා තියනවා අස්වැන්න සහිතව. මහ කන්නය ආරම්භ කළ පසු අක්කර හාරදහසකට වැඩි ප්‍රමාණයක වගා බිම් ඔබට පෙන්වා දෙන්නම්. ගිය කන්නෙදි අක්කර 3000ක් වැව්වා.

  • මෙච්චර සාර්ථක නම් ඇයි ගොවීන් මේ වගාවට මාරු වෙන්නෙ නැත්තේ.

මේ වී මිලදී ගන්නෙ නෑ කවුරුත් . දැනට ඒ අස්වැන්න  මිලදී ගන්න ප්‍රධානම ගැනුම් කරුවන් වෙන්නෙත් අපි. අපි රුපියල් 80ට 90ට වී කිලෝවක් මිල දී ගන්නවා.

මේ වගාව පිළිබඳ පණිවිඩය ගොවීන්ට නිවැරදිව ගියෙ නෑ. ඒ සඳහා ඉඩ හසර සැලසුවෙත් නෑ.  මේ වී ගහ උසයි. කඩා වැටෙයි කියලා ගොවීන්ට බියක් තියනවා. එහෙත් නිශ්චිත උපදෙස් මත වැවුවා නම් එවැනි කඩා වැටීම් වෙන්නෙ නෑ. ඒ සමගම කෘෂි රසායනික සමාගම් මේ ගොවිතැන කරන්න අවශ්‍ය පරිසරය මතවාදීමය වශයෙන් විනාශ කළා.

අප මෙ ගනුදෙනුව කරගෙන යන්නෙ  පාරම්පරික වී ඇටයක්වත් හඳුනන්නෙ නැති, පාරම්පරික ගොවිතැන ගැන දැනුම්වත් භාවයක් නැති ගොවි පිරිසක් එක්ක. පාරම්පරික ගොවිතැනට අනුවර්ථනය වීම සඳහා එය හඳුනාගත යුතුයි. ඒ සඳහා කන්නයක් දෙකක් ගත කරන්න වෙනවා.

මේ පසුබිම තුළ ඔවුන් අතරින් එන ප්‍රතික්ෂේප වීම සාධාරණයි. ඔවුන් ගනුදෙණු කරන්නෙ ඔවුන්ගෙ අත්දැකීම් පරාසත් එක්ක.

මේ වගේ නව ප්‍රවේශයන් සඳහා රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම අවශ්‍ය වන්නෙ ඒ නිසා. අවසාන වශයෙන් අප රටට මේ පණිවිඩය දෙනවා. මෙය කළ හැකි වැඩක්. හැබැයි නිශ්චිත විනයක් හා වගවීමක් එක්ක කළ යුතු වැඩක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රාජ්‍ය මාධ්‍ය ආයතනවල පාඩුව තවදුරටත් දරාගන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

Next Post

ඉන්දීය යුද නැව් 6ක් කොළඹට සහ ත්‍රිකුණාමලයට

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.