පාසල් පැමිණීම සඳහා දරුවන්ට පහසු ඇඳුමක් හා පහසු පාවහන් යුගයලකින් සැරසෙන්නට අවසර හිමිවන වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කරයි.
වසරකට අධික කාලයක් දරුවන් නිවෙස් තුළ සිරවී සිටීම හේතුවෙන් බොහෝ දරුවන් වැඩී වී ඇති බැවින් පාසල් නිල ඇඳුම හා පාවහන් දැමීමට නොහැකි වී ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි.
රට තුළ පවතින ආර්ථික අර්බුද හමුවේ දෙමාපියන්ට දරුවන්ට පාසල් නිල ඇදුමක් ලබා දීමට නොහැකි තත්ත්වයට මතුව ඇති බැවින් මෙම තීරණය ගත් බව අතිරේක ලේකම් ධර්මසේන සදහන් කරයි.
මෙම තීරණය වෙනස් වන්නේ නම් ඒ පිලිබඳව ඉදිරියේ දී දෙමාපියන්ව හා ගුරුවරුන්ව දැනුවත් කරන බවත් එසේ තීරණය වෙනස් වෙන තෙක් මෙය ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කරයි