රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් එක් දිනක නොගෙවා දින දෙකක දී ගෙවීමට රජය තිරණය කර ඇතැයි වාර්තා වේ .
අද කැබිනට් තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කීවේ ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර රාජ්‍ය සේවක වැටුප් ප්‍රමාද වන බවය.
එහි මූලික පියවර ලෙස මින් මතු මාසික වැටුප් ප්‍රේෂණය කිරීමේ දී මාණ්ඩලික නිලධාරීන්ගේසහ අනෙකුත් මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අත් මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පරිදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගා මෙහෙයුම් දෙපාර්තමේන්තු සියලුම රාජ්‍ය ආයතනවල මූල්‍ය ප්‍රධානීන් වෙත ලිඛිතව දන්වා තිබේ
ඒ අනුව මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් වෙන වෙනම ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද භාණ්ඩාගාර
දෙපාර්තමේන්තුව ආයතන මූල්‍ය ප්‍රධානීන්ට දන්වා ඇත.








