නව බදු සංශෝධන යටතේ වැටුප් ලබන පුද්ගලයින් ලබා ගන්නා වැටුපට සාපේක්ෂව උපයන විට ගෙවන බද්ද (PAYE) ඇතුළු බදු ලබා ගැනීමට කටයුතු කළද වැටුපට අමතරව මහජන බදු මුදල් වැය කරමින් මූල්‍ය නොවන වරප්‍රසාද රැසක් විදින අයගෙන් ඊට සාපේක්ෂව බද්දක් අය නොකෙරෙන බවත් ඔවුන්ගෙන් ද බදු අය කර ගැනීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
විශේෂඥ වෛද්‍යවරන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසංහට ඊයේ ලිපියක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව අවධානය යොමු කරවන ලෙස ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ අතැම් රාජ්‍ය නිලධෘරීන් මූල්‍ය නොවන වරප්‍රසාද ලෙස වාහන කීපයක් , නිල නිවාසයක් , ගෘහ සේවකයන් වැනි වරප්‍රසාද ලැබුවද එහි මූල්‍යමය වටිනාකම කිසිසේත් ගණනය නොවන බවයි.
ඇතැම් නිලධාරීන් වෙනුවෙන් රජයේ වාහන එකකට වැඩි ගණනක් පවා වෙන්ව පවතින තත්ත්වයක් දැකිය හැකි බවත් එවැනිම වරප්‍රසාද ල ැබිය යුත පිරිසකට ඒවා නොලැබීම මත දැඩි අසමතුලිත බවක් නිර්මාණය වී ඇතැයිත් එම සංගමය පෙන්වා දෙයි.
එහෙත් මෙවැනි වරප්‍රසාද රහිත සිය ප්‍රවාහන විදම් ඇතුළු සෙසු වියදම්ද ලැබෙන වැටුපින් පියවා ගත යුතුව පවතිද්දී ඊට අමතරව විශාල බද්දක්ද ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ එම ක්‍රමවේදය වෙනස් විය යුතු බවය.
ඒ අනුව ඔවුන් යෝජනා කරන්නේ ඇතැම් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන වරප්‍රසාද වෙළෙඳපොළ වියදම් මත ගණනය කළ යුතු බවයි.
එයින් බදු ගෙවීමේ අවස්ථා පැහැර හැරීම නවතින බවද සංගමය පෙන්වා දෙයි.
තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කරන්නේ ලංකාවේ බදු ජාලය පුළුල් කිරීම ඉතා අඩු වේගයකින් සිදු කෙරෙන අතර රජය දැනට බදු ගෙවන පුද්ගලයන් මතම දැඩි පීඩනයක් එල්ල කරමින් බවයි