අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගත බඩගින්නේ ව්‍යසනය තවත් රුදුරු වෙයි… කහ වී පිදුරුවන මහවැලි ගොයමට ගොවී පිරිසක් ගිනි තබති…

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

මෙවර මහ කන්නයේ පොලොන්නරුවේ ප්‍රදේශ රැසක ගොයම් කහවීමේ රෝගයක් සමඟ කිසිදු වී අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මහවැලි බී කලාපයේ වැලිකන්ද මොණරතැන්න ගොවිහු අද (17 ) දහවල් ගිනිතබා විනාශ කළහ.

කහ වු ගොයම…

දින 60 ක් 75ක් වන මෙම ගොයම කහ පැහැගැන්වී ගොයම් කොළ පිදුරු බවට පත්වී ඇති බව ගොවීහු දැඩි වේදනාවෙන් කීහ.
මේ පිළිබඳ ගොවි සංවිධාන කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා කිසිදු කෘෂිකර්ම බලධාරියෙකු නිශ්චිත ප්‍රතිකර්මයක් නිර්දේශ කිරීම්ට මෙතෙක් ඉදිරි ඉදිරිපත් නොවීමත්, මෙම රෝගය අනෙකුත් කුඹුරුවල ගොයම්වලට වැළඳී ඒවාද විනාශ වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති වීමත් ගොයම් ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බව මේ වේදනාත්මක අත්දැකීම ලද කපිල සිරිල් පතිරණ අප සමග කීවේය,

කපිල සිරිල් පතිරණ

මහවැලි බී කලාපයේ අක්කර හැටදාහකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයක් මෙවර මහ කන්නයේ වී වගා කර තිබිණි.ඉන් සියයට හැට හැත්තෑවකට මෙම රෝගය මේ වෙනවිට වැළඳී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

අක්කර දෙකහමාරකට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීමට රජයට රුපියල් තිස්දාහක මුදලක් තමන් ලබාදුන් බවත් කන්න හතරකින් මෙම කුඹුරු සඳහා රතු කුඩු දමා නොමැති බවත් ඔහු කීවේය.

“රජයේ ලබාදුන් පොහොර වලින් මෙම රෝගය හටගෙන ඇති බවට අපිට හිතෙනවා. මේ විනාශ වූ කුඹුරු සඳහා සියලු ගොවීන්ට වහාම වන්දියක් ලබාදීමට පියවර ගන්න…“ මහවැලි ගොවීහු ඉල්ලා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවින් පවසන්නේ ගොයම් කහ වීමේ රෝගයක් සමඟ මෙවර ගොයම් පීදීමට ලක්නොවන බවය. මීට පෙර කන්නවල අක්කර දෙකහමාරකින් වී කිලෝ හාරදාහක්, පමණ ලබා ගත්තද මෙවර, ගොයම් පත්ව ඇති තත්ත්වය අනුව ඉතිරි වී ඇති වගාවෙන් අක්කරයකට වී කිලෝ 500 ක් වත් අක්කරයකින් ලබාගැනීමට නොහැකි වනු ඇති බවද ඔවුහු කීහ.

මැරී ගිය ගොයම දකිමින්…

ඉන්ධන මිල ඉහළ නැගීම, හා වී වගා කිරීමේ යෙදවුම් මිල ඉහළ නැගීම හේතුවෙන් මෙවර අක්කර දෙකහමාරක් වී වගා කිරිමට ගොවියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් වැය තිබිණි.

එම මුදලින් සියයට 25ක් වත් මෙවර මෙම රෝගය නිසා ලබාගැනීමට නොහැකි වනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
ඉතිරි වී ඇති ගොයම් මෙම රෝගයෙන් බේරාගැනීමට, කෘෂිකර්ම බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මහවැලි බී කලාපය ගොවි වූ සඳහන් කරති.

ගොයම් කොල කහ වීමෙ රෝගය පිළිබඳව අප දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා සහ කෘෂිකර්ම බලධාරීන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ එම රෝගය මර්දනය කිරීම සඳහා වෙළඳපොලේ දිලීර නාශක වර්ග කිහිපයක් ඇති බැවින්, ඒවා ගොයමට ඉසීමෙන් එම රෝගය මර්දනය කරගත හැකි බවට ගොවීන් දැනුවත් කර ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරප්‍රසාද ලබන පිරිසක් නිසා ඇති වන බදු ලෙඩක් ගැන විශේෂඥ වෛද්‍යවරු ජනපතිට කියති!

Next Post

පළාගිය ජනාධිපතිටත් ආණ්ඩුවෙන් වාහන 19ක් ! කෑම බීමට මාසිකව ලක්ෂ 9ක් ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.