fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගලවත්තේ ගිනිගෙන මිය ගිය පුද්ගලයින් පස් දෙනාගේ මරණ සැක සහිතයි!… පුළුල් පොලිස් විමර්ශන

මාස 8ක් ago
in පුවත්, සමාජ
470 4
0
Ragala-Watta

මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වමින්..

Share on FacebookShare on Twitter

ඉතාම සැක කටයුතු ඉසවු ගණනක් පිළිබඳ විමර්ශනය කරමින් රාගලවත්තේ පිලිස්සී මිය ගිය පස් දෙනාගේ සිද්ධිය පිළිබඳ විමර්ශන ගලා යමින් ඇත.

මේ තරම් තදබල ගින්නක් ඇති වී තාවකාලික නිවස දැවී අලු වී යනතෙක් මේ පුද්ගලයින් පස්දෙනාගෙන් එක් අයෙක්වත් නිවසින් පිට නොවීමත් එක් අයෙක් හෝ කෑ ගසනු නොඇසුණු බව අසල්වාසීන් තහවුරු කර කීමත් විමර්ශකයන් ගේ බරපතල අවධානයට යොමු වී තිබේ.

මේ වනවිට වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සිද්ධියෙන් මිය ගොස් සිටින්නේ  01 හැවිරිදි මෝහන් දාස් හෙරෝසන්,   අවුරුදු 11 වයසැති සත්‍යානාදන් දිවාකරන් ඔවුන්ගේ මව වන වන 35 හැවිරිදි ජෙකුමාරි නදියා,  දරුවන්ගේ සීයා සහ ආච්චී වූ    59 හැවිරිදි රාමයියා තංගයියා, සහ  වන 54 හැවිරිදි සිවනමුත්තු ලෙච්චමීය.

මේ නිවසේ ජීවත්වෙමින් සිටි අයගෙන් එක් පුද්ගලයෙක් පමණක් ජීවිතය බේරාගෙන තිබේ. ඔහු දරුවන්ගේ මාමා එනම්  මවගේ සොයුරා වන 26 හැවිරිදි රවීන්ද්‍රන් නැමැත්තෙකි.

පළමු උපන්දිනය.

Ragala-Watta
පළමු උපන්දිනයට සැරසුන මව ළදරුවා සහ මිත්තනිය…

මේ තාවකාලික නිවස කාමර දෙකකින් යුක්ව තිබී ඇත. එක් කාමරයක් ඉටි රෙදි ආවරණය කර තනාගත් එකකි. අනෙක කටු මැටියෙන් තැනූ එකකි.

මේ කුඩා නිවසේ  එදින උපන්දින සාදයකි. ඒ මෝහන් දාස් හෙරෝසන් ළදරුවාගේ පළමු උපන්දිනය ය.

මේ දරුවන් දෙදෙනාට පියවරු දෙදෙනෙකි. දරුවන්ගේ අම්මා වන ජෙයකුමාර් නදීයාගේ මුල් විවාහයේ සැමියා මියගොස් ඇත. වයස අවුරුදු 11 දරුවා මුල් විවාහයේ දරුවෙකි. දෙවැනි විවාහයේ දරුවාට  වසරකි. යෙදී තිබී ඇත්තේ ඔහුගේ පළමු උපන්දිනය ය.

උපන්දිනය සමරණ දරුවාගේ තාත්තා එදින කේක් එකකුත් රැගෙන එම නිවසට පැමිණ ඇත. රාත්‍රී 07ට  පමණ කේක් කපා උපන්දින සාදය සමරා තිබේ. අනතුරුව දරුවාගේ පියා නිවසින් පිටව ගොස් ඇත. ජීවීතය  බේරාගත්  දරුවන්ගේ මාමා ද නිවසින් පිටව ගොස් තිබේ.

Ragala-Watta
පිලිස්සී මිය ගිය වැඩිමල් දරුවා සහ දරුවාගේ සීයා…

පියා නිවසේ නොසිටියේ ඇයි

දරුවාගේ මුල් උපන්දිනය දා දරුවාගේ පියා නිවසේ නොසිටීම පොලිසියේ බරපතල සැකයට හේතු වී තිබේ. ඔහුව පොලිසිය   අත්අඩංගුවට ගෙන තිබිණි.  මෙහිදී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ගෙ විවාහයට කුල ප්‍රශ්නයක් හේතුවෙන් දෙමවුපියන් බරපතල ලෙස විරුද්ධ බවය. ඒ නිසා කලාතුරකින් අවස්ථාවක හැර තමන් සිය විවාහක බිරිය සමග දිනයක් ගත නොකරන බවය.

එම අකමැත්තට හේතු වී ඇත්තේ කුල ප්‍රශ්නයක් බව ද ඔහු කීවේය. ඔහු රාගල වත්තේ පහළ කොටසේ පදිංචි කෙනෙකි.  මේ පවුලේ කිසිවෙක් මේ වත්තේ රැකියාව කර නැති බවද පැවසේ. මිය ගිය දරුවන්ගේ මව ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇත. ළදරුවාගේ පියාත් වෙන වත්තක රැකියාව කරන අයෙකි.

සොයුරාට මතක නෑ…

දිවි බේරාගත් 26 හැවිරිදි තරුණයා පොලිසියට කියන්නේ මේ සිද්ධිය පිළිබඳව තමන්ට කිසිම දෙයක් මතක නැති බවය. ඔහු කියන්නේ තමන්ගේ මස්සිනා සවස කේක් එකකුත් රැගෙන පැමිණි බව මතකයක ඇතැයි පමණි.

ඔහු විටින් විට නිවසින් පිටවී ගොස් ඇත. මේ සිද්ධිය වෙන අවස්ථාවේ ඔහු නිවස ඉදිරිපිට වැටී සිට තිබේ. ඒ අධික ලෙස බීමත් වීමෙනි.

තමන් ඇහැරුනේ ගේ  ගිනි ගනිමින් ඇති විට බවත්,  අධික රස්නය නිසා නිවස අසලටවත් යන්නට නොහැකි වූ බවත් කියන මේ පුද්ගලයා ඒ නිසාම බීමතින් සිටි තමන් කිසිදෙයක් කිරීමට ඉදිරිපත් නොවූ බවය.

“ගෙදර තියෙන්නෙ කාමර දෙකයි. ඉස්සරහා කාමරය තිබුණෙ ඉටිරෙදි වලින් වහලා. අනික් කාමරය කටු මැටියෙන් හදලා තියෙන්නෙ.“ ඔහු පොලිසියට කීවේය.

මේ කටුමැටි ගසූ කොටසේ කාන්තාවන් දෙදෙනා සහ දරුවන් දෙදනා සිට ඇත. පිරිමි පුද්ගලයා සිට ඇත්තේ ඉටිරෙදිවලින් ආවරණය කළ කොටසේය.  පිරිමි පුද්ගලයාගේ සිරුර හඳුනාගත නොහැකි තරමටම පිළිස්සී තිබිණි. ඒ නිසාම ගින්න හටගත්තේ ඒ පැත්තෙන් විය හැකියැයි විමර්ශකයෝ සැක පහළ කරති.

Ragala-Watta
පිලිස්සී ඇති නිවස

සැකය

“කිසිම සද්දයක් ඇහුණෙ නෑ. අපි හිතුවෙ ගෙදර කවුරුත් නෑ කියලා.“ අසල්වාසීහු  පොලිසියට කියා තිබුණහ.

මේ ඉටි රෙදි වලින් ආවරණය වූ කටු මැටි පැල ගිනිගෙන අලු වී යනතුරු කෙඳිරියක සද්දයක් නොමැතිව, ඉන් පිටතට පැමිණිමේ උත්සාහයක්ද නොකර පස්දෙනෙක් එක තැන පිලිස්සී මිය ගියේ කෙසේ ද?. විමර්ශකයින් සිටින්නේ දැඩි අවධානයෙනි.

මේ පුද්ගලයින් සිහි විසඥ වී සිටියේ ද?. එසේත් නැතිනම් ඔවුන් මරා දමා ගිනි තබා තිබුණේ ද?. වෙනත් සාධාරණ ප්‍රායෝගික හේතුවක් ඇතිනම් එය කුමක් විය හැකි ද?. පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වමින් ඇත.

මුලින් කී ලෙස මිය ගිය දරුවන්ගේ මවගේ දෙවන විවාහයේ සැමියා දැන් සැක පිට පොලිස් අත්අඩංගුවේය.   වලපනේ මහසේත්‍රා ටී.ආර්.එස් ගුණදාස සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර ඇත්තේය.

ගින්නට හේතුව තවම නිශ්චිතව සනාථ වී නැත. සෙසු තොරතුරු පරීක්ෂණයේ දී ලබා ගන්නා පුලුල්  ප්‍රකාශ ඔස්සේ සිදුකරන විමර්ශන සහ රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරියේ දී හෙළිදරවු වීමට නියමිතය.

Ragala-Watta
විමර්ශකයන් සීරුවෙන්..
Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

රසායනික පොහොර තහනමට පොහොට්ටුවේ පසුපෙළත් එරෙහි වෙයි

Next Post

කොවිඩ් නිසා මිය ගිය දරුවන් 67 දෙනා ගැන විශේෂඥවරු කියන කතාව

Related Posts

wasamtha-Yapa-Bandara

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

මැයි 23, 2022

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

මැයි 23, 2022
Kusal

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….

මැයි 23, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!
  • රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….
  • පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් තරගය අතරතුර රෝහල්ගත කරයි….
  • රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!
  • චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ජනප්‍රිය පුවත්

  • pohottuwa

    21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

    243 shares
    Share 97 Tweet 61
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    272 shares
    Share 109 Tweet 68
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    178 shares
    Share 71 Tweet 45
  • පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

    203 shares
    Share 81 Tweet 51
  • කැබිනට් මණ්ඩලය 25 තෙක් වැඩිවෙයි… 

    172 shares
    Share 69 Tweet 43
  • ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

    172 shares
    Share 69 Tweet 43

Highlights

රෝහලට යන්න ඉන්ධන ලීටරයක් නැතිව කිරි දරුවන් මැරෙනවා… දැන්වත් ඉල්ලා අස්වන්නැයි මහේල ජනපතිට කියයි!

චින කඳවුරු වල අපාදුක් විදින මුස්ලිම් වැසියන් ගැන සොයන්න මානව හිමිකම් මහ කොමසාරිස් චීනයට

ඊයේ යාපනයේ සුපිරි නාඩු කිලෝවක් රුපියලයි…

ඩී.අයි.ජී දේශබන්දු වහාම බස්නාහිරින් ඉවත් කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගයක්!

තවත් කැබිනට් ඇමතිවරු 08ක් දිවුරුම් දෙති…

සාමාන්‍ය පෙළට ලියන්න සිටි  දියණියක්  බිම් බෝම්බ නැතැයි කී බිමේ දී  බිම් බෝම්බයකට හසු වේ!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

wasamtha-Yapa-Bandara

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

by editor
මැයි 23, 2022
0

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් 21 වැනි ආණ්ඩුක්‍රම...

රට හොයන මනුස්සකම… නුවර ව්‍යාපාරිකයෙක් තමන්ගේ බස් රථ 03 සා.පෙළ දරුවන් නොමිලයේ ප්‍රවාහනයට යොදවයි….

by editor
මැයි 23, 2022
0

ඩීසල් පෙට්‍රල් අපහසුතා මධ්‍යයේ අපොස සාමාන්‍ය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist