බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගලවත්තේ ගිනිගෙන මිය ගිය පුද්ගලයින් පස් දෙනාගේ මරණ සැක සහිතයි!… පුළුල් පොලිස් විමර්ශන

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්, සමාජ
Ragala-Watta

මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වමින්..

Share on FacebookShare on Twitter

ඉතාම සැක කටයුතු ඉසවු ගණනක් පිළිබඳ විමර්ශනය කරමින් රාගලවත්තේ පිලිස්සී මිය ගිය පස් දෙනාගේ සිද්ධිය පිළිබඳ විමර්ශන ගලා යමින් ඇත.

මේ තරම් තදබල ගින්නක් ඇති වී තාවකාලික නිවස දැවී අලු වී යනතෙක් මේ පුද්ගලයින් පස්දෙනාගෙන් එක් අයෙක්වත් නිවසින් පිට නොවීමත් එක් අයෙක් හෝ කෑ ගසනු නොඇසුණු බව අසල්වාසීන් තහවුරු කර කීමත් විමර්ශකයන් ගේ බරපතල අවධානයට යොමු වී තිබේ.

මේ වනවිට වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සිද්ධියෙන් මිය ගොස් සිටින්නේ  01 හැවිරිදි මෝහන් දාස් හෙරෝසන්,   අවුරුදු 11 වයසැති සත්‍යානාදන් දිවාකරන් ඔවුන්ගේ මව වන වන 35 හැවිරිදි ජෙකුමාරි නදියා,  දරුවන්ගේ සීයා සහ ආච්චී වූ    59 හැවිරිදි රාමයියා තංගයියා, සහ  වන 54 හැවිරිදි සිවනමුත්තු ලෙච්චමීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිවසේ ජීවත්වෙමින් සිටි අයගෙන් එක් පුද්ගලයෙක් පමණක් ජීවිතය බේරාගෙන තිබේ. ඔහු දරුවන්ගේ මාමා එනම්  මවගේ සොයුරා වන 26 හැවිරිදි රවීන්ද්‍රන් නැමැත්තෙකි.

පළමු උපන්දිනය.

Ragala-Watta
පළමු උපන්දිනයට සැරසුන මව ළදරුවා සහ මිත්තනිය…

මේ තාවකාලික නිවස කාමර දෙකකින් යුක්ව තිබී ඇත. එක් කාමරයක් ඉටි රෙදි ආවරණය කර තනාගත් එකකි. අනෙක කටු මැටියෙන් තැනූ එකකි.

මේ කුඩා නිවසේ  එදින උපන්දින සාදයකි. ඒ මෝහන් දාස් හෙරෝසන් ළදරුවාගේ පළමු උපන්දිනය ය.

මේ දරුවන් දෙදෙනාට පියවරු දෙදෙනෙකි. දරුවන්ගේ අම්මා වන ජෙයකුමාර් නදීයාගේ මුල් විවාහයේ සැමියා මියගොස් ඇත. වයස අවුරුදු 11 දරුවා මුල් විවාහයේ දරුවෙකි. දෙවැනි විවාහයේ දරුවාට  වසරකි. යෙදී තිබී ඇත්තේ ඔහුගේ පළමු උපන්දිනය ය.

උපන්දිනය සමරණ දරුවාගේ තාත්තා එදින කේක් එකකුත් රැගෙන එම නිවසට පැමිණ ඇත. රාත්‍රී 07ට  පමණ කේක් කපා උපන්දින සාදය සමරා තිබේ. අනතුරුව දරුවාගේ පියා නිවසින් පිටව ගොස් ඇත. ජීවීතය  බේරාගත්  දරුවන්ගේ මාමා ද නිවසින් පිටව ගොස් තිබේ.

Ragala-Watta
පිලිස්සී මිය ගිය වැඩිමල් දරුවා සහ දරුවාගේ සීයා…

පියා නිවසේ නොසිටියේ ඇයි

දරුවාගේ මුල් උපන්දිනය දා දරුවාගේ පියා නිවසේ නොසිටීම පොලිසියේ බරපතල සැකයට හේතු වී තිබේ. ඔහුව පොලිසිය   අත්අඩංගුවට ගෙන තිබිණි.  මෙහිදී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ගෙ විවාහයට කුල ප්‍රශ්නයක් හේතුවෙන් දෙමවුපියන් බරපතල ලෙස විරුද්ධ බවය. ඒ නිසා කලාතුරකින් අවස්ථාවක හැර තමන් සිය විවාහක බිරිය සමග දිනයක් ගත නොකරන බවය.

එම අකමැත්තට හේතු වී ඇත්තේ කුල ප්‍රශ්නයක් බව ද ඔහු කීවේය. ඔහු රාගල වත්තේ පහළ කොටසේ පදිංචි කෙනෙකි.  මේ පවුලේ කිසිවෙක් මේ වත්තේ රැකියාව කර නැති බවද පැවසේ. මිය ගිය දරුවන්ගේ මව ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇත. ළදරුවාගේ පියාත් වෙන වත්තක රැකියාව කරන අයෙකි.

සොයුරාට මතක නෑ…

දිවි බේරාගත් 26 හැවිරිදි තරුණයා පොලිසියට කියන්නේ මේ සිද්ධිය පිළිබඳව තමන්ට කිසිම දෙයක් මතක නැති බවය. ඔහු කියන්නේ තමන්ගේ මස්සිනා සවස කේක් එකකුත් රැගෙන පැමිණි බව මතකයක ඇතැයි පමණි.

ඔහු විටින් විට නිවසින් පිටවී ගොස් ඇත. මේ සිද්ධිය වෙන අවස්ථාවේ ඔහු නිවස ඉදිරිපිට වැටී සිට තිබේ. ඒ අධික ලෙස බීමත් වීමෙනි.

තමන් ඇහැරුනේ ගේ  ගිනි ගනිමින් ඇති විට බවත්,  අධික රස්නය නිසා නිවස අසලටවත් යන්නට නොහැකි වූ බවත් කියන මේ පුද්ගලයා ඒ නිසාම බීමතින් සිටි තමන් කිසිදෙයක් කිරීමට ඉදිරිපත් නොවූ බවය.

“ගෙදර තියෙන්නෙ කාමර දෙකයි. ඉස්සරහා කාමරය තිබුණෙ ඉටිරෙදි වලින් වහලා. අනික් කාමරය කටු මැටියෙන් හදලා තියෙන්නෙ.“ ඔහු පොලිසියට කීවේය.

මේ කටුමැටි ගසූ කොටසේ කාන්තාවන් දෙදෙනා සහ දරුවන් දෙදනා සිට ඇත. පිරිමි පුද්ගලයා සිට ඇත්තේ ඉටිරෙදිවලින් ආවරණය කළ කොටසේය.  පිරිමි පුද්ගලයාගේ සිරුර හඳුනාගත නොහැකි තරමටම පිළිස්සී තිබිණි. ඒ නිසාම ගින්න හටගත්තේ ඒ පැත්තෙන් විය හැකියැයි විමර්ශකයෝ සැක පහළ කරති.

Ragala-Watta
පිලිස්සී ඇති නිවස

සැකය

“කිසිම සද්දයක් ඇහුණෙ නෑ. අපි හිතුවෙ ගෙදර කවුරුත් නෑ කියලා.“ අසල්වාසීහු  පොලිසියට කියා තිබුණහ.

මේ ඉටි රෙදි වලින් ආවරණය වූ කටු මැටි පැල ගිනිගෙන අලු වී යනතුරු කෙඳිරියක සද්දයක් නොමැතිව, ඉන් පිටතට පැමිණිමේ උත්සාහයක්ද නොකර පස්දෙනෙක් එක තැන පිලිස්සී මිය ගියේ කෙසේ ද?. විමර්ශකයින් සිටින්නේ දැඩි අවධානයෙනි.

මේ පුද්ගලයින් සිහි විසඥ වී සිටියේ ද?. එසේත් නැතිනම් ඔවුන් මරා දමා ගිනි තබා තිබුණේ ද?. වෙනත් සාධාරණ ප්‍රායෝගික හේතුවක් ඇතිනම් එය කුමක් විය හැකි ද?. පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වමින් ඇත.

මුලින් කී ලෙස මිය ගිය දරුවන්ගේ මවගේ දෙවන විවාහයේ සැමියා දැන් සැක පිට පොලිස් අත්අඩංගුවේය.   වලපනේ මහසේත්‍රා ටී.ආර්.එස් ගුණදාස සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර ඇත්තේය.

ගින්නට හේතුව තවම නිශ්චිතව සනාථ වී නැත. සෙසු තොරතුරු පරීක්ෂණයේ දී ලබා ගන්නා පුලුල්  ප්‍රකාශ ඔස්සේ සිදුකරන විමර්ශන සහ රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරියේ දී හෙළිදරවු වීමට නියමිතය.

Ragala-Watta
විමර්ශකයන් සීරුවෙන්..
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රසායනික පොහොර තහනමට පොහොට්ටුවේ පසුපෙළත් එරෙහි වෙයි

Next Post

කොවිඩ් නිසා මිය ගිය දරුවන් 67 දෙනා ගැන විශේෂඥවරු කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.