අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි ජනතාව ඉවත් කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි!

by lankasara-editor
අප්‍රේල් 24, 2024 - Updated on අප්‍රේල් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ගාසා තීරයේ අවසන් හමාස් බලකොටුව ලෙස සැලකෙන රෆා නගරය යටත් කර ගැනීමට ඊශ්‍රායල හමුදාව අවශ්‍ය සියලු සූදානම් කිරීම් සිදු කර ඇති අතර රජයේ අනුමැතිය ලැබුණු මොහොතේම මෙහෙයුමක් දියත් කළ හැකි බව ඊශ්‍රායල ‍ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් විසින් අද විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) මගින් අද උදෑසන නිකුත් කල නිවේදනයක ද ඔවුන්ගේ 99 වන සේනාංකයේ අණ යටතේ ගාසා තීරයේ ආරක්ෂක සහ ප්‍රහාරක මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා බලකායන් දෙකක් බඳවා ගත් බව සඳහන් වනවා.

මානුෂීය ව්‍යසනය පිළිබඳ ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් නොතකා, ඊශ්‍රායල හමුදාව, රෆා නගරය වෙතින් පලස්තීන සිවිල් වැසියන් ඉවත් කර ගැනීමට ද සූදානම් වන අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රහාරයකට පෙරාතුව රෆා නගරයේ සිට නැවත පදිංචියට යන පලස්තීනුවන්ට නවාතැන් ගැනීම සඳහා පුද්ගලයන් 10 දෙනෙකු සිට 12 දෙනෙකු දක්වා සිටිය හැකි කූඩාරම් 40,000 ක් පමණ මිලදී ගෙන ඇති බව ද වාර්තා වනවා.

රෆා නගරයෙන් ඉවත් කෙරෙන ජනතාව සඳහා ඊශ්‍රායලය සූදානම් කර ඇති කූඩාරම්

අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ පටයක රෆා නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි ඛාන් යූනිස් නගරයේ හතරැස් සුදු කූඩාරම් පේළියක් පෙන්නුම් කරන බවත් එම කූඩාරම් සහිත ඉඩම මීට  සති කිහිපයකට පෙර හිස් ව තිබූවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල රජයේ මූලාශ්‍රයක සඳහන් වන්නේ මාසයක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කරන සිවිල් වැසියන් ඉවත් කිරීමට අවසර දීම සඳහා නෙතන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලය ඉදිරි සති දෙක තුළ රැස්වීමට සැලසුම් කර ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හමාස් සංවිධානය මේ දක්වා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත. යුද්ධයේ 200 වැනි දිනය සනිටුහන් කරමින් අඟහරුවාදා දිනයේ කළ කතාවක දී හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිඩා කියා සිටියේ මේ දක්වා ඊශ්‍රායලය අත් කර ගෙන ඇත්තේ නින්දාව සහ පරාජය පමණක් බවයි. ඊශ්‍රායල ගණන් බැලීම්වලට අනුව පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් පුද්ගලයන් 1200 ක් පමණ ඝාතනය කර පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් පැහැරගෙන ගොස් තිබුනා. එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් 129 දෙනෙකු පමණ ගාසා තීරයේ රැඳී සිටින බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. එමෙන්ම  පසුගිය ඔක්තෝබර් 20 වන දා සිට ඊශ්‍රායල හමුදා භටයන් 260 කට වැඩි පිරිසක් ගොඩබිම් සටන් වලින් මිය ගොස් ඇති බව සඳහන් වනවා.

රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ ජාත්‍යන්තර ආරක්‍ෂක අධ්‍යයනයන්හි ජ්‍යෙෂ්ඨ සහායකයකු වන එච්.ඒ. හෙලියර් පවසන පරිදි ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ හමාස් සාමාජිකයන් මරා දැමීමේ ප්‍රකාශිත අරමුණු ඉටුකර ගැනීම සම්බන්ධයෙන් නෙතන්යාහු පීඩනයට ලක්ව සිටින නිසා රෆා නගරයට පහරදීම ඉක්මනින් බලාපොරොත්තු වන බවයි. එසේම හමුදාව රෆා නගරය වෙත යැවුවහොත්, බොහෝ ජීවිත හානි සිදුවනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්. කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඊජිප්තුව පවසා ඇත්තේ රෆා නගරය වෙත ගමන් කිරීමට එරෙහිව ඔවුන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බවයි. ඊජිප්තුවේ රාජ්‍ය තොරතුරු සේවය පවසන්නේ එවන් පියවරකින් දැවැන්ත මිනිස් සංහාරයක් සහ පුලුල් විනාශයක් සිදුවනු ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උපයන විට බද්ද සංශෝධනය කිරීම සඳහා  වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක විය යුතුයි…  GMOA අවධාරණය කරයි! 

Next Post

පුදුම හිතෙන කතාවක්… සිරිපා මහ මළුවේ සිට හෙලට පැන්න තරුණයා සීරීම් තුවාලයක්වත් නැතිව දින 05කට පසු නල්ලතන්නිය පොලිසියට පැමිණෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.