කීර්ති ප්‍රනාන්දු –
ලියාපදිංචිවීමක් සිදු නොකර වී තොග වශයෙන් රැස්කර තබාගෙන සිටි තොග ගබඩාකරුවන් 11 දෙනෙකුගේ වී තොග මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
අම්පාර සහ පොලොන්නරුව ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමක දී මෙම ගබඩා 11 සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
එම වැටලීමෙන් පසුව එහි ගබඩාකර තිබූ වී මෙට්‍රික් ටොන් 4000ක් පමණ ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් බව ද එම අධිකාරිය පවසයි.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක ගේ මෙහෙයවීම යටතේ මෙ වැටලීම සිදු කර ඇත.







