කාබනික ගොවිතැන සම්බන්ධව තමන්ගේ ස්ථාවරය වෙනස් වී නැති බව ජනාධිපතිවරයා අද (22) උදේ යළිත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සිය ස්ථාවරය දන්වා සිටියේ අද රසායනික පොහොර ආනයනය පිළිබඳ යෝජනා සලකා බැලීම සඳහා රැස් වූ විශේෂ කමිටුව අමතමිනි.
රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යවරුන් ස්වකීය වගකීම නිසි පිරිදි ඉටු කළ යුතු බවටත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු ගැනීම ඔවුන්ගේ වගකීම බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අද පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊයේ මාධ්‍යවලට ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේ තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත ය.
කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යෑමේ බලාපොරොත්තු සහිතව පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බවත් ඇමතිවරයා ඊයේ කීවේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිශ්චිත නිගමනකින් තොරව රැස්වූවන් විසිර ගොස් ඇත.
මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අද දිනය තුළ නිල ප්‍රකාශයක් කිරීමට නියමිතය.