IMF එකට ගිහින් ප්‍රශ්න විසඳ ගත්ත තැනක් පේන්න නෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුද විසඳාගත් අවස්ථාවක් හෝ ප්‍රශ්න විසඳා ගත් රටක් ඇත්නම් ඒ පිළිබඳ “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියන පණ්ඩිතයො” පෙන්වා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
එලෙස ප්‍රශ්න විසඳාගත් තැනක් පිළිබඳ පෙනෙන්නට නොමැති බැවින් වත්මන් රජයට එය විකල්පයක් පමණක් බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කීය.
එහිදී පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ රට මීට පෙර අවස්ථා කීපයක දී ගිහින් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක අපිට මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලින් ගොඩඑන්න හැකියාව ලැබුණ ද එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳා ගත් වෙන රටවල් මොනවද කියන එක මං හිතන්නේ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කියන පණ්ඩිතයෝ මේ රටට කියන්න ඕන. මෙන්න මේ අහවල් රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳ ගත්තා. එහෙම නැත්නම් අපේ රටේ මීට කලින් මේ අවස්ථාවලදී ගිහිල්ලා මේ රටේ තියෙන ප්‍රශ්නෙ විසඳුනා කියලා.
අපට පේනවා නම් කමක් නෑ එහෙම තත්ත්වයක් පේන්න නෑ. ඒක නිසා ඒක විකල්පයක් හැටියට පමණයි අපේ රජය සලකන්නේ” යයිද පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.