බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහට රාජ්‍ය සේවකයින් තැපෑලෙන් උගන්නපු පාඩම ගැන අනුර කියයි…

by editor
සැප්තැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දිනකට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන වට්ටෝරු ඉදිරිපත් කරන, ගොවි ණය මුලුමනින්ම කපා හරින බවට පොරොන්දු වෙන රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් අතීත ලෝකයක ජීවත් වන මොනතරම් පරණ නායකයින්දැයි ප්‍රශ්න කළ අනුර කුමාර දිසානායක මේ නායකයින්ට තැපැල් ඡන්දය නිමා වන දින තුන තුළ දී තැපෑලෙන් පාඩමක් උගන්වා ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ  ඊයේ  (06) ගලෙන්බිඳුනුවැව පැවති ජන රැළිය අමතමිනි.

මෙවර තැපැල් ඡන්දය අතිශය බහුතරයක් ජාතික ජන බලවේගයට ලැබුණු බව පැවසූ ජාතික ජන බලවේගයේ නායකයා තම පක්ෂය වෙත රාජ්‍ය සේවකයින් තැබූ විශ්වාසය අංශුවකින් හෝ පළුදු වීමට ඉඩ නොදෙන බවට සහතික වුනේය.

පොලිිසය ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට දේශපාලනයෙන් තොර රැකියාව කිරීමේ නිදහසක්, සියලු දීමනා නිසි පරිදි ලබා දෙන පරිසරයක්, . සෑම මාස හයකටම ජිවන අංකය දෙස බලා ලබා දෙන වැටුප් වර්ධකයක් සම්බන්ධව ජාතික ජන බලවේගය සහතික වුනේය.

රනිල් යාපහුවට ගිහින් කිව්වා සජිත්ට ගහන කතරියක් අනුරට ගහනවා හා සමානයි. සජිත්ට කතිරයක් ගහනකොට ජාතික ජන බලවේගය උඩට යනවා. ඒ නිසා සජිත්ට ගහන කතිරයක් අනුරට ගැහුවා හා සමානයි කියලා.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ගාල්ලට ගිහින් සජිත් කියනවා රනිල්ට ගහන කතිරයක් අනුරට ගැහුවා හා සමානයි කියලා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එක එක අය හරහා අපට කතිරය ගහන්න එපා. අපට කෙලින්ම ගහන්න. ඡන්ද පත්‍රිකාව ගත්තම තිස් නවයක නම් තියනවා. හැබැයි අංක නෑ. 16 වැනි නම. සලකුණ තියනවා මාලිමාව. හරියට කතිරෙ ගහන්න.

මෙච්චරකල් ආන්ඩු හැදුවා. ඒ අය ගැන දැන් වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ. අපි දශක ගානක් තිස්සේ කතා කරලා අපි ඒ අය ගැන හෙළිදරව් කරලා ඉවරයි. ඉස්සර ලොකු ලොකු වාහනවල ඇවිත් ඇඟිලි පහේ මුදු දාගෙන කඹ වගේ බ්ලේස්ලට් දාගෙන ලස්සන ඇඳුම් ඇඳන් බහින වෙලාවට හිතුවා ශ්‍රි කාන්ත ලීලාවෙන් එන පාලකයෙක් කියලා. කානුවට බහිනවා. කොන්ද නැමෙනවා.

ඒ ඉස්සර. දැන් ඒ විදිහට එනකොට දන්නවා පට්ට හොරෙක් කියලා. එස්.එම්. චන්ද්‍රසේන ගැන දන්නෙ නැද්ද අනුරාධපුරේ. ඒගොල්ල හැදුනේ කොහොමද කියලා අපි දන්නවා. හොරකම් කරලා හැදුනේ. මේ ගොල්ල සම්බන්ධව අපි හෙලිදරවු කරලා තියනවා. අපි 21 න් පස්සේ බලය අරගෙන කරන කටයුත්ත දැන් සාරාශයක් වශයෙන් කියන්නම්.

මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අන්තර්කාලයේ දී ව්‍යවස්ථාව අනුව අපි පාලනය කරනවා. අපට ඇමතිකම් බෙදා ගන්න පුලුවන්. ජනාධිපතිවරයාට සියලු විෂයන් පවරා ගන්න පුලුවන්. එහෙම නැතිනම් භාරකාර ආන්ඩුවක් හදන්න පුලුවන්.

අපට පුලුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊලඟ ඡන්දය එනකම් ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන්න පුලුවන්.

හැකි ඉක්මනින් ඊලඟ ඡන්දය තියනවා. ඊලඟ මහ ඡන්දය කලා වැවේ සොරොව්ව ඇරියා වගේ. ගහගෙන එන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙක්ක ලබන සැරේ පාර්ලිමේන්තුවෙ නෑ. මේ දෙසීය විසි පහෙන් අනිවාර්යයෙන් 150ක් ගෙදර.

“ගහන්නේ ජනාධිපතිවරණයට කතිරේ. ප්‍රතිඵල එන්නේ පාර්ලිමේන්තුවටත් එක්ක. ලේසි නෑ…”

අනුර කුමාර දිසානායක  අනතුරුව පැමිණෙන රජයකින් සිදුකරන ස්වකීය ආන්ඩුවේ වැඩ පෙළගැස්ම  පිළිබඳව කළ කතාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුල් දිනයේ සැලසුම් කුඩු… එංගලන්ත කණ්ඩායම ලකුණු 221 යි… කඩුළු 03යි…

Next Post

රුවන්වැලි සෑ මළුවේදී මුණගැසුණ ඉතාලි තරුණියකට චීවර ධාරියෙක් සාපරාධී බලහත්කාරකම් කරලා…. තරුණිය පොලිසිය යයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.