හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආහාර සුරක්ෂිතතා යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.
ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදය සඳහා රජය විසින් ආරම්භ කර තිබෙන ප්‍රමුඛතම වැඩසහන මෙය වේ.
ආහාර සුරක්ෂිතතා යාන්ත්‍රණය ජනාධිපති ලේකම් සමන් ඒ්කනායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
හිටපු ජනාධිපි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ වනවිටත් ජනාධිපතිවරයා භාර දුන් වගකීමේ වැඩකටයුතු ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.







