ඊයේ පස්වරුවේ පැවැත්වූ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැළිවලට යනවිට ඔහු තොප්පියක් දාගෙන ගියේය. තද දුඹුරු පැහැයෙන් යුතු ඒ තොප්පිය සහිතව ඔහු කහටගස්දිගිලිය ඇතුලු සිය ප්‍රචාරක රැළි ඇමතුවේය.
ඒ අමතන අතර ලක්ෂයකට වඩා ඔහුට වටිනවා කී තොප්පිය ගැන මෙවැනි කතාවක් කීවේය.
ඔබ සියලු දෙනාම හිතේ තියන ප්‍රශ්නයක් තමයි ඇයි මම මේ කැප් එක ඇඳගෙන තියෙන්නේ කියලා. මම කිලිනොච්චි රැස්වීමේ කතා කරකරලා අවසන් උනැද්දි වේදිකාවෙන් බැහැගෙන යනකොට වැඩිහිටි කාන්තාවක් මේක මට දුන්නා.
මට ස්තුති කළා ඒ ගොල්ලන්ට කෑම දුන්න එක ගැන. ඒ ගොල්ලන්ට බේත් දුන්න එක ගැන. ඒගොල්ලන්ට ඩීසල් දුන්න එක ගැන. මම මේක ලක්ෂයකට වඩා වටිනවා කියලා තමයි පිළින්නේ. ඒකට කෙළෙහිගුණ සැලකීමක් හැටියට ඒ කාන්තාව මට මේ කැප් එක දුන්නා. මේක මදි කිව්වා. අපි කෙලෙහිගුණ සලකන්න අපි ඔබතුමාට ඡන්දය දෙන්න ඕන කියලා කිව්වා.
ඒ පණිවිඩය දෙන්න මම මෙතෙන්ට ආවේ. මම කහටගස් දිගිලියෙන් බහිද්දි මට කිව්වේ අපිට පෝර තියනවා ජනාධිපති තුමා. ජීවන වියදම ටිකක් අඩු කරලා දෙන්න කියලා.
මම කිව්වා ඒක තමයි එන අවුරුද්දෙ මම කරන්න යන්නේ . එ්කයි මම ආවේ ඡන්දය ඉල්ලන්න කියලා.







