2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනත උල්ලංඝණය කරමින් මත් පැන් බලපත්‍ර බෙදා දී තමන්ගේ මූලික අයිතාවාසිකම් කඩ කළ බවට චෝදනා කර එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවකට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වූ එම්.ජේ ගුණසිරි ඇතුළු 39 දෙනෙනක් වග උත්තරකරුවන් කරමින් මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත පුද්ගලයන් දෙදෙනකු අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.
සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් මෙම සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී දේශපාලන සහයෝගය ලබා ගැනීමේ අරමුණෙන් බව පවසන පෙත්සම් කරුවන් දෙදෙනා අධිකරණයෙන් ඇයැද සිටින්නේ මේ නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවලිය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසය.
පෙත්සම් කරුවන් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනකු නම්කර තිබේ.







