සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්නපුරේ දැරිය ඝාතනය පිට නොකළ වරදකට අවුරුදු 13ක් අසරණයෙක් හිරේ ගියේ පොලිස් කුපාඩිකමක් නිසාද?

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
prisoner
Share on FacebookShare on Twitter

ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දි දූෂණය වී ඝාතනය වුන  පියුමි මාධවිකා ජයසිංහ දියණියගේ ඝාතනය සම්බන්ධව වරදකරු වී අවුරුදු 13ක් තිස්සේ  දණ්ඩනයට යටත්ව බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳිමින් සිට ඇත්තේ නිර්දෝෂී පුද්ගලයෙක් වීම සමාජ ක්‍රියාධරයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරී අංශවල බරපතල කතාබහට ලක් වී තිබේ.

2009 වසරේ ජුනි 23 වැනිදා පාසල් ඇරී  එල්ලාවල පිටකන්ද හරහාය නිවසට පැමිණෙමින් සිටිය දී දූෂණය කර ඝාතනය වූ මෙම දියණියගේ සිරුර කන්ද පාමුල තිබී  සොයා ගන්නේ  2009 වසරේ ජුනි 23 වැනිදා   උදෑසනය.

ඝාතනය වුන පියුමි…

පශ්චාත් මරණ පරීක්ෂණයේදී  දැරිය ලිංගික දූෂණය කර හිසට පහරදී ඝාතනය කර තිබෙන බව හෙළි විය. පොලිසිය මේ ඝාතනයට සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන සාක්ෂි සදා නඩු පවරා උසාවිය හරහා දණ්ඩනයට ලක් කරන්නට කටයුතු කරන්නේ  ඇහැළියගොඩ යාය 04 ප්‍රදේශයේ එවකට 25 වියැති තරුණයෙකි.

උපකල්පනයකට අත්අඩංගුවට ගත් ගොපල්ලා

ගාමිණී නැමැති මෙම තරුණයා හරක් සමග ලඳු කැලෑවල ඇවිදින ගොපල්ලෙකි.  හරකුන් සමග කැලෑවල සැරිසරන නිසාම මගදී මෙම තරුණිය හමුවී දූෂණය කර මරා දැමී යැයි උපකල්පනය පිට මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිසිය  මේ විමර්ශනය සිදුකළ ප්‍රශ්න සහගත ආකාරය බලහත්කාරයෙන් උත්තර සෙවීමක් බව පෙනුණි. ඔවුන් ඉදිරිපත් කළ විද්‍යාත්මක සාක්ෂි දෙකකි. එකක් පියුමිගේ සිරුර ලඟ තිබූ බව කියන කෙස් ගසකි.  අනෙක පියුමිගේ රහස් ප්‍රදේශයේ තිබූ ශුක්‍ර තරලය ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපරාධ විමර්ශන නිලධාරීහු මෙම සාක්ෂි බොරැල්ල ජින්ටෙක්  ආයතනය වෙත යොමු කර ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගත්හ. ඩී.එන්.ඒ වාර්තාව අනුව කෙස්ගස ගාමිණීගේය. එහෙත්  රහස් ප්‍රදේශයේ තිබූ ශුක්‍ර තරලය ගාමිණගේ නොවේ.  මේ කෙස් ගස පියුමි ලඟට පැමිණියේ කෙසේ දැයි කිසිවෙක් තවම දන්නේත් නැත.

ගාමිණි හතර අතේ දිවුරමින් ප්‍රකාශ කළේ තමන් මේ තුච්ඡ ඝාතනයට සම්බන්ධ නැති බවය. ඒ සම්බන්ධව කිසිවක් නොදන්නා බවය.

නල්ලමලේ විද්‍යාත්මක සාක්ෂි නිසා අවුරුදු 13 ක් හිරේ

පරීක්ෂණය නිමා කිරීම සඳහා පොලිසියේ අර්ධ මනුෂ්‍යයින් සාක්ෂි හැදුවාදැයි සිතන්නට පොළඹවමින් කෙස් ගසේ සාක්ෂිය උලුප්පා දක්වා පොලිසිය අධිකරණය ඉදිරියේ  ගාමිණී වරදකරු කළේය. වැදගත්ම සාක්ෂිය වන ශුක්‍ර තරලයේ ඩීඑන්ඒ පරීක්ෂාව යට ගියේය.

පොලිසිය      ඉදිරිපත් කළ සාක්ෂි අනුව අධිකරණය විසින් පියුමිගේ ඝාතනයට සැකපිට ගාමිණී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඔහුට ඇප නියම වුවත්   ඇප දෙන්නට කිසිවෙක් නැති බැවින් ඔහු 13 වසරක් පුරා සිටින්නේ  බන්ධනාගාරගතවය.

රත්නපුර කහවත්ත කොටකෙතන  දී රෙදි ගලවා ගත්  ලංකාවේ පොලිස් අපරාධ විමර්ශකයින්ගේ වෘත්තීය භාවය යළිත් වරක් බරපතල ලෙස ප්‍රශ්න කරන මේ සිද්ධියේ ඇත්ත අපරාධකරු හසුවන්නේ අහම්බෙනි.

2019 වසරේදී ඇහැළියගොඩ   දිද්දෙණියේදී වයස අවුරුදු 90 ක කාන්තාවක් ඝාතනය කිරීමේ වරදට  ප්‍රේමසිරි සේනාරත්න පුද්ගලයෙක් අත්අඩංගුවට පත් විය. රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අධිකරණ නියෝගයට අනුව ප්‍රේමසිරි කුරුවිට බන්ධනාගාරයට රැගෙන ගියේය. ප්‍රේමසිරිට පියුමි ඝාතන චෝදනාවට බන්ධනාගාරගතව සිටින ගාමිණී එහිදී හමුවන්නේය.

සැබෑ අපරාධකරු හමුවීම

මෙම හමුවීමේ දී නොකළ වරදකට දඬුවම් විඳින ගාමිණී හමුවේ තමන් පියුමි ඝාතනය කළ ආකාරය ප්‍රේමසිරි නැමැත්තා පවසන පූර්ණ විස්තරය මත්ද්‍රව්‍ය වැරැද්දකට බන්ධනාගාරගත වූ තරුණයෙක් අසාගෙන සිටින්නේය. ඔහු මේ සම්බන්ධ ප්‍රවෘත්තිය ඇහැළියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.ජේ. උදයශාන්තට කියන්නේය.

මේ තොරතුර ඔස්සේ දැනට පියුමි ඝාතන වරදට  අවුරුදු 13ක් තිස්සේ බන්ධනාගාරගතව සිටින ගාමිණී සමග මෙන්ම මෙම තොරතුරට මුල් වූ ප්‍රේමසිරි සමග කුරුවිට බන්ධනාගාරයට ගොස්  මෙම පොලිස් නිලධාරියා කතා  කළේය. මේ කතාවේදී ඇති වූ සැකයය මත පදනම්ව   ඔහු  ප්‍රේමසිරි ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලුවේය. ඒ ඉල්ලීම ප්‍රකාරව 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා   අධිකරණ අවසරය සහිතව ප්‍රේමසිරි ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කරනු ලැබුවේය.

ඩී.එන්.ඒ සැසඳීම 

පියුමිගේ සිරුරින් හමුවූ ශුක්‍ර තරලයේ  ඩී.එන්.ඒ පරීක්ෂණය සම්බන්ධ වාර්තාව ජින්ටෙක් ආයතනය තුළ සුරැකිව  තිබිණි.

ඩී.එන්.ඒ සැසඳීමෙන් කළ පරීක්ෂණ  වාර්තාව 2020 වසරේ මැයි මස 18 වැනිදා නිකුත් විය.   ප්‍රේමසිරි නැමැත්තාගේ ඩී.එන්.ඒ සම්පල පියුමිගේ සිරුරේ තිබී හමුවූ ශුක්‍ර තරලයේ ඩී.එන්.ඒ සමග මුලුමනින්ම  ගැලපිනි. මිනීමරු සල්ලාල ඝාතකයා මෙතෙක් සිරදඬුවම් විඳිමින් සිටි ගාමිණී නොව, මේ ප්‍රේමසිරි නැමැත්තා බව ඔප්පු විය.

පුරා වසර දහතුනක් තිස්සේ පොලිස් කුපාඩිකමක් හේතුවෙන් යැයි සැක කරන පරීක්ෂණ විකෘතියකින් අනතුරුව නිරපරාදේ වසර 13ක් බන්ධනාගාරගත වී සිටියේ නිර්දෝෂී මනුෂ්‍යයෙක් බව විද්‍යාත්මක සාක්ෂි තහවුරු කළේය.

ඒ වනවිට අපාරධකාර ප්‍රේමසිරි ඇප ලබා පිටවී ගොස් තිබිණි. ප්‍රධාන ඇහැළියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.ජේ. උදයශාන්ත ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් දීර්ඝ සොයා බැලීමකින් අනතුරුව ප්‍රේමසිරිව අත්අඩංගුවට ගන්නේ මීට දින කීපයකට පෙරය.

මේ අපරාධය සිදුකළ ආකාරය දැන් ප්‍රේමසිරි පාපොච්ඡාරණය කර ඇත.

කාලකන්ණිකම ඇත්තේ වෙනස් තැනකය. පොලිස් අපරාධ විමර්ශකයින්ගේ  වෘත්තීය නොවන නරුමකම මත පුරා වසර 13ක් නොකළ වරදකට බන්ධනාගාරගත වී ඇති ගාමිණි ඇප ගෙවා ගත නොහැකිව තවමත් කුරුවිට බන්ධනාගාරයේය.

පොලිස් කුපාඩිකම්

බලය සහ නීතිය අතට ගෙන කෙරෙන මෙම දුර්දාන්ත පොලිස් කුපාඩිකම් නැවැත්වීම සඳහා මේ රටේ නීතිය බලාත්මක කරන සෑම ආයතනයක්ම සේම පුරවැසි යුක්තිය වෙනුවෙන් රටේ සෑම මිනිසෙක්ම එක්විය යුතු බව විශ්වාස කරමු.    මේ අමනකම්  ප්‍රශ්න කළ යුතු බව විශ්වාස කරමු.

සේයා සදෙව්මි ඝාතනයේ දී පොලිස් මුග්ධයින් අපරාධකරුවන් නිර්මාණය කළ ආකාරය රට දුටුවේය. පරිගණකයේ  බ්ලූ ෆිල්ම්ස් තිබුණු බව කියා පාසල් දරුවෙකු රැගෙන ගොස්  ඒ අසරණ දරුවාගේ ජීවිතය විනාශ කළ ආකාරය අපි මුවින් නොබැන බලා සිටියෙමු. එම ඝාතනය සම්බන්ධව කොණ්ඩයා නැමැත්තෙක් කරලියට ගෙනැවිත් ඌ සේයා දූෂණය කළා යැයි කී ආකාරයත් පියවරින් පියවර පොලිසිය කීවේය. අවසානයේ දී සැබෑ ඝාතකයා හමුවනවිට කොණ්ඩයාට ජීවත් වීමට වඩා මරණය යහපත් වී තිබිණි.

කහවත්ත කොටකෙතන දාම ඝාතකයා ලෙස   නිර්දෝෂී පුද්ගලයින් ගණනාවක් විටින් විට ඉදිරිපත් කරමින් උන්ව නොමරා මැරූ ආකාරය රට දුටුවේය. දාම ඝාතක අපරාධකරු  හසුවී සිටිද්දී එම වරදටම මරණ දඬුවමට යටත් කළ නිර්දෝෂී පුද්ගලයෙක් ගැන ඇසුණේය.

“තෝ දඟලන්න එපා. කඩු පැකට් එකක් දාලා ගන්නවා.“ මේ පොලිස් මැර කතා මේ රටේ ඕනෑතරම් ඇසෙමින් ඇත.

ඕනෑම අපරාධයක් සම්බන්ධව  අත්අඩංගුවේ සිටිනා සැකකරුවෙක් ආයුධ පෙන්වන්නට ගොස් පිටපතකට අනුව අවුරුදු ගණනක් තිස්සේ  මැරෙන විට හුරේ දමන සමාජයකට කියන්නට ඇත්තේ නීතිය නමන පොලිසියක බිහිසුණුකම පෙන්නේ ඒ අශිෂ්ඨත්වය තමන්ගේ එළිපත්තේ දිගහැරෙන දාට බවය.

Share69Tweet43
Previous Post

පොත් දස දහසක පුස්තකාලය මගේ නිවස සමග අලු වුනා… රාජ්‍ය ඇමති සනත් නිශාන්ත!

Next Post

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රසායනාගාර පරීක්ෂණ ලබන සතියේ දී මුලුමනින් නවතින ලකුණු!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.