රසායනාගාර ප්‍රතීක්‍රිය නොමැති වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමාරෝහල තුළ රසායනාගාර පරීක්ෂණයන් ලබන සතියට පමණක් සිමාවීය හැකි බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි
මේ වන විට රොහලේ හදිසි පරික්ෂණ පමණක් සිදුකලද ඉදිරියේදී එයද නතර කිරීමට සිදුවනු ඇති බව හෙතෙම පෙන්වාදේ.
ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාදී තිබුණද පෞද්ගලික සමාගම් හරහා එය ගෙන්වා ගැනීමට සැලකියි යුතු කාලයක් ගත වන බවත් ඇතැම් සමාගම්තුළ මේ වන විට ප්‍රතික්‍රීය නොමැති වීමද ගැටලුව තවත් උග්‍රවනු ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
රෝහල තුළ දිනකට රසායනාගාර පරික්ෂණ 3000ට ආසන්න ප්‍රමාණයක් සිදුකරන බවත් එම පරික්ෂණයන් සිදු නොකර විශේෂඥ වෛද්‍යවරුන්ට දරුවන්ගේ රෝග නිධානයන් සොයා ගැනීමට නොහැකිව ප්‍රතිකාර ලබා දිය නොහැකි බවත් වෛද්‍ය සන්තුෂ් පෙන්වා දුන්නේය.
.මේ අතර වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරනුයේ දිවයිනපුරා රෝහල්වල ප්‍රතික්‍රියක නොමැති වීම හේතුවෙන් .රසායනාගාර පරික්ෂණයන් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදා වි ඇති බවය.