අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රතන සාදුගේ සහ පාදෙනිය දොස්තර ගේ කාබනික පරීක්ෂණ රටටම ඇන්නූ හැටි  කෘෂි විද්වත්හු හෙළි කරති!

පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා අංශයේ  ආචාර්ය වර්ශි දන්දෙනිය රටට කී කතාව!

by editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“තමන් නොදන්නා මගුලක් කරන්නට ගොස් රතන සාදු සහ පාදෙණිය දොස්තර රටට ඇන්නූ හැටි“ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා අංශයේ ආචාර්ය  ආචාර්ය වර්ශි දන්දෙනිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් හෙළි ක තිබේ.

ක්ෂේත්‍ර පර්යේෂණ යනු මොනවාද නොදැන මේ යුවල කළ පර්යේෂණත්, මේ පුද්ගලයින්ගේ පර්යේෂණවලදී ඔවුන්ට හොරෙන් රසායනික පොහොර ක්ෂේත්‍රයට දමා ඔවුන්ව නොමග යැවූ ගොවීනුත්, මේ සියල්ල දකිමින් මුණිවත රැකි කෘෂිකර්ම බලධාරීනුත් කළ විගඩම දිට්ඨධම්මවේදිනීය කර්මයක් වී පටිසන් දී ඇති බව ඇය කියයි. සමහරේක කන්තලේ අට්ටාලයකට වී උපවාස කරමින් ඒ කර්මය ගෙවා දමන බවද ඇය පවසයි.

ආචාර්ය හර්ශි දන්දෙනිය තැබූ ඒ අතිශය යථාර්ථවාදී සටහන මෙසේ උපුටා දක්වමු.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Dr-Warshi-Dandeniya
ආචාර්ය වර්ශි දන්දෙණිය

දිට්ඨදම්මවේදනීය කර්ම….

ශාක පෝෂණය පිළිබඳව පර්යේෂණ සිදු කරනා විට ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කිරීම අනිවාර්ය වේ. උදාහරණයක් ලෙස නව පොහොරක් හෝ පොහොර යෙදීමේ ක්‍රමයක් හඳුන්වා දීමට පෙර පර්යේෂණ ක්ෂේත්‍රවල සහ ගොවි වගා බිම්වල ඒ දේ අත්හදා බැලිය යුතුය.

ගොවීන් සමග ක්ෂේත්‍ර පර්යේෂණ කිරීම වෙනම කලාවකි. අපි මොනවා කිවුවත් දුන්නත් වැඩෙන බෝගය ඔවුන්ගේ දරුවාය. එමනිසා පර්යේෂණය පිළිබඳ සියල්ල විස්තර කර අස්වනු හානියක අවදානම පැහැදිලි කර අපේ උපදෙස් පරිදි තම වගා බිමේ කොටසක ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමට කැමති අයවලුන් තෝරාගෙන අපි පරීක්ෂණ පටන්ගන්නෙමු.

මේ ක්‍රියාවේදී අනිවාර්යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර පර්යේෂණ සහායකයින් යොදා ගනිමින් නිතරම ක්ෂේත්‍ර පරීක්ෂාවේ යෙදීම අප කරන්නේ අපට අවශ්‍ය ලෙසම තත්ත්වයන් පාලනය කළයුතු නිසාය. නැත්නම් අපේ පරීක්ෂා කරන ප්‍රතිකාරයට (treatment) අනුව බෝග වර්ධනයේ අඩුවක් දුටු විට හදවත කකියන ගොවි මහතා හොරෙන්ම පොහොර ටිකක් යොදන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් එම ක්ෂේත්‍රය පර්යේෂණයෙන් ඉවත් කරන්නට සිදුවේ. මේ දේ වලක්වාගන්න අපි පහත සදහන් දේ සිදු කරන්නෙමු.

  • කෘෂි නිලධාරීන් හරහා පර්යේෂණ සදහා නැඹුරුවක් දක්වන උනන්දු සහ ඒ අත්දැකීම් ඇති ගොවි මහතුන් හදුනා ගැනීම.
  • ඔවුන් සමග හොඳින් සාකච්ඡා කර පර්යේෂණය පැහැදිලි කරදීම.
  • සතියකට වතාවක්වත් ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම
  • නියමිත යෙදවුම් භාවිතා කරන සැම විටම ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීම
  • ගොවි බිම්වල කරන පර්යේෂණයට සමාන්තරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ගොවිපොළවල ක්ෂේත්‍ර පර්යේෂණය සිදු කිරීම

මේ තරම් මහන්සි වෙන්නෙ එම පර්යේෂණ ප්‍රතිඵලවල ඇති වැදගත්කම නිසාවෙනි.

පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ නව ප්‍රවණතාවක් වන්නේ දොස්තර පාදෙනිය සහ රතන සාදු වැන්නවුන් (තව ඉන්ජිනේරුවො කිහිපදෙනෙකුත් ඉන්නවා) රජයේ මුදල් ඉමහත් ලෙස යොදා ගනිමින් (මිලියන ගනන්) විශාල ලෙස ගොවිබිම්වල කෘෂි ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කිරීමයි.

අර මා මුලින් සඳහන් කල සැලකිලිමත් විය යුතු කරුණු ඔවුන්ට අදාල නැත. තම විෂය පථයට අදාල නොවන් දේ සිදු කරන විට එය පුදුමයක් නොවේ.

සාදුගේ සහ දොස්තර මහතාගේ සිත නොරිදවන්නටත් තම දරුවන් වැනි ගොයම කහ ගැහෙණු බලා සිටීමටත් අකමැති වූ බොහොමයක් ගොවීන් කාබනික ප්‍රතිකාරක අත්හදා බැලූ ගොයමට යූරියා දැමූ බව කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රයේ සියලු දෙනාටත් එම ප්‍රදේශවල ගොවීන්ටත් නොරහසකි.

එසේ බොරු කර සාදුට සහ දොස්තරට උදම් අනන්නට ඉඩදුන් ගොවි මහතුනි…. ඔබේ ඒ ක්‍රියාවෙන් දැන් රටම ඇනී ඇත.

මේ වැරදි දැක දැකත් නිහඬව සිටි සියලු වගකිවයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ව්‍යසනයේ කොටස් කරුවෝය. දැන්වත් ඒ නොපණත්කම් හෙළිකරන්නේනම් යහපත් ය.

නොදන්නා මගුලක් කරන්නට ගොස් මහජන මුදල් නාස්ති කළ රතන සාදු සහ පාදෙනිය ප්‍රධාන වැරදිකරුවෝ ය.

මොවුන් දෙදෙනාගේ බොරු පර්යේෂණවලට ඉඩදී සිටි ගොවීන් සහ නිලධාරීන් සිය කර්මය ගෙවමින් සිටිති.

සමහරෙක් කන්තලේ අට්ටාලයේ උපවාසයේද යෙදෙමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනස්පතීන් බිම හෙළා වන අඩවි නිලධාරීන්ම වන සංහාරයක… ගම්මු චෝදනා කරති!

Next Post

ඉන්ධන ලීටර 24000ක් සැඟවූ ගෙළිඔය ෂෙඩ් 02කට වැඩ වරදී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.