fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හදන්න ගිය සෝබිත හිමි සජිත් ගැන කී කතාව…

සති 2ක් ago
in පුවත්
444 4
0
Omalpe-Sobitha
Share on FacebookShare on Twitter

රට පත්ව ඇති ඛේදනීය තත්ත්වය හමුවේ  තවදුරටත් රට අරාජික වීමට ඉඩනොතබා  අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවීමේ වගකීම භාරගන්නා ලෙස තමන්වහන්සේ ඇතුළු ආගමික නායකයින්  සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියත්  ඔහු විවිධ හේතු දක්වමින් එම වගකීම පැහැර හැරිය බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.

සිරස රූපවාහිනිය සමග විශේෂ වැඩසටහනකට එක් වෙමින් මේ බව සඳහන් කළ සෝබිත හිමියෝ  අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ ධුරය හැර යාමෙන් පසු විපක්ෂ නායකවරයා එම ධුරයේ  බලය ලබාගත යුතු වුවත් එය  කරහැරීම කිසිසේත් අනුමත නොකරන බව උන්වහන්සේ පැවසූහ.

තමන්වහන්සේ ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා අගමැති ධුරය භාරගන්නා ලෙස  විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිය දී ඔහු ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්වන තෙක් එම ධුරය පිළි නොගන්නා බව  පවසන සෝබිත හිමියෝ  ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම හෝ ඔහුගේ බලය අඩු කිරීම ව්‍යවස්ථානුකූළව කළ යුත්තක් බව පවසති.

සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය භාරගත නොහැකි නම් තමන්ගේ පක්ෂයෙක් සුදුස්සෙක් ඒ සඳහා ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටිය ද එයටත් නිසි උත්තරයක් ලබා නොදී කල් මැරූ බවට උන්වහන්සේ චෝදනා කළහ.

රට ගිනිගෙන තිබෙන මේ අවස්ථාවේ නොකෙරෙන හේතු දක්වමින් කල්මැරිය නොහැකි බවත් අභියෝගයට මුහුණ දීම සඳහා ආත්ම ශක්තියක් තිබිය යුතු බවත්  සෝබිත හිමියෝ අවධාරණය කළහ.

හිස ගිනිගෙන ඇති අවස්ථාවක ඇඟිල්ලේ වේදනාව ගැන කතා කිරීමෙන්  පලක් නොවන බවත් උත්සාහ කළ යුත්තේ හිසේ ගින්න නිවා ගැනීමට කටයුතු කිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

විපක්ෂ නායකවරයා ලෙස අභියෝගවලට මුහුණ දීමේ ශක්තියක් තිබිය යුතු බව පවසන උන්වහන්සේ  වර්ථමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එලෙස අභියෝග බාර ගැනීමට ශක්තියක් නැති බව පසුගිය දිනවලදී කළ සාකච්ඡාවලින් පෙනුනේ යැයි  වැඩිදුරටත් කීහ.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් නොවී එම තනතුර අල්ලාගෙන සිටියේ විපක්ෂ නායකවරයා ගැන හොඳින් දැනගෙන විය හැකි බව දැන් පෙනෙන්ට තිබෙන බව පවසන සෝබිත හිමියෝ තමන්වහන්සේලා මේ අර්බුදය විසඳීමට දරන උත්සාහයවත් විපක්ෂය ඒ සඳහා නොදරන බව කීහ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

රනිල් – ජනපති සාකච්ඡාවෙන් පසු මෛත්‍රී කැළඹෙයි…  ස්වාධීන කණ්ඩායමෙන් අගමැති කමට නම් තුනක්…

Next Post

සජබෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් සමග සාකච්ඡා අරඹති…

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist