බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට වැටෙන බව සක්සුදක් සේ දැනගෙන සිටියත් කියන්න කෙනෙක්, අහන්න එකෙක්, කරන්න දෙයක් නැතිව හදවතින් දුක් වින්ද මනුස්සයෙකුගේ ආත්ම කථනය… මදක් නැවතී මහින්ද සිරිවර්ධනගේ කතාව අහලා යන්න…

by editor
ජූනි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනයන් ඊයේ (18) විශ්‍රාම ගියේය. ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස ඔහු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සමුගැනීමේ උත්සවයක් සංවිධානය වී තිබිණි. ඒ උත්සව අවස්ථාවේ මහින්ද සිරිවර්ධන සභාව ඇමතුවේය.

දැන් මේ රටේ බලය වෙනුවෙන් ඒකාරාශී වී ඉන්නා රෙදි නැති විපක්ෂයේ මහත්තුරුත් ඒ මහත්වරුන් වෙනුවෙන් තවමත් දිවා රෑ රහිතව සමාජ මාධ්‍යයන්හි වැලළෙමින් සිටිනා දුක්ඛිත මනුෂ්‍ය ප්‍රජාවත් මේ කතාව අවධාරණයෙන් ඇසිය යුතු බවට යෝජනා කරමි.

මේ ඇසෙමින් තිබුනේ තමන්ගේ රට වැටෙමින් ඇති බව වසර ගණනාවක් තිස්සේ සක්සුදක් සේ පැහැදිලිව දැනගෙන කරන්නට දෙයක් නොමැතිව, කියන්නට කෙනෙක් නැතිව, අසනන්ට බලධාරියෙක් නැතිව හදවතින් හඬා වැටෙමින් සිටි හෘදය සාක්ෂියක් සහිත මනුෂ්‍යයෙකුගේ හදවත අවදි වූ සංවේදී ආකාරය ය.

“අදට හරියටම අවුරුදු 3යි මාස 2යි දවස් 10කට කලින් 2022 අප්‍රේල් 08 වැනිදා මම මහා භාණ්ඩාගාරයේ ලේකම් විදිහට වැඩ භාර ගත්ත දවස මට ඉතාම හොඳින් මතකයි. රට ඉතාම අමාරු තැනක තියෙනකොට තමයි මම මේ තැනට ආවේ.

මම මේ තනතුර බාර ගන්නකොට භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් රුපියල් තිබුණෙත් නෑ. ඩොලර් තිබුණෙත් නෑ. අපි හැමෝම ඒ තත්ත්තවය අත් වින්දා… අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුනා. ඒ නිසාම ජනතා විරෝධ්‍ය මතුවුනා. රටේ ඇතිවුන අරගලයට මෙය ප්‍රධාන හේතුවක් වුනා. අපි ඒ හඬට මුහුණ දෙමින් තමයි මේ වැඩේ පළවෙනි මාසෙදි කරගෙන ගියේ. අවට ජනතාව වීදි බැස තිබුණා. මට ඒ හඬ තවමත් ඇහෙනවා වගේ. මහින්ද සිරිවර්ධන කීවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම ඊට අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා. ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.

මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ. මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ. මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා. නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ. මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ.”

මහින්ද සිරිවර්ධනයන් ඊයේ කළ ඒ සංවේදී කතාව ඔබ සම්පූර්ණයෙන් ඇසිය යුතුය. කරුණාකර ඒ කතාව අසා යන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසමට හසුවූ ජ’පුර ස්නායු රෝග විශේෂඥවරිය වෙනුවෙන් GMOA පෙනී සිටින්නේ නෑ… කූඨ ලේඛන හරහා පලවන ලිපිය සාහසික බොරුවක්… GMOA කියයි!

Next Post

හදිසි අවස්ථාවක් ඇතිවන ඕනෑම මොහොතක ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගන්න සූදානම්… විදේශ ඇමති පාර්ලිමේන්තුවේ දී රටට සහතික වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.