සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට යළි ගිනි නොතබන්නැයි උතුරේ අන්තවාදීන්ගෙන් ඉල්ලන්න දිඹුලාගල හිමිවරු සහ කුරුක්කුරල්වරු පාරට බසිති!

by editor
අගෝස්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් සහ පළාතේ අන්තවාදී  කණ්ඩායම් විසින් රටේ සිංහල, දමිළ,  මුස්ලිම්, ආගමික සහජීවනයට සහ සමගියට සිදුකරන බලපෑම් වහාම නවතා දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරන ඉල්ලීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසට බලකරමින් පොළොන්නරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ දිඹුලාගල ප්‍රදේශයේ හින්දු ආගමික පූජකයින් අද (06)  දහවල් විරෝධතාවයක නිරත වූහ. 

අනාදිමත් කාලයක සිට මෙරටේ සිංහල, දමිළ, මුස්ලිම්, ජනතාව ජාතීන් අතර සමගිය සාමය පතුරුවමින් ආගමික සංහිදියාවද ඇති කරමින් ඒකීය රටක් තුළ ජීවත් වූ බවත්, මේ මොහොතේ උතුරු පළාතේ ඇතැම් දේශපාලකයින් හා අන්තවාදී කණ්ඩායම් රට තුළ යළිත් යුදමය වාතාවරණයක් ඇති  කිරීමට වෛරි අදහස් හා ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්  ආගම් මෙන්ම ජාතීන් අතර භේද භින්න ඇති කිරීමේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතින බවත්  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරී මහනුවර විචිත්‍රාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

උතුරු පළාතට පමණක් වෙනම පාලනයක් සහ බලයක් නොදෙන ලෙසත්, රටේ පළාත් නවය තුළම සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව ඉඩම් සහ මුදල් පොලිස් බලතලවලට ගරු කරමින් එකසේ ජීවත්වන බවත්, වසර 30 ක කුරිරු යුධමය අත්දැකීම් සිහිපත් කරමින් එම තත්ත්වයට යළිත් රට ඇද නොදමන  ලෙසත්  උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් සහ අන්තවාදි කණ්ඩායම්වලින් උන්වහන්සේ ඉල්ලීමක් කළහ,

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන්වහන්සේලා සහ හින්දු පූජකවරුන් විරෝධතාවකින් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මහනුවර විචිත්‍රාලංකාර නා හිමියෝ ඒ බව කීහ.

උතුරු පළාතේ ගරුතර මහා සංඝරත්නයට මෙන්ම බෞද්ධ ජනතාවට නිදහසේ තම ආගමික කටයුතු කිරීමේ අවස්ථාව තිබිය යුතු බවත්, අනෙක් පළාත්වල හින්දු ආගමික කටයුතු කිරීමේදී මුස්ලිම් සහ සිංහල ජනතාව කිසිදු බාධාවක් සිදුනොකරන බවත් පවතින තත්ත්වය මත උතුරු පළාතේ ඇතැම් දේශපාලකයින් සිදුකරන වෛරය ප්‍රකාශ සහ කඩාකප්පල් ක්‍රියා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාවාසිී හේනානිගල චුල්ලපන්තකාලංකාර නාහිමියෝ මාධ්‍ය සාකච්ඡාව අමතමින්  කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාතේ හින්දු කටයුතු ආගමික ප්‍රධානී කුරුක්කල් ශිව ශ්‍රි කේ. දයානන්ද තුමන්  සඳහන් කළේ නැගෙනහිර පළාතේ සිංහල, දමිළ, මුස්ලිම්, ජනතාව ඉතා සමගියෙන් ආගමික සහජීවනයකින්   ජීවත්වන බවය.

උතුරු මැද පළාතේ හින්දු ආගමික නායකයින් මෙන්ම කුරුක්කල්වරුන් සිංහල සහ මුස්ලිම් ජනතාව සමඟ ආගමික සහජීවනය ඇතිකර ගනිමින් සෙසු කටයුතු කිරීමේදී ඒකරාශි වී සියලු ජාතීන් අතර සමගිය ඇති වන පරිදි කටයුතු කරන බවද එතුමෝ කීහ.

උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් මෙන්ම අන්තවාදී කණ්ඩායම්ද රට නැවත වරක් යුධමය වාතාවරණයට රැගෙන නොගොස් සාමය, සංහිඳියාව  ඇති කිරීමට පූර්වාදර්ශය සපයන ලෙස ද එතුමෝ ඉල්ලා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි හතහමාරක ලොතරැයියක් ඇදුන පුද්ගලයෙක් පැහැරගෙන ගිහින්! පොලිසිය සහ STF මැදිහත්ව බේරා ගනි!

Next Post

ජාවාරම්කරුට ජොකියා මාරු වෙලා…  තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන   ස්ථානාධිපතිවරයාට හෙරොයින් විකුණන්න ගිහින්!  .

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.