සූරියවැව නුවන් ජයසේකර –
වැටලීමක් සදහා සිවිල් ඇඳුමකින් සැරසි ගොස් සිටි තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයාටම පුද්ගලයෙකු හෙරොයින් අලෙවි කිරිමට ගොස් අත්අඩංගුවට පත් වු පුවතක් අද (06) අම්බලන්තොටින් වාර්තා විය.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
අම්බලන්තොට හා අවට ප්‍රදේශවල සිදුවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන අම්බලන්තොට ස්ථාන කිහිපයක ස්ථානගතව සිට තිබේ.
එම අවස්ථාවේදි අම්බලන්තොට වලවේ වත්ත පදිංචි හෙරොයින් ජාවාරම් කරුවෙකුට සිය මත් ද්‍රව්‍ය මිළදි ගැනීමට පැමිණි පුද්ගලයා කවුද යන්න සොයා ගැනිමට නොහැකිව වෙස්වලාගෙන සිටි තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වරයා අසලට ගොස් ඔහුට හෙරොයින් අලෙවි කිරීමට සැරසී ඇත.
ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා හා නිළධාරීන් පිරිස විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමබලන්තොට වලවෙවත්ත පදිංචි විවාහක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1280ක් තීබී ඇත.
සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට නිළධාරීන් කණ්ඩායමට හැකිව තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා අම්බලන්තොට පොලිසියට බාර දී ඇත.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවිර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.