බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි හතහමාරක ලොතරැයියක් ඇදුන පුද්ගලයෙක් පැහැරගෙන ගිහින්! පොලිසිය සහ STF මැදිහත්ව බේරා ගනි!

මුදල් තියන තැන අසමින් දින 06ක් රඳවාගෙන වද දීලා... පැහැරගැනිම කළ සැකකරුවන් 04ක් අත් අඩංගුවට...

by editor
අගෝස්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු  බව පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ ඔහුව මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පැහැරගෙන සිරකර සිට ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නැමති පුද්ගලයෙකි.

මොහොමඩ් හසීම්

මොහු සිරකරගෙන සිටියැයි පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටින බවට  විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා   මුදා ගෙන තිබුණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ සිටියදී ගම්පොලින් ගිය සිව් දෙනෙකු ඔහු  පැහැරගෙන මෝටර් රථයක දමා ගෙනැවිත් ගම්පොල ප්‍රදේශයේ    මෙසේ සිර කරගෙන සිට ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබේ.

එම පුද්ගලයා පවසන්නේ ඔහුට දරුණු ලෙස පහර දෙමින්  මුදල් ඉල්ලා සිටි බවය.

දිනුම් ලද මුදල් සඟවා ඇති තැන් අසා පහර දුන් බවත් ඔහු පවසයි.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා හා ප්‍රධාන සැකකරු අතර මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුලක් ඇති බවය.

මෙම පුද්ගලයා ඔවුන් සමග කැමත්තෙන් සිට ඇති බවද පොලිසිය පවසයි.

නමුත් මෙම පුද්ගලයා පවසන්නේ තමාට පහර දී ඔවුන් සමග කැමැත්තෙන් සිටින බවට ලියුමක් ලියා ගත් බවත් එය පොලීසියේ උපදෙස් මත සිදු කළ බව පහර දෙමින් තමාට පැවසූ බවත්ය.

දිනුම් ඇදුනු මුදල ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවද ඔහු සඳහන් කර සිටියි.

පොලිසිය මේ පිළිබඳ සොයා බැලීමේදී එම මුදල් ලබාගත් පුද්ගලයා ජපානයට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ජූලි මස 27 දින දඹුල්ලේ දී පැහැරගෙන රත්මල්කඩුව ප්‍රදේශයට රැගෙන ගොස් දින 6 ක් ප්‍රධාන සැකකරුගේ නිවසේත් ඉතිරි දින කිහිපය ඔහුගේ මස්සිනා ගේ නිවසේත් මොහු තබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ කුරුණෑගල  කෙනෙකු සමග තමා ගනුදෙනු සිදුකර ඇති බවත් ඔහුද මෙම ස්ථානයට පැමිණ රුපියල් කෝටි තුනක් ගත් බවට වැඩි මුදලක් දමා තමා ගෙන් ලියුමක් ගත් බවත්ය.

මෙම සැකකරුවන් ද  තමන් ඔවුන්ට  ලක්ෂ 90ක් ණය වී ඇති  බවට තමාගෙන් ලියුම් ගත් බව ඔහු කීවේය.

මෙම පැහැර ගැනීම පිළිබඳව ගැටළු සහගත තැන් තැන් රැසක් ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුට ගත් සිවුදෙනා අද (6) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳු නැගීම සඳහා අනවසරයෙන් නුවරඑළියේ රක්ෂිතවලට ඇතුළුවීම සපුරා තහනම්….

Next Post

රට යළි ගිනි නොතබන්නැයි උතුරේ අන්තවාදීන්ගෙන් ඉල්ලන්න දිඹුලාගල හිමිවරු සහ කුරුක්කුරල්වරු පාරට බසිති!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.