ශ්‍රීදේවී ඒරියපොළ –
මේ මස 22 වන දින පෙරවරු 11.30 ට රට පුරා සියලු රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (17) අඹන්පොල දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ජිවිත අනතුරේ හෙළන බාල ඖෂධ ගෙන්වීම නතර කරන ලෙසත්, ඖෂධ උපකරණ හා පරීක්ෂණ ද්‍රව්‍ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය කාර්යය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදෙන අතරම දැනට සේවය කරන සෞඛ්‍ය සේවකයින්ට ජීවත්වීමට සරිලන දිරිදීමනා ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සමස්ත ලංකා හෙද සංගමය , සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය, සමස්ත ලංකා රෝහල් ඕවර්සියර් පාලක සංගමය, සමස්ත ලංකා වාට්ටු ලිපිකරු සේවා සංගමය සමස්ත ලංකා දුරකථන ක්‍රියාකරු සංගමය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, මේ උද්ඝෝෂණය සඳහා සහාය වන අතර මෙය එහි ආරම්භක පියවර බව ද ජාතික සංවිධායකවරයා කීවේය.
මෙම සාකච්ඡාවට සමස්ත ලංකා හෙද සංගමයේ උප සභාපති සංජීව මුණසිංහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් යසිත් ඉරංග , කුරුණෑගල ශික්ෂණ රෝහලේ සංගමයේ විධායක සභික ලසන්තා ඥානරත්න සහ ශ්‍යානිකා නුවරපක්ෂ ද සහභාගී වූහ.