සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ විශාලම දෙමළ දේශපාලන සන්ධානය අවුලෙන් අවුලට… කැඩී වෙන්වුන පිරිස් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ජාතික මහා සමුළුවටත් තහනම් නියෝග ගනී!

by editor
පෙබරවාරි 16, 2024
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) විසින් මේ මස 19 වෙනිදා  ත්‍රීකුණාමළයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂයේ  ජාතික සමළුව පැවැත්වීම අත්හිටුවමින් යාපනය හා ත්‍රිකුණාමල අධිකරණ විසින් තහනම් නියෝගයක් 15 දා පනවා තිබේ.

මෙම තහනම් නියෝගය 15 දා සිට දින 14 ක් බලපැවැත්වෙන පරිදි නිකුත් කොට ඇති අතර එම කාලය ඇතුළත ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  නායකයින් ඇතුළු ජෙයෂ්ඨ සාමාජිකයින්ට ප්‍රසිද්ධ සාකච්ඡා පැවැත්වීමද අධිකරණ මගින් තහනම් කොට ඇත.

යාපනයේ හා ත්‍රීකුණාමලයේ පදිංචි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේම ජෙයෂ්ඨ  සාමාජිකයින් දෙපිරිසක් විසින් ත්‍රීකුණාමලය හා යාපනය යන අධිකරණ වලට ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුව එම අධිකරණ විසින් මෙම තහනම් නියෝග පනවා තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීම පිණිස  ඡන්දයක් පැවැත්වීමත් සමගම ඊට අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත් වූ අතර එදින සිට පක්ෂය තුළ විවිධ අර්බුද රැසක් නිර්මාණය වී ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පක්ෂයේ නව නායකත්වයට කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පත් වීමත් සමගම ඔහුට හා ඔහුගේ පාක්ෂිකයින්ට එරෙහිව සෙසු පාක්ෂිකයින් විසින් බොහෝ චෝදනා එල්ල කරමින් පක්ෂය තුළ  විශාල බෙදීමක් ආරම්භ කොට තිබේ.

අනතුරුව පක්ෂයේ මහලේකම් තනතුරට පුද්ගලයෙකු තෝරා ගැනීම පිණිසද ඡන්දයක් පැවැත්වීමට සිදු වූ අතර එම ඡන්දයේ සිදු වූ අක්‍රමිකතා කීපයක් නිසා පත් වූ මහලේකම්වරයා පිලිගැනීමට පක්ෂයේ විශාල පිරිසක් අකැමැත්තක් දක්වූහ. 

මේ අවස්ථාවේදී පක්ෂයේ නව නායකයා  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා හමු වී උපදෙස් ලබා ගැනීමෙන් පසුව වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක්  පවත්වා පක්ෂයේ මහ ලේකම් ධූරය වසරක කාලය බැගින් පුද්ගලයින් දෙදෙනෙකු අතර තට්ටු මාරු ක්‍රමයට  සිදු කිරීමට තීරණය කළ අතර ඊට පක්ෂයේ බොහෝ පිරිසක් එකඟ වී සිටියහ.

මේ මස 19 වෙනිදා ජාතික සමළුව පවත්වා එහිදී මේ කාරණය තහවුරු කිරීමට පක්ෂ නායක ශ්‍රීධරන් මන්ත්‍රීවරයා උත්සහ කිරීමත් සමගම ඊට විරුද්ධ වූ පිරිසක්  යාපනය හා ත්‍රීකුණාමලය අධිකරණ වෙත ගොස් පක්ෂයේ ජාතික සමළුව පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයන් ලබාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පියුමා නාඩගම!

Next Post

වැලන්ටයින් දිනය සමරන්න ස්විස්ටර් ලන්තයේ සිට යාපනයට පැමිණ පෙම්වතිය සමග පෙමින් වෙළී සිටිද්දී යුවල පෙම්වතියගේ සැමියාට අහුවෙලා… සැමියාගෙන් ගුටි කා පෙම්වතා රෝහලේ!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.