සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පියුමා නාඩගම!

by editor
පෙබරවාරි 16, 2024
in පුවත්
පියුමා රටින් පනින්න ගුවන් යානයට නැගීම සඳහා පෝලිමේ ඉන්න හැටි...

පියුමා රටින් පනින්න ගුවන් යානයට නැගීම සඳහා පෝලිමේ ඉන්න හැටි...

Share on FacebookShare on Twitter

සළිඳුගේ සමීපතමයකුවන හපුආරච්චිගේ දොන් පියුම් හස්තික  හෙවත්න පියුමා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඩුබායි සිට ඊයේ (15) මෙරටට රැගෙන ආවේය.

ඔළුවත් සුදු රෙද්දකින් වසා රැගෙන පැමිණි පියුමාව  ගුවන්තොටුපොළේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 226 අංකය දරන ගුවන්යානයෙන් ඩුබායි සිට ඔහුව මෙරටට රැගෙන එන ලද්දේ මුහුණ රෙදි කඩකින් ආවරණය කරගෙනය.

  • පියුමාට ඇති ප්‍රධාන චෝදනාව

කුඩු සළිඳු ඩුබායිහි රැඳී සිටියදී ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුව පාණදුරේදී 2021 වසරේ ජනවාරි 25 වැනිදා මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති ධීවර කාර්මිකයකුට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ගමන් කළ යතුරුපැදිය පැදවූ බවට පොලිසිය හඳුනාගෙන සිටියේ  පියුමාය.

ඒ සම්බන්ධයෙන් පාණදුර පොලිසිය එකල මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඩුබායි බලා පලා යන්නේ එම වසරේ (2021)  පෙබරවාරි 09 වැනිදාය. එන්. 8885214 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රය ඊට පෙර දිනක එක්දින සේවාව යටතේ සකස්කරගෙනය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපට පියුමාගේ ෆොටෝ එකක් ලැබුනේය. ඒ ෆොටෝ එකේ තිබෙන්නේ 2021 පෙබරවාරි 09 වැනිදා පියුමා ඩුබායි යන්නට ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ පෝලිමේ සිටි ආකාරය ය.

පියුමා පමණක් නොව කුඩු සළිඳුත්  රටින් පැන්නාද වඩාගෙන ගොස් රටින් පැන්නුවාද කියා ඒ කාලයේ සැකයක් තිබුණේය.  එහෙම හිතන්නට ඕනෑතරම් හේතුත් තිබුණේය.

  • පියුමා හඳුනා ගෙන අත් අඩංගුවට ගැනීමේ සූදානම

2021 ජනවාරි 25 දා සිදුකළ ඝාතනයට අදාලව  පියුමා  මෙන්ම  වෙඩික්කාර කුලී ඝාතකයා  ද   පාණදුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් හඳුනාගෙන තිබිණි. පානදුරෙන්  ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියදී සැකකරුවන් පානදුරින්  පිටත පොලිස් කොට්ඨාසයක ප්‍රධානියකු හමුවට ගොස් භාරවීමට නියමිතව සිටින බවට තොරතුරු එකල කියැවිණි.

මේ අතර අමුතු දේ සිද්ද වුනේය. වෙනත් පොලිස් කණ්ඩායමක්  ධීවර කාර්මිකයාට වෙඩි තැබූ බව කියන ටී-56 අවියක් පාණදුරේ පිහිටි සුසාන භූමියකින් සොයා ගත්තේය.  තවද  වෙඩික්කරු ගමන් කළේ යැයි කියන යතුරුපැදියක් ද බොල්ගොඩ ගඟේ ගිල්වා තිබියදී ගොඩ ගත්තේය. දැන් විමර්ශන වෙනත් අතකය.  සොයා ගත් ගිනි අවියත් ගිල්වූ යතුරු පැදියත් ගැන අතෝරක් කතාය. සිද්ධිය පසුපස හොඳ දමා වැඩේ මෙහෙයවන  ඉහළ පොලිස් නිලධාරියේ ද සිටි බව කියැවිනි.

අවසානයේ දී හෙළි වන්නේ අපරාධ විමර්ශන වෙනත් අතකට යොමුකළ ඝොෂාව පුස්සක් බවය.  එම ගිනිඅවියත් යතුරුපැදියත් සැබෑ අපරාධයට යොදා ගත් ඒවා නොවන පසුව හෙළි වූයේය.  පොලිස් ලොක්කන් කීප දෙනෙක් සමග  විමර්ශන නොමඟ යැවීමකට ලක්කළ කුඩු සළිඳු  වෙඩික්කරුත් යතුරුපැදිකරුත් රටින් පන්නා ගත්තේය. පියුමා රටින් පනින ඡායාරූපය අපට යළිත් වරක් වැදගත් වන්නේ කුඩුකාර පාතාලය සහ “වැඩකාර” පොලිසිය එක් උස උපන් නිවුන් සහෝදරයන් වාගේම හැසිරෙන අවස්ථා ඇති බව අඟවන්නටය.

  • පියුමා ගුවනින් පනී… වෙඩික්කාර කුලී ඝාතකයා මුහුදෙන් පනී… උන්ව අල්ලන්න ගිය SSP සංජය ඉරසිංහට ඉන්න තැනත් නැතිවිනී

පියුම් හස්තික නමැති යතුරුපැදිකරු ගුවන්තොටුපොළින් රටින් පලා යන විට වෙඩික්කරු පලාගොස් තිබුණේ බෝට්ටුවක නැඟී ඉන්දියාවටය. ඒ අතර මෙම සැකකරුවන් කොටුකර ගැනීමට ලොකු වෙහෙසක් ගනිමින් සිටි පාණදුර කොට්ඨාසය භාරව එකල සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහට ස්ථාන මාරුවීමක් ද ලැබී තිබිණි. එම ස්ථාන මාරුවීමත් සමඟ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශන ඇන හිටියේය. පාණදුර උතුර පොලිස් ස්ථානය මඟින් එම වෙඩි තැබීමට අදාළ විමර්ශන කටයුතු 2023 වසරේ ජුනි 05 වැනිදා පොලිස්පති නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ එය ඒ වන විට නොවිසඳුණු අපරාධයක් ලෙස පැවති බැවින්ය. ඒ අනුව මෙම විමර්ශනය භාර වන්නේ මහජන පැමිණිලි අංශයටය.

  • මහජන පැමිණිල අංශය හෙළි කරගත් කතාව….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය ද සිය විමර්ශන ඔස්සේ හෙළිකර ගනු ලබන්නේ එදා වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූයේ කමරදූව, අරුක්ගොඩ, පාණදුර ලිපිනයේ පදිංචිකරුවකු වන හපුආරච්චිගේ දොන් පියුම් හස්තික බවය.

පාණදුර අධිකරණයේ පාණදුර ම/උ බී 80950/21 විභාග වන එම වෙඩි තැබීමට අදාළ නඩුවේ 08 වැනි සැකකරු වශයෙන් 2023 වසරේ අගෝස්තු 23 වැනිදා නම් කරනු ලබන්නේ මෙම පුද්ගලයාවය. ඒ වන විට මෙම පුද්ගලයා රටින් පලාගොස් සිටි බැවින් ඔහුට එරෙහිව අධිකරණයෙන් රතු වරෙන්තුවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ලබන්නේ 2023 වසරේ නොවැම්බර් 02 වැනිදාය. ජාත්‍යන්තර පොලිසියේ සහාය මඟින් මෙරටට උදර්පනය කිරීමට එම නියෝගය නිකුත් කරනු ලබන්නේ 1030/11-2023 අංකය යටතේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයට 2023 වසරේ ඔක්තෝබර් 31 වැනිදා තවත් අපරාධයක් සම්බන්ධයෙන් ද විමර්ශන පොලිස්පතිවරයා විසින් පවරා ඇත. ඒ 2022 වසරේ ජුනි 29 වැනිදා මොරටුව කටුබැද්ද මංසන්දිය අසලදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සාවුඩ් මොහොමඩ් සම්සාඩ් යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත්වමින් තිබුණු එම ද්විත්ව ඝාතන විමර්ශනයේදී හෙළිවී තිබුණේ එම ද්විත්ව ඝාතනය ද එකල ඩුබායිහි රැඳී සිටි කුඩු සළිඳුගේ දැනුම්දීම මත පියුම් හස්තික ඩුබායි සිට මෙහෙයවා ඇති බවය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2022 වසරේ ඔක්තෝබර් 20 වැනිදා පියුම් හස්තික එම නඩුවේ 05 වැනි සැකකරු ලෙස නම් කර තිබී ඇත. එම නඩුව සම්බන්ධයෙන් ද 2023 වසරේ නොවැම්බර් 02 වැනිදා ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ක්‍රියාත්මක වීමට රතු නිවේදනයක් නිකුත් කර තිබී ඇත.

මීට අමතරව පියුම් හස්තික නමැති මෙම පුද්ගලයාට එරෙහිව හෙරොයින් ග්‍රෑම් 01ට වඩා අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ වරදකට පාණදුර දකුණ පොලිස් ස්ථානය මඟින් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබී ඇත. ඊට අදාළ නඩු කටයුත්තට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2021 වසරේ මාර්තු 18 වෙනිදා විවෘත වරෙන්තුවක් ද ඔහුට එරෙහිව නිකුත්කර තිබී ඇත. මෙම නඩුව නැවත අධිකරණයේ කැඳවීමට නියමිතව ඇත්තේ මෙම වසරේ මැයි 06 වැනිදාය.

2019 වසරේ දෙසැම්බර් 12 වැනිදා ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද මෙම සැකකරු පාණදුර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2019 වසරේ දෙසැම්බර් 13 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ. හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ද පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබී ඇත. 2018 වසරේ අගෝස්තු 31 වැනිදා සිට මාස 03ක කාලයක් ඔහුව පුනරුත්ථාපනය කිරීමක් ද සිදු කර තිබේ.

  • වැඩිදුර තොරතුරු හෙළි වීම

මැඩගස්කරයේ සිට හරක් කටා සමඟ කුඩු සළිඳුව මෙරටට රැගෙන ආ පසු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන කරන විමර්ශනවලදී ද මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. ඒ කුඩු සළිඳුගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදීය. එහිදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව 2022 වසරේ ජූලි 06 වැනිදා සිට 2023 වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා අවස්ථා 53කදී රුපියල් මිලියන 83ක ගනුදෙනු ඒ වනවි ඩුබායි හි සිටි පියුම් හස්තික  සහ කුඩු සලිඳුගේ වැඩිමල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න අතර සිදුවී ඇති බවය.

දැන් පියුමා රටට ගෙනැවිත්ය. ඔලුවේ රෙද්දක් ඔතා පියුමාව රටට ගෙන එන්නට ඉල කැඩෙන මෙහෙයුමක් කර නැති බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේය. ඒ කතා ඉදිරියට කරලියට එනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ළමා අපයෝජන නඩු දෙකක් විසඳෙයි… පාසල් සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් වසර ත්‍රී 17කට රෝද රථ රියදුරෙක් වසර 10කට බරපතල වැඩ ඇතිව හිරේ…

Next Post

රටේ විශාලම දෙමළ දේශපාලන සන්ධානය අවුලෙන් අවුලට… කැඩී වෙන්වුන පිරිස් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ජාතික මහා සමුළුවටත් තහනම් නියෝග ගනී!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.