බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ උරුමය ගැන ලෝකයට කියන අධ්‍යාපන මධ්‍යස්ථානයක් තොරොම්බල් කඩයක් කරන්න යයි…

by editor
ජූනි 15, 2023 - Updated on ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කන්ද උඩරට අවසාන රාජධානියේ ස්පර්ෂිත ප්‍රවේශයන් හෙවත් සාක්ෂි සහිතව අතපතගාන හැකි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිලි ආර්ථික ප්‍රතිලාභ තකා ඩොලර් උපයන වෙළඳ භාණ්ඩ බවට පරිවර්තනය වීම දළදා මාළිගාව හරහා සිදුවෙමින් තිබීම සම්බන්ධව බලවත් විසංවාදයක් ඇති වී තිබේ.

පෞරාණික ගොඩනැගිල්ලක් හෝ භූමියක් දළදා මාළිගාව වෙත පවරා ගැනීම සම්බන්ධව විරෝධතාවයක් මතු කළ නොහැකි සංස්කෘතික බැඳීම් පිළිබඳ සේයාවක් පෙනුන ද දළදා මාළිගාවේ වත්කම් උපයෝගී කරගනිමින් එම උරුමයන් අදාළ බරකින් යුතුව නඩත්තු  කරනවා වෙනුවට ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබීම මේ වනවිට ප්‍රශ්න කළ නොහැකි යථාර්ථයක් වී ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  ඉකුත්දා මහනුවර ඇහැලේපොළ වලව්ව  ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම එහි ආරම්භයකි.

බිසෝ උල්පැන්ගෙය…

මේ වනවිට මාළිගාවේ ඊලඟ අත්පත් කරගැනීම ලෙස පෙනී යන්නේ දළදා මාළිගා  පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සන්තකයේ  ඇති බිසෝ උල්පැන්ගේ ය.

අනතුරුව   රජවාසල මැද වාසල පල්ලේ වාසල සහ මඟුල් මඩුව ද දළදා මාලිගාව වෙත පවරා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙවන් පසුබිමක අද සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක  උල්පැන්ගේ නැරඹීමට ආවේය. අප ඒ අවස්ථාවේ සිටියේ එම අවස්ථාව නිරීක්ෂණය කරමිනි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන   වකවානුව  තුළ බිසෝ උල්පැන් ගෙය  නිර්මාණය වූයේය. එහෙත්  ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද මුල් උල්පැන්ගෙය 1803 දී ඉංග්‍රීසි හමුදාව විසින් ගිනි තබා විනාශ කළේය.    දැනට ඇත්තේ 1825 දී ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් නැවත සැලසුම් කොට සාදවන ලද ගොඩනැගිල්ලය. පසුව ඉංග්‍රීසිහු  මේ ගොඩනැගිල්ල පුස්තකාලයක් ලෙස භාවිත කළහ. තවමත් මේ ගොඩනැගිල්ල ඓතිහාසික තොරතුරු උගත හැකි අධ්‍යාපන  ඒකකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන්නේය.

එය  පාසල් දරුවන්, සරසවි සිසුන්, දැනුම අපේක්ෂිත දෙස් විදෙස්  ගවේෂකයින් වෙනුවෙන් පුරාවිද්‍යාත්ම සහ ඉතිහාස දැනුම බෙදා දෙන අධ්‍යයන කේන්ද්‍රයකි.  අමාත්‍යවරයා බිසෝ උල්පැන්ගේ නැරඹීමට පැමිණියේ දළදා මාළිගාවේ නිලධාරී සමූහයක් සමගය.  ඔහු විමසූ කාරණා කීපයක් තිබිණි.

  1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් උල්පැන්ගෙය නඩත්තු කිරීම් හරිහැටි කළ හැකි ද?
  2. රාත්‍රී 8 පසුවන තුරු මෙම ගොඩනැගිල්ල විවෘතව තැබීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සැලසුමක් තිබේ ද?
  3. මේ ස්ථානය දැනුම්වත් කිරීමේ මධ්‍යස්ථානයක් නම් එම දැනුම ලබා දීම කරන්නේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව ඉල්කක කරගෙන නම් මේ අධ්‍යයන මධ්‍යස්ථානය පවත්වා ගැනීම අපරාධයකි. ඒ දැනුම පුරාවිද්‍යා නිලධාරීන්ට පාසල් වෙත ගොස් ලබා දිය හැකිය.
  4. මේ ගොඩනැගිල්ල කවරෙක් හෝ පවරාගෙන අලුත්වැඩියා කර විදුලි බුබුළු දමා අලංකාරවත්ව සකස් කර ඩොල් උපයන මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කළහොත් ඊට ලබා දිය හැකි සහය කුමක් ද?

දැනට මාස කිහිපයක සිට ජනාධිපතිවරයා ප්‍රමුඛ කොටගත් රැස්වීම්වලදී ද   නුවර බිසෝ උල්පැන්ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගලවා දළදා මාලිගාවට පවරා දීමේ යෝජනා මතුවෙමින් ඇතිවෙමින් තිබිණි.

මුදල් හිඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රුපියල් මිලියන හතරක් යොදවා ඉතිහාසික අධ්‍යාපනය ඒකකයක් ලෙස ස්ථාපිත කළ මෙම අධ්‍යයන කේන්ද්‍රයට   දිනකට දෙස් විදෙස් සිසු සිසුවියන් දසකට ආසන්න සංඛ්‍යාවක්    තොරතුරු ගවේෂණය සඳහා පැමිණෙති.

මේ අධ්‍යාපන කේන්ද්‍රය සිහිවටන සමරු සහිත තොරොම්බල් විකුණන පොළක් බවට පත් කිරීමට නියමිතය.  ඊට සංස්කෘතික ඇමතිවරයා මැදිහත්වන ආකාරය ගැන විමසිල්ලෙන් යුතුව බලාගෙන සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර නාවුක මාර්ගය ලංකාවෙන් දුරස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය විරෝධය පල කරයි!

Next Post

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට රජය තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.